|
අපේ කාලයේ පටාචාරා වැඩ නිමයි
විජය කුවේණි, ඇහැළේපොළ කුමාරිහාමි රිදී තිරයට ගෙන ආ සුගත් සමරකෝන්ගේ නවතම සිනමා නිර්මාණය අපේ කාලයේ පටාචාරා චිත්‍රපටයේ සියලු රූගත කිරීම් පසුගියදා නිම විය. රාජාංගනය, ඉංගිරිය, කටුනායක ආදී ප්‍රදේශයන් දර්ශන තල ලෙස යොදා ගත් මෙය සම්පූර්ණ ඉතිහාස කතාවක් නොවීම විශේෂත්වයකි. බෞද්ධ සාහිත්‍යයේ එන පටාචාරා කතා පුවත සමඟ සුනාමි ඛේදවාචකයට හසු වූ යුවතියකගේ ඉරණම ඇතුළත්ව අතීය හා වර්තමානය ගලපමින් මෙහි තිර කතාව රචනා කොට ඇත. අපේ කාලයේ පටාචාරා සිනමා සිතුවමේ පටාචාරා වනුයේ දුලානි අනුරාධායි. ඇයගේ සැමියා ලෙස සාරංග දිසාසේකර රංගන දායකත්වය සපයති. දුලානි, සාරංග සමඟ ක්ලීටස් මෙන්ඩිස්, සඳුන් විජේසිරි, සරත් දික්කුඹුර, විනු සිරිවර්ධන, අනූෂා දිසානායක, සමන්ත වීරකෝන්, සංජය සමරකෝන් ඇතුළු නළු නිළියන් හයසියයක් පමණ මෙය රංගනයෙන් හැඩ කරනු ලබයි. අපේ කාලයේ පටාචාරි විශ්ව කුමාර වතීගේ ගේ නිෂ්පාදනයකි. විජිත් නිශාන්ත කැමරා අධ්‍යක්ෂණයෙන් ද, සෑම් පෙරේරා අංග රචනයෙන් ද, කලා අධ්‍යක්ෂණයෙන් ධම්මික හේවාදුවත්ත, සංස්කරණයෙන් අජිත් රාමනායක ද, නිෂ්පාදන කළමනාකරණයෙන් රෝහණ වතිය කුමාරගේ ද, ඇඳුම් නිර්මාණයෙන් ප්‍රියාන් අනුර ශ්‍රී ද, සංගීත අධ්‍යක්ෂණයෙන් සරත් වික්‍රම ද මේ සඳහා එක් වෙයි. අමිල තේනුවරගේ ගී පද රචනයකි. උරේෂා රවිහාරි ගීත ගයනු ලබයි. නිශ්චල ඡායාරූප සංජය සමරකෝන්ගෙනි.
|