|
මාරියෝ ජයතුංග මියයයි
චිත්‍රපට නිෂ්පාදකවරයකු මෙන්ම අධ්යක්ෂවරයකුද වන මාරියෝ ජයතුංග අභාවප්‍රාප්ත වෙයි. මියයනවිට ඔහුගේ වයස අවුරුදු හතළිස් හයකි. දිගුකලක් රෝගීව සිටි මාරියෝ සිනමාවෙන්ද මදක් ඈත්ව සිටියේය. අභියෝගය සිනමාපටය ඔහුගේ පළමු සිනමා නිෂ්පාදනයයි. සමන්තා, සළුපට අහසට 1, සළුපට අහසට 2, කුපාඩියා (තිරගතවීමට නියමිත) ඇතුළු චිත්‍රපට කිහිපයක්ම මරියෝ විසින් අධ්‍යක්ෂණය කරන ලදී. ඔහුගේ අවසන් කටයුතු පසුගියදා බොරැල්ලේදි සිදුවිය.
ප්‍රේමරත්න සමරා විශේෂ පිංකමක්
මැදමාවතේ සිනමාකරු ලෙස විරුදාවලිය ලත් එච්. ඩී. ප්‍රේමරත්න දසවැනි ගුණ අනුස්මරණය මෙම වසරට යෙදී තිබේ. ඒ වෙනුවෙන් විශේෂ පින්කම් මාලාවක් මෙම මස 20 වැනිදා එනම් එන ඉරිදා සවස 7 ට වත්තල මාබෝල වැලිකඩමුල්ල අභයවිහාරයේදී පැවැත්වෙයි. කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘතික අධ්‍යයන අංශයේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරත්න හිමිපාණෝ එදින දහම් දෙසුමක්ද පවත්වනු ලබයි. මෙය එච්. ඩී. ප්‍රේමරත්න ගුණ සැමරුම් කමිටුවේ සංවිධානයකි. ප්‍රේමරත්නයන් අප අතරින් වියොවූයේ මීට වසර දහයකට පෙර දෙසැම්බර් 26 වැනි දිනකය. 1944 ජනවාරි 27 වැනිදා උපන් ප්‍රේමරත්නයන් කැලණිය ගුරුකුලයේ ආදි සිසුවෙකි. පාසල් යන සමයේදීම සිනමාවට දැඩි ඇල්මක් දැක්වූ හෙතෙම සිනමාවට පිවිසියේ සහාය අධ්යක්ෂවරයකු හැටියටය. සිකුරුලියා, අපේක්ෂා, සසරක පැතුම්, පාලම යට, විසිදැල, මන්දාකිණි, කිණිහිරියාමල් ඇතුළු සිනමාපට 16 ක් ප්‍රේමරත්නයන් අධ්‍යක්ෂණය කොට තිබේ.
ඔබ නැතුව ඔබ එක්ක විචාර සම්මන්ත්‍රණයක්
මේ දිනවල සාර්ථක ලෙස තිරගත වන ඉන්දීය අන්තර් ජාතික සිනමා උළෙලේ දී හොඳම නිළිය ලෙස රජත මයුර සම්මානය දිනූ ප්‍රසන්න විතානගේ ‘ඔබ නැතුව ඔබ එක්ක’චිත්‍රපටය පිළිබඳ විචාර සම්මන්ත්‍රණයක් මේ මස 22 වැනිදා 3.30 සිට 5.00 දක්වා මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි. අරුණ ලොකු ලියන, ගුණසිරි සිල්වා, භූපති නලින් වික්‍රමගේ, කෞශල්‍යා ප්‍රනාන්දු යන අය ඒ විචාර සම්මන්ත්‍රණයට සහභාගී වන විද්වත්හු වෙති. |