|
අඳුරු වී ඇත ඔබේ හඬ නැති ගුවන අද ජෝති
රිදී තිරයේ දිළෙන තරු වැල් බැබල වූ ජෝති
මැදුරු හා පැල්පතේ කාගෙත් සෙනෙහෙ දිනු ජෝති
තිස්ස කුමාර කෝරාළගේ
අකාලයේ මිලිනව ගියත් ඔබේ නම සදා මතකයේ
නළුවෙක් ලෙසින් කරළියෙ දස්කම් පෙන්වූ
ඩඩ්ලි ගෝමස් ශාන්ත දේශබන්දු නාමයෙන්
නිසල දේහය රැගෙන ඇවිදින්
ජේ. ඩී ගාමිණි ‘කෝපි කඩේ’ දකුණු ආසියාවේ දීර්ඝතම ටෙලි නාට්‍ය ලෙසින් අභිසෙස් ලද ‘කෝපි කඩේ’ ටෙලි නාට්‍ය මාලාව සදා අමරණීය යි. එයට දායක වී අපෙන් සමුගත් කලාකරුවන්ද අපේ සිත් තුළ අමරණීය යි.
පී. ඩී. හර්ෂ විරාජ්
යුගයේ සිත්තරාණෙනි හැත්තෑව අසූව දශකයන්හි සත්සර, සත්සිරි, හීසර වැනි චිත්‍රකතා පත්තරවලට සිතුවම් කරමින් රසික රසිකාවියන්ගේ සිත් වසඟ කළ ගුණපාල ජයලත් නම් යුගයේ සිත්තරාණෙනි ඔබේ හදිසි වියෝව ක්ෂේත්‍රයට වූ විශාල පාඩුවකි. ඔබට නිවන්පුර රුවන් දොරටු විවර වේවා!
සුනිල් ශාන්ත දිසානායක
සිංහල සිනමාව දිනේවා සිංහල සිනමාවේ 69 වසරට ආසිරි. අපේ සිංහල සිනමාව දිනෙන් දින සාර්ථකව දියුණුවට පත්වේවා!
වියානි ගුණවර්ධන
හෝ ගානා පොකුණ විශේෂයි මෑතක සිට ප්‍රදර්ශනය වන සිනමාපට අතරේ ‘හෝ ගානා පොකුණ’ විශේෂිත සිනමා නිර්මාණයකි. ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ අධ්‍යක්ෂණය අගය කළ යුතුමය. ‘හඳයා’ට පසු මාදුටු හොඳම ළමා චිත්‍රපටය ‘හෝ ගානා පොකුණයි’.
කල්‍යාණ ජයනෙත්ති
රුක්මණිය මිස අන් කවරෙක්ද? රූපශ්‍රීයෙන් ද රංගනයෙන් ද ගායනයෙන්ද අගතැන්පත් සිංහල කලා ලොවේ එකම රැජන රුක්මණී දේවය විනා අන් කවරෙක්ද?
සුනිල් චන්ද්‍රසේකර
සරසවිය සම්මාන උලෙළට කටයුතු යෙදුවාට තුති මීට වසර කිහිපයකට පෙර දක්වාම සරසවිය සහ ජනාධිපති සම්මාන උලෙළ පැවැත්විණි. කර්මාන්තයේ දියුණුවට එයින් වූ සේවය අප්‍රමාණය. නැවතත් සරසවිය සම්මාන උලෙළ පවත්වන්නට කටයුතු යෙදූ සියල්ලන්ටම මාගේ ප්‍රණාමය.
දිනේෂ් ගුණසේකර
හෙළයේ මහා ගාන්ධර්වයාණන් කළ මෙහෙවර ඇගයේ මෙරට සංගීත ක්ෂේත්‍රයට දැවැන්ත මෙහෙයක් ඉටුකළ හෙළයේ මහා ගාන්ධර්වයාණන් නමින් සංගීත අසපුවක් පිහිටුවීමට පියවර ගැනීම සම්බන්ධයෙන් අපේ ප්‍රණාමය.
අතුල රම්‍යසිරි
අබිලිං නැති කෝපි කඩේ පාළුයි චන්ද්‍රසිරි කොඩිතුවක්කු ‘අබිලිං’ ලෙසින් කෝපි කඩේ ටෙලි නාට්‍ය මාලාව පුරාවට කළ රංගනය අපට කිසිදා අමතක නොවේ. අද ඔබ නැති කෝපි කඩේ පාළුව කියා නිමකළ නොහැකිය.
