|
|
වයිෆ් සෙකට්‍රි
කොහෙන්ද හැබෑටම ඒ වගේ සෙකට්‍රිලා හොයා ගන්නේ. කෙසේ වෙතත් මෙයා මිහිර ලඟ සෙකට්‍රි වැඩේ කරන්නත් කලින් ඉඳන් ඉන්නවලු. අහගන්නකො දැන් මිහිරගෙ අලුත්ම සෙකට්‍රි කවුද කියලා. ඔහුගේම බිරිය වූ ගීතිකා තමයි මිහිරගේ සෙකට්‍රි. මේ ඊයේ පෙරේදො ඉඳලා තමයි ඇය මෙහෙම මිහිරගේ සෙකට්‍රි වුණේ. මිහිරට එන්න එන්නම වැඩ වැඩි වුණා. ඊට පස්සේ අමතක වෙන්න පටන් ගත්තා. බැරිම තැන ගීතිකා තීරණය කළා මිහිරගේ සෙකට්‍රි වෙන්න. දැන් හරි. මිහිරට යම් කිසා වැඩකට කෝල් කළොත් එහා පැත්තෙ ඉන්න බිරියට ටක් ගාලා කියනවා. ඇය තමයි එය ලියා ගන්නේ. |




මිහිර සිරිතිලක තමන්ගේ වැඩ ටික මැනේජ් කරගන්න සෙකට්‍රි කෙනෙක්ව බඳවගෙන. ඉතින් ඒ
හින්දා ඔහුගේ කාර්යබහුල ජීවිතයට මහත් වූ අස්වැසිල්ලක් වෙලා. මිහිරගේ වේදිකා නාට්‍ය
කටයුතු, ටෙලි නාට්‍ය සහ චිත්‍රපට රංගන කටයුතුවලට අදාල දිනයන් ඇය විසින් තමයි ලියා
ගන්නේ. කොපමණ වැඩ කළත් මිහිර මේ සෙකට්‍රිට සත පහක මුදලක් දෙන්නේ නැතිලු. හැබැයි
ෂොපිං කරන්න එක්කගෙන යනවලු. කන්න අඳින්න දේවල් දෙනවලු.