වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 11 වැනිදා බ්‍රහස්පතින්දා




මේ සතියේ බලනවා නම් චිත්‍රපට

මේ සතියේ බලනවා නම් චිත්‍රපට

ත්‍රාසයෙන් පිරි KARAYORAM

තම දියණිය මියගිය සොවින් පෙළෙන භීෂණයේ තනිව දිවි ගෙවන කාන්තාවක වටා ගෙතුණ කතා පුවතකි.

ත්‍රාසය, භීතිය, සංත්‍රාසය රැගත් චිත්‍රපට නරඹන්නට කැමැති ප්‍රේක්ෂකයන්ට ගැළපෙන චිත්‍රපටයකි කරයිඕරම්.

ජගදීශ් කුමාර අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටයයි. එය කන්නඩි බසින් මෙන්ම තෙළඟු බසින් ද නිර්මාණය විය.

නිකේෂ් පටෙල්, ඉනියා, වයිස්තා, අරුණ් ගනේෂ් ප්‍රසාද්, සුනිල් ෂෙට්ටි, සිම්රාන්, එම්. එස්. බාස්කර්, මනෝබාලා, සින්ගම්පුලි සමඟ රාධා රවී රඟන කරයෝරම් සුජිත් ෂෙට්ටි සංගීතවත් කර ඇත.

සල්ලි ද ජීවිතය RESTRIBUTION

බැංකුවක විධායක නිලධාරියකුට ලැබෙන එක් දුරකතන ඇමතුමකි. ඉදිරි පැය කිහිපය ඇතුළත ඔහු මුදලක් සැපයිය යුතුය. නැත්නම් බෝම්බ පිපිරෙයි.

ස්පාඤ්ඤ සිනමාපටයක් වන රෙස්ටිබියුෂන් සිනමා ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් වනු ඇත.

ලුයිස් ටොසර්, ශාවියර් ගුටිරෙශ්, එල්විරා මන්ගුයස්, ෆර්නැන්ඩෝ කායෝ, ගොයි ටොලේඩෝ සමඟ පවුලා ඩෙල් රෝ රඟන රෙස්ටිබුයුෂන් ඩැනී ඩ් ලා ටොරෝ අධ්‍යක්ෂණය කරන ලදී.

සැබෑ මිනිසකුගේ කතාවක් AIRLIFT

1990 දී ක්වේට් රාජ්‍යය ඉරාකය විසින් ආක්‍රමණය කරද්දී එහි සිරගත වූ ඉන්දියානුවන් රැසක් බේර ගත් රංජිත් කතිගල්ගේ වීර ක්‍රියාව පාදක කර ගනිමින් තැනුණ ජනප්‍රිය හින්දි නළු ආක්ෂේ කුමාර් රඟන එයාර් ලිස්ට් අතිශ්‍ය ජනප්‍රිය චිත්‍රපටයකි.

රන්ජිත් කට්යාල් නම් ප්‍රකට ඉන්දීය ව්‍යාපාරිකයාගේ චරිතයට ආක්ෂේ කුමාර් පණ පොවන අතර ක්වේට් රාජ්‍යයේ දින 59 ක තුළදී ගුවන් යානා 488 මඟින් එක්ලක්ෂ හැත්තෑ දහසක් වූ අතරමං වන ඉන්දීය ජාතිකයන්ට ක්වේටයේ සිට පිටමං කරනු ලැබූ කතා පුවතක් එයාර් ලිස්ට් සඳහා පාදක වී ඇත.

ක්ෂේ කුමාර් සමඟ නිම්රාට් කාවුර්, ෆර්යානා වශීර් රංගනයනේ දායක වන එයාර් ලිෆ්ට් රාජා ක්‍රිෂ්ණ මෙනන් ගේ අධ්‍යක්ෂණයකි.

කම්බිය දිගේ THE WALK

සත්‍ය කතාවක් පාදක කර ගනිමින් තිරයට පැමිණ ඇති ද වෝක් අමෙරිකානු ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ කුලුනු හරහා කම්බියක් ඇද ඒ මතින් ගමන් කළ පිලිප් පෙටිගේ චරිතය පදනම් කරගෙන තනා ඇත.

ජෝශප් ගෝර්ඩන්, ලෙවිට්, බෙන් කිංග්ස්ලි, චාර්ලට් ලි බොන්, ජේමිස් බැඩ්ජ් ඩෙල් සමඟ නතාලි තිඩෝල්ට් රංගනයෙන් දායක වී ඇති ද වෝක් සම්මානනීය සිනමාකරු රොබට්ි සේමෙකිස් ගේ අධ්‍යක්ෂණයකි.

