|
කුංෆු පැන්ඩා 3ට ඉහල ආදායම්
ජනවාරියේ අවසාන සති අන්තය සාමාන්‍යයෙන් පරිගණක සජීවීකරණ චිත්‍රපටවලට එතරම් සුබ කාලයක් නොවන බවයි සැළකෙන්නේ. එත් පසුගිය 29 වනදා සිට (ඇමෙරිකාවේ) තිරගත වීම ඇරඹි කුංෆු පැන්ඩා 3 චිත්‍රපටය මේ තත්ත්වය වෙනස් කර තිබෙන බව ආරංචියි. 20th century Fox විසින් බෙදා හැරෙන, Dream Works Studios විසින් නිර්මාණය කෙරුණු කුංෆු පැන්ඩා 3 පසුගිය සති අන්තයේ ඇ.ඩො.මිලියන 41 ක ආදායමක් වාර්තා කර තිබෙනවා. මේ චිත්‍රපටය ජනවාරි මාසයේ නිකුත් වීම නිසා වාසි කිහිපයක් ලබා ගන්නා බවත් සමහරෙක් අදහස් කරනවා. පළමුවැන්න, මීළඟ පරිගණක සජීවීකරණ පවුලේ චිත්‍රපටය (ඩිස්නි ආයතනය විසින් නිර්මිත සුටෝපියා) මාර්තු මාසය තරම් ඈත කාලයක් තිරගත වීමයි. දෙවන්න, චීන අලුත් අවුරුද්ද වන පෙබරවාරි 8 වැනිසා ආසන්නයේ තිරගත කිරීම ආරම්භ කිරීමයි. කෙසේ නමුත්, කුංෆු පැන්ඩා 1 (2008) සහ කුන්ෆු පැන්ඩා 2 (2011) චිත්‍ර පට ද ඉතා ඉහල ආදායම් සහ විචාරක පැසසුම් ලැබූ සාර්ථක නිර්මාණ වු බව අමතක නොකළ යුතුයි.
බග්ස් බනී සහ ඩෆී ඩක් සමුගනී
මේ හොලිවුඩයේ අසුබ කාලයක් දැයි සැක සහිතයි. කිසිදින තිරයේ නොදුටු එහෙත් පරම්පරා ගණනාවක් තිස්සේ ජනාදරයට පාත්‍ර හඬ කැවීම් ශිල්පියෙකු වන ජෝ ඇලස්කි පසුගිය 3 වනදා (බදාදා) මෙලොවින් සමු ගත්තා. සුප්‍රසිද්ධ ලූනි ටූන්ස් කාටූන් වැඩසටහන් මාලාවේ බග්ස් බනී සහ ඩෆී ඩක් යන චරිත දෙකටම හඬ කැවූ ජෝ මිය යන විට 63 වන වියෙහි පසු වුණා. ට්වීටි, සිල්වෙස්ටර්, මාවින් සහ මාටියන් යන චරිතද ජෝ ගේ හඬින් ජීවය ලැබුවා. ජෝට පෙර මෙම චරිත වලට හඬක් වූයේ මේල් බ්ලෑන්ක් නම් ශිල්පියා වන අතර ඔහු 1989 දී මිය ගියා. කාටූන් චරිත හඬ කැවීම් වලට පමණක් සීමා නොවුණු ජෝ චිත්‍රපටයන්හි නළුවන්ගේ චරිත වලට ද හඬෙන් දායක වුනා. 2004 වසරේදී ‘ඩක් රොජර්ස්’ නම් චරිතයේ හඬ කැවීම සඳහා ‘ඩේ ටයිම් එමී අවෝඩ්’ සම්මානයක් ලත් ජෝ හාස්යීත්පාදක ශිල්පියෙකු ලෙසද ප්‍රසිද්ධියක් උසුලනවා.
ටේලර් ස්විෆ්ට් වීඩියෝ කී‍්‍රඩාවක්
ජනපි‍්‍රය හොලිවුඩ් නිළියක් සහ ගායිකාවක් වන ටේලර් ස්විෆ්ට් අලුත්ම වැඩකට ඇත ගසා ඇති බව හොලිවුඩ් ආරංචි මාර්ග පවසනවා. ඒ ‘ග්ලූ මොබයිල්’ නම් ආයතනය සමඟ නිර්මාණය කෙරෙන වීඩියෝ කී‍්‍රඩාවක්. ග්ලූ මොබයිල් මීට පෙරත්, කිම් කාඩෙෂියන් සමඟ නිර්මාණය කළ වීඩියෝ කී‍්‍රඩාවෙන් සාර්ථක ආදායම් මෙන්ම නමක් දිනාගෙන සිටිනවා. කෙසේ නමුත් ස්විෆ්ට් පෙනී සිටින වීඩියෝ කී‍්‍රඩාව ඉහත කී‍්‍රඩාවෙන් වෙනස් වන බවයි පැවසෙන්නේ. “ටේලර් සහ ඇයගේ පාඨක සමූහය නැවුම් සහ බොහෝ වෙනස් ආකාරයේ මොබයිල් කී‍්‍රඩාවක් බලාපොරොත්තු වන බව අපිට තේරෙනවා. මින් පෙර නොවූ විරූ කී‍්‍රඩා අත්දැකීමක් පාඨකයින්ට ලබා දීමට අප කැපවී සිටිනවා.” මෙසේ පවසන්නේ ග්ලූ මොබයිල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී නිකලෝ ඩේ මාසි යි.
