|
ජනප්‍රිය වෙන්න මට කිසි හදිස්සියක් නැහැ
අලුත්ම සිංහ සීවළී තිළිණි මධුවන්ති
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍යයේ සිංහ සීවලී චරිතයට පණ
පොවන්නට ලැබීම රංගන ශිල්පිණියකට ඉතා සුවිශේෂී අවස්ථාවකි. එමන්ම එවන් වූ චරිතයක්
කෙනෙකුට හිමිවීමට යම් වාසනාවක් ද තිබිය යුතුය. තිළිණි මධුවන්ති යනු එක්තරා අයුරකින්
සැබෑම වාසනාවන්තියකි’. වර්තමානයේදී වේදිකා ගතවන සිංහබාහු හි ඇය සිංහසීවළීය. තිළිණි
රංගනයට අත්පොත් තැබුවේ ද සිංහසීවළීට පණ පොවමිනි. මේ වන විට වේදිකා රංගන ශිල්පිණියක්
ලෙස කටයුතු කරන තිළිණි, නිමල් ඒකනායකගේ සොක්‍රටීස් වේදිකා නාට්‍යයේද ප්‍රධාන
භූමිකාවක් පණ පොවනු ලබයි. තිළිණි ඔබ ගැන කෙටි විස්තරයක් පවසමින් මේ කතාවට ප්‍රවේශයක් ගනිමු? හොඳයි. මගේ ගම පොළොන්නරුව. වෙහෙරගල මහ විදුහලෙන් තමයි අධ්‍යාපනය ලැබුවේ. මේ වන විට මං සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ තෙවැනි වසරේ ශිෂ්‍යාවක්. නර්තන හා නාට්‍ය කලාව පිළිබඳවයි මං හදාරන්නේ. කොහොමද ඔබ සිංහබාහු හා එකතු වන්නේ? ප්‍රසන්නජිත් අබේසූරිය සර් මට රංගන කුසලාතාවයක් තිබෙන බව දැනගෙන හිටියා. එහෙයින් ඔහු මාව එක් කරගෙන ගියා ලලිතා සරච්චන්ද්‍ර මැඩම් ගාවට. මැඩම් තමයි මට සිංහබාහු සඳහා අවස්ථාව දුන්නේ. ඔබට හාපුරා කියලා ලැබුණේ ඓතිහාසික චරිතයක්? ඔව්, මට හිතාගන්නවත් බැහැ. මං රිහසල්වලට හරිම අඩුවෙනුයි දායක වුණේ. මට ගායන හැකියාවක් තියෙන නිසා චරිතයට පණ පොවන්න ලෙහෙසි වුණා.
මත මොකද නැත්තේ. ෂෝ එක තිබුණේ ඇඹිලිපිටියේ. පපුව ටිකක් ගැහුණා. නමුත් මං එදා හොඳින් කළා. ඩයලොග් එකක්වත් වැරදුණේ නැහැ. එදා මට ගොඩක් අය සුබපැතුවා. ඔබේ දෙවැනි නාට්‍ය වන සොකට්‍රීස් ගැන කතා කළොත්? මට එහි අධ්‍යක්ෂ නිමල් ඒකනායක මහත්තයාත් අඳුන්වලා දුන්නේ ප්‍රසන්ජිත් සර්. මං සොක්‍රටීස් රඟපාන්නේ ගොළු බිරියගේ චරිතය. ඒකත් මගේ රංගන ජීවිතයේ සුවිශේෂී අවස්ථාවක්. මොකද සොක්‍රටීස් කියන්නෙත් හොඳ නාට්‍යයක්නේ. මං එහි රඟපෑ පළමු දර්ශන වාරය කවදාවත් අමතක වෙන්නත් නැහැ. ඒ මොකද? මට එදා හොඳටම සනීප නැහැ. කතා කර ගන්නත් බැරුව හිටියේ. ඒත් බෙහෙත් අරන් මං කොහොම හරි රඟපෑවා. මොනවද ඔබව ඉදිරියේදී දක්නට හැකි වේදිකා නාට්‍ය? මනමේ, කදාවළලු සහ ගිරිකූට කාශ්‍යප යන නාට්‍යවල මේ දිනවල රිහසල්. ඒවා ඔස්සේ මාව දැක බලා ගත හැකියි. ඔබ ඇයි වේදිකාවට මෙතරම් පෙම් බඳින්නේ? මට හොඳ චරිත වැඩිපුරම ලැබුණේ වේදිකා නාට්‍යවලින්. අනික රංගන ශිල්පිණියක් විසින් කවදාවත් එපා කියන්නට බැරි චරිත මට ලැබුණා. ඉතින් කොහාමද මං ඒවා එපා කියන්නේ. වේදිකා නිළියක් වන්නට හැමෝටම බැහැ. ඒකට වාසනාව තිබිය යුතුයි. ඔබ ටෙලි නාට්‍යවල රඟපෑවෙම නැතිද? රඟපෑවා. ඒ ෆේස්බුක් නාට්‍යයේ. ඊට පසුව ඇරැයුම් ලැබුණේ නැද්ද ටෙලි නාට්‍ය සඳහා? ලැබුණා. එත් මට ගැළපෙන චරිත එතන තිබුණේ නැහැ. ඔබ රංගනයේ යෙදන්නේ තෝරා බේරාගෙන වගෙයි? ඔව්. එහෙම වෙන්න එපායැ. මෙගා නාට්‍යවලට ඔබේ ඇති රුචිකත්වය කෙබඳුද? මං කැමැතියි මෙගා නාට්‍යවලට. ඒත් හොඳ වෙන්න ඕනෑ. මෙගාවල රඟපාන අය ඉක්මනින් ජනප්‍රිය වෙනවනෙ.
