|
හිනා වෙන්නකෝ සර්
දැන හෝ නොදැන ශ්‍යාම් වාඩි වුණෙත් එතනමයි. චිත්‍රපට නළුවෙක් වුණාට ශ්‍යාම් නිතර දෙවේලේ ටී. වී. එකේ ඉන්න කෙනෙක් නෙවෙයි. ඒ හින්ද යාපනේ නෙවෙයි කොළඹ පාරක ගියත් ශ්‍යාම්ව වැඩිය මිනිස්සු හඳුනන්නේ නැහැ. ශ්‍යාම් ගාව හිටපු අයත් ශ්‍යාම්ව හඳුන ගත්තේ නැහැ. ඔවුන් හිතන්න ඇති මේ තවත් ප්‍රේක්ෂකයෙක් කියලා. ඔන්න දැන් චිත්‍රපටය පටන් ගත්තා. ටිකක් වෙලා ගියාට පස්සේ ශ්‍යාම්ට එහා පැත්තේ හිටපු කෙනෙක් ශ්‍යාම්ගේ ඇක්ටිං දැකලා කිව්වලු කවුද බං මේ නළුවා, මේකා නළුවෙක්ද, හිනා වෙන්නෙවත් නැහැනෙ, බුම්මගෙනමයි රඟපාන්නේ' කියලා. චිත්‍රපටයේ චරිතයට අනුව ශ්‍යාම්ට හිනාවේවී රඟපාන්න බැහැනේ. චරිතයට ගැළපෙන විදිහටයි ඔහු රඟපාලා තියෙන්නේ. අර කතාව අහලා ඒ පාර නම් ශ්‍යාම්ට බකස් ගාලා හිනා ගියාලු. |