නිවුන් සොහොයුරන්ගේ අපරාධ LEGEND

තවත් සත්‍ය කතාවක් පාදක කර ගනිමින් තනා ඇති ලෙජන්ඩ් 1960 දශකයේ එංගලන්තයේ ලන්ඩන් නගරයේ සිදු වූ පුවතක් ඇසුරෙන් තිර රචනය සකසා ඇත. රෙජී සහ රොනී යන ක්‍රේ නම් නිවුන් සහෝදරවරුන් දෙදෙනකුගේ දාමරික ජීවිතය මෙයට පාදක වේ.

ප්‍රවීණ නළු ටොම් හාඩි ද්විත්ව චරිත රංගනයෙන් එක්වන මෙහි එමලි බ්‍රවුනින්ස්, ඩේවිඩ් ඩුෆී, ක්‍රිස්ටෝපර් එකියුලෙස්ටන් රංගනයෙන් දායක වී ඇත.

ලෙජන්ඩ් බ්‍රයන් හෙල්ගේලන්ඩ්ගේ අධ්‍යක්ෂණයකි.

අද්භූත බලවේග සමඟ THE VEIL

බිහිසුණු සහ ත්‍රාසජනක පුවත් නැරඹීමට කැමති රසිකයනට තවත් එවැනි අපූරු අත්දැකීමක් ලබා ගත හැකි චිත්‍රපටයකි ද වේල්.

ජෙසිකා ඇල්බා, ලිලි රචේ, තෝමස් ජේන්, ෂැනෝන් වුඩ්වර්ඩ්, රේඩ් ස්කොට්, ඇලෙස්කා පලඩිනී, ලෙනි ජාකොබ්සන්, අයිවි ජෝර්ජ්, ජැක් ඩි සෙනා, සනෝරා රොස්කෝ, මේගන් වෝනර් සමඟ චෙල්සියා ග්‍රාන්ට් රඟන ද වේල් පිල් ජානුට්ගේ අධ්‍යක්ෂණයකි.

රස වින්දනයට CLEAN HANDS

ෆෙඩ්රික් බාෘම්, පෝල් කයිරෝ, ජෙනි ඩික්ලේයාර්, නිනෝ ඩෙන් බ්‍රේට් සමඟ මාර්ෂල් ෆාබර් රඟන ක්ලීන් හෑන්ඩ්ස් හොඳ රස වින්දනයකට සුදුසු චිත්‍රපටයකි.

මෙය ට්රූඩි ඩි ජොන්ග් ගේ අධ්‍යක්ෂණයකි.

ගුරුවරයකුගේ සිට ඝාතකයකු දක්වා KILL KANE

තම දරු පවුල විනාශ කර දැමූ ඝාතකයන් පසුපස ලුහුබඳින ගුරුවරයකු වටා ගෙතුණ කිලි කේන් මිනිත්තු 74 ක් වැනි කෙටි කලක් ඇතුළත කියාපන්නකි.

ටිනි ජෝන්ස්, සීන් ක්‍රෝනින්, නිකෝල් ෆ්‍රාඩේ, සාරා ඇලෙක්සැන්ඩ්‍රා මාර්ක්ස්, සෙබස්තියන් ස්ප්‍රීට්, ලී බෙන්, ඩැන් රිචඩ්සන්, කෝනෝර් බොරු සමග ජෙරාඩ් මෝර්ගන් කිල් කේන් සඳහා රංගනයෙන් දායක වී ඇත.

මෙය ඇඩම් ස්ටෙපන් කෙලීගේ අධ්‍යක්ෂණයකි.

සිත සසල කරවන අපූරු චිත්‍රපටය THE SILENT HEROES

බිහිරි ළමුන් දහතුන් දෙනකු සමඟ කළ අපූර්ව සිනමා අත්දැකීමකි ද සයිලන්ට හීරෝස් හින්දි චිත්‍රපටය.

ටරුන් බගත්, ජයදීප් වොට්, ප්‍රකාර් එමෝල්, නිකල් බහර්නට් ඇතුළු බිහිරි නවක ළමා නළු නිළියන් සමඟ මදුනුප් භාරද්වාද්, ප්‍රියංකා පංචාල්, ස්ම්රාන් දීප්, මාන් බග්ගා සමඟ රාජ් ගියරෝලා රංගනයෙන් දායක වී ඇති ද සයිලන්ට් හීරෝස් තිර රචනය ආචාර්ය පියෝජි රවුවෙලා, රිවුරාජ් පහාට් සමඟ මහේෂ් භාත් ලියා ඇත.

රාහුල් මිගහාරා ගීත රචනයෙන් සහ සංගීත නිර්මාණයෙන් දායක වී ඇති මෙහි පසුබිම් සංගීතය අශිෂ් ජා ගෙනි. ආලෝක් සිං සංස්කරණය කර ඇති ද සයිලන්ට් හීරෝස් කමල් බිරානි සමඟ මහේෂ් බහාට් නිෂ්පාදනය කර ඇත.

මෙහි කතාව සහ අධ්‍යක්ෂණය මහේෂ් භාත්ගෙනි.