වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




දැනුමට මිනුමට

* ‘සරා සොඳුරු මල් පැටලී’ ගීතයේ ආචාර්ය වික්ටර් රත්නායක විසින් ගායනා කරන කොටස මහගමසේකර විසින් ද සහ විශාරද නන්දා මාලනී ගායනා කරන කොටස සුගතපාල සෙනරත් යාපා විසින් ද රචනා කරන ලදී.

* මරදාන එල්ෆින්ස්ටන් රඟහල ගොඩඟන ලද්දේ ඉන්දියානු සිනමා කර්මාන්තයේ පුරෝගාමියෙකු වූ ජේ. එෆ්. මදාන් විසිනි. එය එල්ෆින්ස්ටන් ලෙසින් නම් කරන ලද්දේ ඔහුට උපකාර කළ ඉන්දියාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ජෝන් එල්ෆින්ස්ටන් සාමිවරයා සිහිවීම සඳහායි.

* 1918ට පෙර ලෝකයේ සියයට හැටකට වඩා වැඩි චිත්‍රපට ප්‍රමාණයක් නිෂ්පාදනය කරන ලද්දේ පැතේ ෆෙරර් (පැතේ සහෝදරයෝ) සමාගම විසිනි. එය පිහිටුව ලද්දේ චාල්ස් පැතේ විසිනි.

* ලොව විශිෂ්ටතම චිත්‍රපටයක් වන The Passion of Joan of Arc (1928) නිර්මාණය කළේ තියොඩර් ඩයර් විසිනි.

* 1975 වසරේ හොඳම විදේශ භාෂා චිත්‍රපටයට හිමි ඇකඩමි සම්මානය දිනා ගත්තේ රුසියානු චිත්‍රපටයක් වන Dersu Uzala චිත්‍රපටය යි. එය අධ්‍යක්ෂණය කරන ලද්දේ ජපන් ජාතික අකිර කුරසොවා විසිනි.

* ඉන්දියානු සිනමාවේ පියා ලෙස සැළකෙන්නේ දාදාසහබ් පාල්කේ ගේ එකම කතානාද චිත්‍රපටය ඔහුගේ අවසාන චිත්‍රපටයද විය. එය Gangavataran (1937)නම් විය.

* කැහියාඩු සිනමා ලෙස හඳුන්වන්නේ ප්‍රංශ සිනමා විචාරක සඟරාවකි. එය 1951 වසරේ එළිදක්වන ලද අතර සංස්කාරකවරුන් වූයේ සිනමා න්‍යායාචාරවරුන් වූ ආන්ද්‍රේ බසීන්, ලෝ ඩුකා සහ යාක් ඩෝනියෙල් වැලරෝසායි.

* ඉතාලි ජාතික නව තාත්විකවාදයේ මුල්ම ච්‍රිපටය ලෙස සැළකෙන්නේ ලුසියාමෝ විස්කොන්ති විසින් 1942 වසරේ තනන ලද Obsession චිත්‍රපටය යි.

* අනෝජා වීරසිංහ ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූයේ මල්දෙණියේ සිමියොන් චිත්‍රපටයේ රංගනය වෙනුවෙනි. ඇය මුල්වරට දායක වූයේ ටක් ටික් ටුක් චිත්‍රපටයේ දර්ශනයකට පෙනී සිටීමෙනි.

* ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් රජයේ චිත්‍රපට අංශයේ අධ්‍යක්ෂවරයාව සිටි සමයේ එහි ප්‍රධානියා වූයේ බ්‍රිතාන්‍යයේ විශිෂ්ඨ වාර්තා චිත්‍රපටකරුවෙකු වූ රැල්ෆ් කීන් ය.

* සිංහල චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළ මුල්ම කාන්තාව වනුයේ ෆ්ලොරිඩා ජයලත් ය. ඇයගේ මුල්ම අධ්‍යක්ෂණය ස්වීප් ටිකට් චිත්‍රපටය යි.

* ලොව විශිෂ්ඨතම චිත්‍රපටය ලෙස සැළකෙන්නේ Citizen Kane (1941) ය. එය ඕෂන් වේල්ස්ගේ මුල්ම අධ්‍යක්ෂණය විය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 26කි.