ඔක්තෝබර් පළමුවැනිදා තිරගතවීමට සුජාත පුත්‍ර දිගටම වැඩ රවීන්ද්‍ර හා
දිල්හානිට ප්‍රධාන චරිත
ඔක්තෝබර් පළමුවැනිදා තිරගතවීමට සුජාත පුත්‍ර දිගටම වැඩ රවීන්ද්‍ර හා දිල්හානිට
ප්‍රධාන චරිත
ශ්‍රීපාලි හෙට්ටිආරච්චිගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය සුජාත පුත්‍ර හි රූගතකිරීම්
පසුගියදා පැවැති මුහුරත් උළෙලකින් පසුව ආරම්භ කෙරිණ. සුමුදු සහ දිලිනි නම්වූ ළමුන්
දෙදෙනෙකු වටා ගෙතෙන කතාවකින් සමන්විත මෙහි රවීන්ද්‍ර රන්දෙණිය, දිල්හානි ඒකනායක,
නයනා කුමාරි, කුමාර තිරිමාදුර, ලක්ෂ්මන් අමරසේකර, ප්‍රමුදිත හර්ෂ (ළමා) ඇතුළු නළු
නිළියන් රැසක් රංගන දායකත්වය සපයති.
සුජාත පුතු අමිල රෂෙන්ද්‍ර සහ ශ්‍රීපාලි හෙට්ටිආරච්චිගේ නිෂ්පාදනයකි. නිහාල්
ප්‍රේමචන්ද්‍ර තිරකතාව රචකයාය. කැමරාකරණයෙන් සහ සංස්කරණයෙන් සජීව සංකල්ප එක්ව තිබේ.
සුජාත පුත්‍ර ඔක්තෝබර් පළමුවැනිදා සිට තිරගතවීමට නියමිතය.
- ප්‍රසාද්
|