|
ගාමිණී නාමය සැමදා බැබළෙයි
සිනමා ලොවේ මල්සරා වූයේ ඔබමයි
කස්තුරි සුවඳ හැමුවා දස දෙස සුවඳයි සෝමා එච්. පතිරණ පන්සල පාර, කහවත්ත
අමරණීය රාත්‍රිය කෝ
යුග යුග හද බැඳි වෙළඳ සේවයෙන් සෙනසුරාදා රාත්‍රී 8.00 සිට 9.00 දක්වා ප්‍රචාරය වූ
අමරණීය ගීත ඇතුළත් අමරණීය රාත්‍රිය දැන් සති කිහිපයක සිට ප්‍රචාරය නොවේ. එම වැඩසටහන
ඉදිරිපත් කළ සුජීව සම්පත්, බර්ට්‍රම් කරුණාරත්න හා චමිලා ජනන්දනී අමරණීය ගීත
ප්‍රචාරය කරමින් අප හට අමරණීය රස වින්දනයක් ලබා දුන්නේය. එම රස වින්දනය අප හට නැවත
ලබා දීමට ගුවන් විදුලියේ පාලකයන් කටයුතු කරන්නේ නම් මැනවි. වෙනුර විමලසූරිය ශ්‍රියාණි විමලසූරිය කරුණාදාස විමලසූරිය කෑගල්ල
රත්තරන් චිත්‍රපට
රන්මුතු දූව සමන් ගාල්ලගේ
කැටවල, ගණේගොඩ සනත් අබේසේකරයන්ටඔබගේ නවතම චිත්‍රපටය 'මහරජ අජාසත්' දැන් සිනමාහල්වල ප්‍රදර්ශනය වේ. මෙතෙක් ඔබ පැමිණි දුර ගැන අපි බොහෝ සේ සතුටු වෙමු.
අපේ පාසල් සමයේ ඔබගේ නාට්‍ය නැරැඹීමට ගිය අයුරු මගේ මතකයට නැඟෙනවා. අපි ඒවා
නැරැඹීමට ගියේ ඔබගේ මව සමඟමයි. ඒ අවස්ථාවල ඇය ඔබ ගැන ආඩම්බරයෙන් පවසන දෑ දැනුදු අපි
සිහිපත් කරමු. ඇය අද ජීවතුන් අතර සිටියා නම් කොතරම් සතුටට පත් වෙයිද? මිය ගියත්
ඇයගේ ආත්මය ඔබට ආශිර්වාද කරනවා ඇති. පදිංචියෙන් ඔබ ඈත් වුණත් අප එදා මෙන්ම අදටත්
ඔබට ළෙන්ගතු වෙමු. අපිද සෙනෙහසින් ඔබ හට සුබ පතන්නෙමු. පුෂ්පා ලක්ෂ්මී, නිමල් වසන්ත, ශ්‍රීමා ද සිල්වා, මාලා මඩවල පේරාදෙණිය
සුභාසිරි
ශ්‍රී ලාංකීක ගුවන් විදුලි මාධ්‍යයේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ ද, ප්‍රාසංගික වේදිකාවේ
ද, ඉහළම නමක් රැන්දූ, දයාබර නැගණිය වූ චිත්‍රා කුමාරි පත්තප්පෙරුම, ඔබ විඳි දුක්
දොම්නස්, බාධක, කරදර, හිරිහැර මැදින් පැමිණි ගමන් මඟේ ලැබූ නව පත්වීම පිළිබඳව මගේ
හද පිරි සුභාසිංශනය පුද කර සිටිමි. ඇන්. ටී. උපනන්ද පරණ පාර හංදිය,
මුල්ලේරියාව උතුර, ගුවන් විදුලි ගී සංසදය වහා පියවරක් ගන්න
අද විදෙස් ටෙලි නාට්‍ය රැල්ල දේශීය ටෙලි නාට්‍ය කලාවට තර්ජනයක් වී ඇත. ක්ෂේත්රයේ
නියැළී සිටින සියලු දෙනා ඒක්ව එය රැක ගැනීමට පියවරක් ගත යුතුව ඇත. අතුල රම්‍යසිරි පානදුර
‘සැරිසර’ හොඳ වැඩසටහනකි
ඉරු දින රත්‍රී 7.00 ට ජාතික රූපවාහිනි තිරය මත අඩ හෝරාවක් පුරා දිග හැරෙන සැරිසර
සංචාරක විචිත්‍රාංගය අධ්‍යාපනික වටිනාකමකින් යුත් දුර්ලභ ඝණයේ හරවත් වැඩ සටහනකි.