සෙලීනා ඉදිරියෙන්
නික්ලෝඩියන් කිඩ්ස් සම්මාන උලෙළ ලබන මාර්තු 12 වැනිදා ලොස් ඇන්ජලීස් සිට විකාශය කරන්න සූදානම්. මෙවර එහි සම්මාන නිර්දේශ වැඩිම සංඛ්‍යාවකට හිමිකම් කියන්න සෙලීනා ගෝමස් සමත් වෙලා. මෙවරත් ඇය ජනපි‍්‍රයම ගායිකාව, පරිගණක සජීවකරණ චිත්‍රපටවල ජනපි‍්‍රයම හඬ, ජනපි‍්‍රයම ගීතය සඳහා නිර්දේශවී සිටිනවා. ජස්ටින් බීබර්, ටේලර් ස්විෆ්ට්, ඔස්ටින් ඇන්ඩ් ඇලි 2016 වසරේ නික්ලෝඩියන් කිඩ්ස් සම්මාන උලෙළේ නිදේශ තුනකට හිමිකම් කියනවා. සෙලීනාට සිය ජනපි‍්‍රයත්වය නිසා මෙතෙක් හිමිවී ඇති නික්ලෝඩියන් සම්මාන ගණන නවයක්. සම්මාන දහයකින් පිදුම් ලද විල් ස්මිත් පළමු ස්ථානයේ පසු වෙනවා. හොලිවුඩයෙන් ආරංචි වෙන්නේ සෙලීනා මේ සම්මාන ති්රත්වයටම හිමිකම් කියනු ඇති බවයි. එමෙන්ම මෙහිදී ජනපි‍්‍රයම චිත්‍රපටය, පරිගණක සජීවකරණ චිත්‍රපටය, නළුවා, නිළිය, ගායිකාව, ගායකයා, ගීතය, සංගීත කණ්ඩායම, රූපවාහිනි වැඩසටහන ආදි වශයෙන් සම්මාන රැසක් පිරි නැමීමට නියමිතයි. මෙවර පැවැත්වෙන්නේ 29 වැනි සම්මාන උලෙළයි.
ඩේවිඩ් බෝවිට, ලේඩි ගගා ගෙන් උපහාර
සුප්‍රසිද්ධ ගායකයෙක්, රංගන ශිල්පියෙක්, සංගීතඥයෙක් සහ චිත්‍රශිල්පියෙක් වූ ඩේවිඩ් බෝවී දිගු කලක් පිළිකාවකින් පීඩා විඳ පසුගිය ජනවාරි 10 වනදා මෙලොවින් සමු ගත්තා. මෙම මස 15 වනදා පැවැත්වීමට නියමිත ග්‍රැමී අවෝඩ්ස් 2016 සිනමා උලෙළේදී ඔහුට විශේෂ ගෞරවයක් පිරිනැමීමට නියමිතයි. එහිදී ඔහු හා ලේඩි ගගා විසින් ගීතයක් ගැයීමට කටයුතු යොදා තිබුණද ඩේවිඩ් ගේ මරණය හේතුවෙන් එම තත්ත්වය වෙනස් වී තිබෙන බවයි පැවසෙන්නේ. මේ නිසා 15 වැනිදා ලේඩි ගගා සහ ඩේවිඩ් බෝවීගේ සගයකු වූ නයිල් රොජර්ස් විසින් ඩේවිඩ් සැමරීම සඳහා ගීතයක් ගැයීමට සූදානම්. මෙම උලෙළේදී ඔවුන් දෙදෙනාට අමතරව ඇඩ්ලේ, ජස්ටින් බීබර්, එලී ගොල්ඩින්, කෙන්ඩ්‍රික් ලමා, ලිටල් බිග් ටවුන්, චාරී අන්ඩර්වුඩ් සහ ද වීක්න්ඩ් යන කණ්ඩායම්ද කලා අංග ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙවර 58 වන ග්‍රැමී අවෝඩ්ස් සිනමා උලෙළ වන ලොස් ඇන්ජලීස් හි ස්ටේපල්ස් සෙන්ටර් හිදී පැවැත්වෙනු ඇත.
|