|
ලතාට ආසිරි
නමෝ මරියනී ගුවන් විදුලි ගීතයෙන් ගායන ජීවිතය ඇරැඹි එදා රෑ චිත්‍රපටයෙන් චිත්‍රපට
පසුබිම් ගායනයට පැමිණි ලතා ගර්ලි ගුණවර්ධනටත් ඇයගේ දුව සබීතටත් එකම ලෙසින් ගී
ගැයීමට සමත් වූවාය. රීටා ජෙනිවිව් වූ ඇය දිවංගත සුසිල් ප්‍රේමරත්න විසින් ලතා
වල්පොල යන නම තබන ලදී. භාරතයට ලතා මංගෙෂ්කාර්ව. හෙළ සිනමාවට ගී රැජන ලතා වල්පොලය.
ඔබට නිදුක් නීරෝගී සුවය පතමි. ඩඩ්ලි ගෝමස් මොරටුව කටුබැද්ද
ඇන්ජලින්ගේ ගීත නැත්තේ ඇයි?
චිත්‍රපට පසුබිම් ගායනයට පිවිස දශක ගණනාවක් පුරාවට ළයාන්විතව ගී ගැයූ ඇන්ජලින්
ගුණතිලක ගායන ශිල්පිණිය යුග යුග රසික සිත් තුළ විරාජමාන වූ ගායන ශිල්පිණියකි. නමුත්
කුමක් හෝ අහේතුවක් නිසා ඇයගේ ගීත ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකා මඟින් ප්‍රචාරය
වන්නේ ඉතාම අඩුවෙනි. මෙවන් පරිපූර්ණ ශිල්පිණියකට අද ගායන ලොවේ තැනක් නැතිද? මෙය
විමසා බැලිය යුතු කරුණකි. එච්. ඉන්ද්‍රපාල සංඝමිත්තා මාවත මුංහේන
ගීතාට සුබපැතුම්
තවමත් හැඩකාරයි රූපේ. හරියට බෝනික්කියක් වාගේ ලස්සනයි. ඉතින් පාලම යට වාගේ සිනමා
නිර්මාණයකින් සිනමා තිරය ඔබ ගන්වා අපගේ සිත් ප්‍රබෝධමත් කරන්න යැයි ගීතා
කුමාරසිංහගෙන් ඉල්ලා සිටිමි. සුනිල් චන්ද්‍රසේකර යාගොඩමුල්ල කොටුගොඩ
ජනපතිඳුනි ස්තුතියි
අප පැරැණි ගායන ශිල්පී හරූන් කුමාර් ලන්ත්‍රා සතුව තිබූ රුපියල් හැත්තෑ දහසක් යම්
කිසි අයකු විසින් සොරකම් කරන ලදී. ඔහුට රුපියල් ලක්ෂයක් ලබාදීමට ජනාධිපති මහින්ද
රාජපක්ෂ මහතා තීරණය කළේය. දැනට අසරණව සිටින ලන්ත්‍රාට එය මහා සම්පතක් වනු ඇත. ආනන්ද වික්‍රමආරච්චි ඉහළ තල්දූව
ඕනෑම චරිතයක් රඟපෑමට පුළුවන් අපේ කලා ලොවේ මහේන්ද්‍ර පෙරේරා නම් ලොකු අයියාට අනිල්
කපූර්ගේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත මැවීමට කතා කිරීම අපට ආඩම්බරයකි. සරත් සේනාධීර ජාඇල
මහේන්ද්‍ර සම්පතකි
මහේන්ද්‍රට අනිල් කපූර් කළ ඇරැයුම සිංහල සිනමාවට ළැදි අපට දරාගත නොහැකි සතුටකි. ඒ
නිසා ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප උදම් වෙමු. වියානි ගුණවර්ධන නිලන්ත වයානි ගුණවර්ධන ශීලා වැන්ඩරලන් වෙන්නප්පුව පල්ලිය පාර
ගින්දරී කවදා ඒවිද?උදයකාන්ත වරණසූරියගේ බහුබූතයෝ සිනා සාගරයක්. අපි චිත්‍රපටයක් බලන්නේ පවුලේ සැම දෙනා එක්ක සතුටක් ලබන්නයි. ඒ සතුට එදා මෙම චිත්‍රපටයෙන් අපට නොඅඩුව ලැබුණා. එහි දෙවැනි කොටස ‘ගින්දරී’ චිත්‍රපටය ද මේ අයුරින්ම ප්‍රේක්ෂකයාට සතුටක් මෙන්ම කම්මැලිකමින් තොරව නැරැඹිය හැකි චිත්‍රපටයක් වනවාට කිසිදු සැකයක් නැහැ.
