|
රවීන්දු ගුරුගේ ගිරිරාජ් සමඟ සුහද කොකාට සැරසේ
සම්මානනීය සංස්කරණ ශිල්පී රවීන්ද්‍ර ගුරුගේ මේ දිනවල වෙහෙසෙන්නේ චිත්‍රපටයක් තිරගත කරවීමට බැව් ඇසුවහොත් ඔබ පුදුමයට පත්වනු ඇත. ඒ සිකුරුහතේ චිත්‍රපටය නිර්මාණයකොට රටක් හිනැස්සූ ගිරිරාජ් කෞශල්‍යගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය සුහද කොකා වෙනුවෙනි. එය ළඟදීම තිරගතවීමට නියමිතය. ගිරිරාජ් විසින්ම තිරරචනය කරන ලද මෙම හාස්‍යෝත්පාදක සිනමාපටය රවීන්ද්‍ර ගුරුගේ ප්රමුඛ ටීවීටී කණ්ඩායමෙහි නිෂ්පාදනයකි. විජය නන්දසිරි, රොඩ්නි වර්ණකුල, කුසුම් රේණු, ලාල් කුලරත්න, ඩබ්ලිව්. ජයසිරි, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, මිහිර සිරිතිලක, සමන් හේමරත්න, ලලිත් ජනකාන්ත, රත්නා සුමනපාල, ගාමිණී අම්බලන්ගොඩ, සෝමසිරි අලකොලගෙ, සංජීව දිසානායක, දමිතා සළුවඩන, එස්. අයි. සමරක්කොඩි ඇතුළු පිරිස රංගනයෙන් දායකවෙති. දමිතා අබේරත්න, පියුමි බොතේජු, ප්‍රියන්ත සෙනෙවිරත්න, ගරු රංගනයෙන් එක්විය. සුහද කොකාහි කැමරා අධ්‍යක්ෂණය තුසිත අනුරාධගෙනි. රවින්ද්‍ර ගුරුගේගේ සංස්කරණයකි. නිෂ්පාදන සැලසුම ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගෙනි. අංග රචනයෙන් ඉමල් ශානක පීරිස්, කලා අධ්‍යක්ෂයෙන් සිරිනාථ වික්‍රමසිංහ, සංගීත අධ්‍යක්ෂණයෙන් ආචාර්ය රෝහණ වීරසිංහ දායකවී තිබේ. මනෝජ් වික්‍රමසිංහගේ ඇඳුම් නිර්මාණයකි. සනත් මැදිවක නිෂ්පාදන විධායකවරයාය. රුවන් බණ්ඩාර සහ සුජිත් පෙරේරා සහාය අධ්යක්ෂවරුන් වේ. - ප්‍රසාද් |