අපට කිසිදු පහසුවෙන් ළඟා විය නොහැකි සිරිලක් දෙරණ පුරා විසිර විහිදී ඇති පැරැණි
දර්ශනීය ස්ථානයන් කැමරා ඇසට හසු කර ගනිමින් විස්තරාත්මකව ඉදිරිපත් කරන සැරිසර පාසල්
ළමුන් ඇතුළු දුවා දරුවන් නොවරදවාම නැරැඹිය යුතු ප්‍රමිතියෙන් උසස් සඟරාමය රූපවාහිනි
නිර්මාණයකි මේ. පුංචි රටේ අප මෙතෙක් නොදුටු සුන්දර ස්ථාන කොතෙක් ඇත්දැයි අපට
දැනෙන්නේ සැරිසරය පුරා අප සැරිසරන විටය. මෙය ගෙනා සැමට මාගේ ප්‍රණාමය. ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දු බටහිර අධිකාරිමුල්ල දූනගහ
දෙරණ ඔබට තුති
දැනට විකාශය වන රජ කථා අතරින් ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබන්නේ මහරජ ධර්මාශෝක
බව ඉතා පැහැදිලිය. එහි සෑම නළු නිළියන්ගේ රඟපෑම් ඉතා මනරම්ය. නමුත් ධර්මාශෝක රජුගේ
බාල කාලය රඟපාන එම කුඩා රංගන ශිල්පියා ඉතා ප්‍රබල ලෙස රංගනයේ යෙදෙයි. එදිනෙදා අප
නරඹන බොළඳ ඒකකාරී ටෙලි නාට්‍ය අධ්යක්ෂවරුනට ඉතා මනරම් පණිවිඩයක් මෙම වෘත්තාන්තය
ලබා දෙයි. දෙරණ ඔබට ස්තූතියි. මෙවැනි වෘත්තාන්ත අප ප්‍රමෝදවත් කරයි. ක්ලෝඩ් ද ලිවේරා, නාලිනී ද ලිවේරා මීගමුව
S.M.S.
සනත් කේ. විමලසිරි සර් ඔබ ගැන කතා කළ කාලය දැන් ගිලිහී ගොස්ය. සිංහබාහු, මනමේ ඔබ
රඟපෑ නිර්මාණ සාර්ථකයි. ඔබ ගැන කතා නොකලත් ඔබ විශිෂ්ට නළුවෙක්. ලක්මාල් ගම්පහ
නෙහාරා - මේනක ඔයාලා නැති වෙන එක ලොකු පාඩුවක් අනාගතේට. සුශමි නාවල
දැනට රෝගාතුරව සිටින ප්‍රවීණ වයලින් වාදන ශිල්පී රුවන් වීරසේකරට සහ සුභාවිත ගීතයේ
උන්නතියට මෙහෙයක් කළ එච්. එම්. ජයවර්ධන සංගීතවේදියාණන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා
කරමි. අතුල රම්‍යසිරි පානදුර
මාධව විජේසිංහ අයියේ ඇයි ඔබ නම්බර් එක රසික අපට නොදෙන්නේ. ලක්මාල් උඩුගම්පොල
දිනක්ෂි ප්‍රියසාද් අක්කේ, ඔයා චංචල රේඛා ටෙලියේ චුට්ටිගේ චරිතය රඟපාන ආකාරය හරිම
හුරතල්. මං ඔබගේ කලා ජීවිතයට සුබ පතමි. දිල්මින් එල්ලාවල
