රිදී හුයට දුලානිගේ මුහුණ කළු වෙලා
රිදී හුයට දුලානිගේ මුහුණ කළු වෙලා
සාමාන්‍යයෙන් නිළියෝ ලස්සන වෙලා කැමරාව ඉදිරියෙහි පෙනී සිටින්නට තමයි ආස. ඇතැම්
අයගේ මුහුණ බලන්න බැහැ හැබෑවට නම්. ඒත් කැමරාව ඉස්සරහ ඉන්නේ චීස් බෝල වගේ. සමහර
නිළියෝ තමන්ට ලැබෙන ඇතැම් චරිත බාර ගන්නෙත් නැහැ. එයට හේතුව එම චරිතවලට අවශ්‍ය
පරිදි රඟන තැනැත්තිව අංග රචනා ශිල්පියා විසින් ටිකක් මුහුණ කළු කොට කැමරාව ඉදිරිපිට
යැවීමයි. දුලානි අනුරාධත් එවන් වූ අභියෝගාත්මක චරිතයක් ලැබිලා. ඒ අනූෂ සංජීව
අධ්‍යක්ෂණය කරන රිදී හුය ටෙලි සිතුවමේ. මේ වෙනුවෙන් දුලානිව කළු කරලාලු. මෑතකාලීනව
ටෙලි නාට්‍යයක දුලානිට එහෙම චරිතක් ලැබිලා නැතිලු. කොහොම හරි දුලානි කළු වෙලා ඉන්න
විදිහ ළඟදීම දක්නට ලැබේවි.
|