කෙදිනක හෝ ජනප්‍රියත්වය මා කරා එනවා කියලා මං දන්නවා. ඒ වෙනකම් ඉවසගෙන ඉන්නවා. කවුරුත් කැමැතියිනේ ජනප්‍රිය වෙන්න. නමුත් ඉක්මන් ගමනින් යන්න මං අපේක්ෂා කරන්නේ නැහැ. හිමින් දිගු ගමනක් යන්නයි මට ඕනෑ. ඔබට වුවමනා වෘත්තීය නිළියක් වන්නද? නැහැ. මගේ අධ්‍යාපන කටයුතු හමාර කරලා මං ගුරුවරියක් වන්නට හිතාගෙන ඉන්නවා. ඒ අතරතුරදී මං රඟපානවා. කවදාවත් රංගනයෙන් ඈත් වන්නේ නැහැ. මං වෘත්තීය නිළියක් වුණා නම් මගේ ආදායම් මාර්ගය වන්නේ ඒක පමණයිනේ. එතකොට මට ලැබෙන සෑම ආරාධනාවක්ම බාරගන්න සිදුවේවි. නමුත් ගුරුවරියක ලෙස සේවය කරන ගමන් රඟපාන කොට හොඳ චරිතම පමණක් කරන්න පුළුවන් වේවි. ගෙදර අය ඔබ රඟපාන වේදිකා නාට්‍ය නරඹලා තියෙනවාද? ඔව්. එයාලා ෆුල් සපෝට් මගේ රංගන කටයුතුවලට. තිළිණිට පෙම්වතකු ඉන්නවාද? නැහැ. තවම මං තනිකඩයි. කැම්පස් එකෙන්වත් කෙනෙකුව සොයාගන්න බැරි වුණාද? බැරි වුණානේ. හැබැයි මට මේ වනකොට ගෙදරින් කෙනෙකු හොයනවා. මට හිතෙනවා මට ඉක්මනින් පෙම්වතකු නොව හොඳ සැමියෙක්ව ලැබෙනවා නම් හොඳයි කියලා. මොකද මගේ වයසත් එක්ක ඉක්මනින් බඳින්න පුළුවන් වුණොත් හොඳයි. එහෙනම් කලාවට කැමැති කෙනෙක්ව තමයි තෝරගන්න වෙන්නේ? හ්ම්ම්... හ්ම්ම්... තිළිණි කොළඹ කොහෙද නැවතිලා ඉන්නේ? රාජගිරියේ.
නැහැ. කොළඹ මගේ නෑදෑයෝ නැහැ. මං වැඩවලට යන්නේ තනියම. ගැහැනු ළමයකු විදිහට තනියම මේ ක්ෂේත්‍රයේ ඉන්න බය නැතිද? මං දැන් තනියම නිර්මාණවලට ගිහිල්ලා ගිහිල්ලා හැම බාධයකටම මුහුණ දෙන්න හොඳට හිත සවිමත් වෙලා තියෙන්නේ. මට හොඳ යාළුවෝ පිරිවරක් ඉන්නවා. එයාලත් මට උදව් කරනවා. තිළිණිගේ පවුලේ විස්තර කියමු? මමයි අම්මයි තාත්තයි, මල්ලිලා දෙන්නයි. ඔබ ගැන කෙටියෙන් හඳුන්වන්න? හරිම සරල කෙනෙක්. අවසන් කොට මොනවද කියන්න තියෙන්නේ? සිංහසීවළී චරිතය හරහා මට වාසනාව උදා වුණා කිව්වොත් වැරදි නැහැ. මේ වෙලාවේ මට උදව් කළ ප්‍රසන්නජිත් සර් සහ ලලිතා සරච්චන්ද්‍ර මැඩම්ව සහ නිමල් ඒකනායක මහතා ඇතුළු මට උදව් කළ හැමෝමව ආදරයෙන් මතක් කරනවා. ඒ අය හින්දා තමයි අද මං යම් තැනක ඉන්නේ.
|