වර්ෂ 2015 ක්වූ සැප්තැම්බර් 17 වැනිදා බ්‍රහස්පතින්දා




ඩබිංවලටත් ෆුල් මේක්අප් දාගෙන ඇවිත්

ඩබිංවලටත් ෆුල් මේක්අප් දාගෙන ඇවිත්

මේකත් අලුත් නිළියක් ගැන කතාවක්. අලුත් නිළියන්ට මඩ ගහනවා වැඩි ද මන්දා. ඒත් කමක් නැහැ, ඇත්තනෙ කියන්නේ. මෙහෙමයි, ඔන්න අලුත් නිළියකට චිත්‍රපටයකට ආරාධනා ලැබිලා. නිකම් චරිතයකට නෙවෙයි ප්‍රධාන චරිතයකට. මෙයාට ෆුල් හැපි. හරියට ඉහේ පොල් මලක් පිපුණා වගේ. මෙයා ඉතින් රූගත කිරීම්වලට හොඳට සහභාගි වෙලා. පුළුවන් උපරිමයෙන් සාධාරණයක් ඉටු කරලා. හැබැයි චිත්‍රපටවලට පසුව හඬ කවනවා කියලා මෙයා දැනගෙන ඉඳලා නැහැ. රූගත කිරීම් ඉවර වෙලා එඩිටිංවලින් පස්සේ ඩබිං වලට මෙයාට කතා කළාලු. ඒකටත් මෙයා හා කියලා නොදන්නවා වුණාට කියපු දවසට කියපු වෙලාවට කියපු තැනට මෙයා ඇවිල්ලා. නිකම්ම නෙවෙයි හොඳට මේකප් දාගෙන විච්චූරණ ඇඳුමකුත් ඇඳගෙනයි මෙයා ඇවිත් තියෙන්නේ. මෙයාව දැකලා අධ්‍යක්ෂවරයාට මැරෙන්න හිනාලු. නිළිය හිතලා තියෙන්නේ ඩබිං කියලා කියන්නේ චිත්‍රපටයේ මංගල දර්ශනය වගේ වැඩක් කියලා.