නීලා වික්‍රමසිංහ නම් අසහාය ගායනවේදිනියට දශක පහක් මුළුල්ලේ ලාංකේය ගීත ක්ෂේත්රයට
අසීමිත මෙහෙවරක් කරමින් රසික හදවත් සියුම්ව ස්පර්ශ කිරීමට ඔබතුමිය සමත් වූවාය. එක්
රාමුවකට කොටු නොවී ශාස්ත්‍රීය, අර්ධ ශාස්ත්‍රීය, සරල හෝ බටහිර ආරයේ ඕනෑම ගීයක්
ලයාන්විතව ගැයීමේ සුවිශේෂී හැකියාවෙන් ඔබ අගතැන්පත්ය. කලාකාරිනියක සතු සංවේදී හදවත
ඔබ තුළින් මනාව පිළිබිඹු වීමෙන්ම වසර ගණනක් මුළුල්ලේ ඔබතුමිය විසින් සිදු කරනු ලබන
සමාජ මෙහෙවර අතිශයෙන් ප්‍රශංසනීයයි. තවත් දිගු කලක් හෙළ ගීතයෙන් පෝෂණය කිරීමට
ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. කවිඳු රාජගුරු කුරුණෑගල
දීපානි සිල්වාට දිගුම දිගු කාලයක් රංගනයෙන් අපගේ නෙත් සිත් සැනසූ ඔබ මැවූ චරිත
අප්‍රමාණය. අපගේ ආයුෂත් අරගෙන තවත් බොහෝ කාලයක් ජීවත් වේවා. දීපානි අක්කේ ඔබට
බුදුසරණයි. සුනිල් බී. වේහැල්ල ගෝනපොල
නළුවෝ ආඩම්බරයි කිව්වට හැමෝම එහෙම නැහැ. හර්ෂණ බෙත්මගෙ හරිම නිහතමානියි. ෆාතිමා වැලිගම
ප්‍රවීණ ගායක ටී. එම්. ජයරත්න මහතාට, කරුණාරත්න දිවුල්ගනේ මහතාට සහ සුනිල්
එදිරිසිංහ මහතාට මගේ හදපිරි ස්තුතියි පුද කරනවා හැඟීම්බරව, මියුරු අර්ථත් ගීත රැසක්
නිර්මාණය කොට දැයට දායාද කිරීම පිළිබඳව. කේ. එම්. එස්. පී. මල්ශානි මැදගම
ශෂිකා නිසන්සලා අක්කට, අක්කේ ඔයාගේ සිංදු ගොඩක් ලස්සනයි. තවත් අලුත් සිංදුවක් අහන්න
ආසාවෙන් ඉන්නවා. සංකල්පනා දැරණියගල
සිරස නාළිකාවේ අලුතින් විකාශය වෙන අනන්තයේ ඒ තරු කුමරා මාර ලස්සනයි. මේ ආදරයයි වගේම
ඒකත් නියමයි. තාරුකා සෙව්වන්දි මාවතගම
අනේ ඕෂධී අක්කි රඟපෑම අතහැරලාම දාලාද? ඔයාගේ සුන්දර සිනහව එක්ක ආයෙත් රසික අප අතරට
එන්න. ඔයාට මගෙන් සුබපැතුම්. ශාමලී මල්වාන
මීදුමින් එහා ටෙලි නාට්‍යය බලන්න හිතෙන කතාවක්. පැතුම් නිලුක්ෂි, සිරිල්, සන්කේත්
හොඳට රඟපානවා. සමන්මලී ගාල්ල
0773042834
ප්‍රතිචාර, සරසවිය, යන ලිපිනය විවෘතය. |