අයිලීන් සෝවිස් අඟර දඟර රඟපෑම කැතයි දිනපතා ජාතික රූපවාහිනියෙන් විකාශනය වන ‘ළබැඳියේ’ ටෙලි නාට්‍යයේ පොලිස් ස්ථානාධිපති තේමියගේ නිල නිවසේ සේවය කරන සුලලිතගේ අඟර දඟර රංගන විලාශය පමණ ඉක්මවා යන්නකි. ඇඹරි ඇඹරී කරන රඟපෑම ඇත්තම කැතයි.
තිලකරත්න විල්වල
හිරුට බැතිබර ප්‍රණාමය දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණ වන පරිදි ශ්‍රාවකයන් ඒකරාශිකර දැවැන්න වන්දනා ගමන වන හිරු සිරිපා කරුණා වන්දනා ගමන වෙනුවෙන් මඟ සකසා නොමඳ දායකත්වය ලබාදෙන හිරු එෆ්. එම් ගුවන්විදුලි සේවයට ශ්‍රාවක අපේ බැතිබර ප්‍රණාමය.
එච්. ඉන්ද්‍රපාල
සදා අමරණීය විජය යුගයක් ඒකාලෝකකර ජීවිත රඟමඬලින් සමුගෙන ගිය රසික හදවත් තුළ සදාතනික මතක තැබූ එදත් අදත් හෙටත් හෙළ සිනමාවේ සදාතනික රංගන පෞරුෂය, ගායනයෙන් රසික හදවත් වසඟ කළ විජය ඔබ සදා අමරණීය යි.
චතුරංග සම්පත්
පවුලේ සැමට ‘දෝණි’ අද කාලයේ විකාශයවන ඇතැම් ටෙලි නිර්මාණවල කිසිම හරයක් ඇත්තේ නැහැ. ඒ අතරට හිරු නාලිකාවෙන් විකාශයවන හඬ කවන ලද ‘දෝණි’ ටෙලි සිත්තම පවුලේ සැමට එකට හිඳගෙන නැරඹිය යුතු ටෙලි නාට්‍යයකි. එහි හඬකවන ලද ශිල්පීන්ට සුබ පැතුම්.
සරත් සේනාධීර
හාස්‍ය නැති සබ්බ සකලමනා එදා ජෝ අබේවික්‍රම, ෆ්‍රෙඩී සිල්වා, බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ වැනි ශිල්පීන් වේදිකාවෙන්, චිත්‍රපටයෙන් වගේම ටෙලි නාට්‍යයෙන් ගෙන ආ නියම හාස්‍ය මෙදා සබ්බ සකලමනා ටෙලි නාට්‍යයෙන් විනාශකර දමා ඇත.
සුනිමාලි ගෝමස්
ළමා මනසට දැනෙන සමනලයෝ විශාරද එඩ්වඩ් ජයකොඩි පුංචි දරුවන් වෙනුවෙන් වෙනුවෙන් ගයන නවතම ගීතය ‘සමනලයෝ’ ළමා මනසට හොඳන් දැනෙන සාර්ථක ගීතයකි. ඒ වෙනුවෙන් එඩ්වඩ් ජයකොඩි ඔබට මල් මිටක්.
නීටා මාසලින් ඇතුළු පවුලේ සැම ‘සිංග මචං වාලි’ චිත්‍රපටයේ ටෙනිසන් කුරේගේ චරිතය ආරම්භයේ සිට අවසානය දක්වා ඉතාම හොඳින් නිරූපණය කරනවා. මීට පෙර රඟපෑ චරිතවලට වඩා බොහෝ සෙයින් වෙනස්ව කරන එම රංගනය ප්‍රේක්ෂකයා තුල ජීවත් වේ. හඳුන්වා දෙන නිළි කවීෂා කාවින්දි ගැනත් බලාපොරොත්තු තබාගත හැකියි.
ඇල්. ඇම් ප්‍රේමස්න පෙරේරා
සරත් දසනායක නමට මාවතක් ඕනෑ ස්වර්ණමය යුගයක සිංහල සංගීතයට මියුරු ස්වරය මුසුකළ ප්‍රවීණ සංගීතවේදී සරත් දසනායක හෙළ සංගීත ක්ෂේත්‍රයට කළ මෙහෙවර උදෙසා ඔහු ජීවත්ව සිටි කොළඹ 05, පයිප් පාර සරත් දසනායක මාවත නමින් නම් කරන ලෙස වෙළෙඳ සේවයේ රසික සංසදය ඉල්ලා සිටියි.
සමන් ගාල්ලගේ
ප්‍රතිචාර සඳහා නවතම අංකයක් 0719538072 |