සන්ෆ්ලවර්ස්ට ජයසන්ෆ්ලවර්ස් සංගීත කණ්ඩායමට,
ඔබලා සංගීත කණ්ඩායම් අතර අංක එකයි. ඒ වගේම සන්ෆ්ලවර් ජනප්‍රියත්වය කාටත් ගන්න බැහැ.
ඔබලා සමඟ කැසට්පට ඉදිරිපත් කළ ගායක ගායිකාවන්ගේ ජනප්‍රියත්වය ද වැඩි වුණා. ඒ
සන්ෆ්ලවර් නාමය නිසයි. සන්ෆ්ලවර්ට සදා ජය. සුනිල් වී. වේහැල්ල ගෝනපොළ
මුතු කැට සිහිනය උසස් නිර්මාණයක්
මේ දිනවල ස්වාධීන රූපවාහිනිය ඔස්සේ රාත්‍රී 9 ට විකාශය වන මුතු කැට සිහිනය ටෙලි
සිතුවම සත්‍ය වශයෙන්ම සෑම අතින්ම උසස් නිර්මාණයකි. වේදිකාවේ, පුංචි තිරයේ දස්කම්පාන
ශ්‍රියන්ත මෙන්ඩිස්, ජීවන තලාවෙන් සමු ගත්ත ද කලා ලොව තුළ තවමත් අප අතර සිටින
රෙබෙකා නිර්මලී, සටන් නළුවකු විලස ප්‍රසාදය දිනාගත් නිමල් පල්ලෙවත්ත, කපිල සිගේරා,
ගීතා කාන්ති ජයකොඩි ඉතාමත් සාර්ථක අයුරින් තම හැකියාව පෙන්වන්නේය. මුතුකැට සිහිනය
අධ්‍යක්ෂණය ගිහාන් රෝහණගෙනි. ඔහු නළු නිළියන් හසුරවා ඇති ආකාරය අපූරුය. ලක්ෂ්මන් රණසිංහ හේකිත්ත වත්තල
වසර අසූවක් පසු කරකමින් පැමිණි
විසිහත් වසරක් ඔබ ඇසුරේ රැඳුණි මල්ලිකා තිලංගනි මොරටුව
S.M.S.
ටී. වී. දෙරණහි ඉරිදා රෑ විකාශය වන දෙරණ චැම්පියන් ස්ටාර් ප්‍රෝග්‍රෑම් එක නියමයි.
එහි නිවේදන කටයුතු කරන පේෂල මනෝජ්, මාධව විජේසිංහ සහ සචිනි නිසංසලාගේ විහිළු තහළු
නිසා එය තවත් ලස්සනයි. ෆාතිමා වැලිගම
නව පරපුරේ ගායක ලහිරු ප්‍රභාත් අයියට මම කැමැතියි. එයා හරි ලස්සනයි. ඒ වගේම හරිම
ස්වීට්. ලහිරු අයියගේ අලුත් සිංදුවත් ලස්සනයි. එයාගේ වැඩ කටයුතු සාර්ථක වේවා. වින්දි නාවලපිටිය
දස්කොන් ටෙලි නාට්‍යය ඉතාම හොඳයි. ජැක්සන් ඇන්තනි කලාකරුවාණෙනි, ඔබට සදා ජය. රාහුල් මාතර
සිරස සුපර් ස්ටාර් පැරැණි මතකය යළිත් අලුත් කරමින් මේ දිනවල සිරස නාලිකාවෙන් එහි
පළමු පියවර නැවත විකාශය කිරීම ගැන ප්රේක්ෂකයකු වශයෙන් මම ප්‍රණාමය පළ කරමි. හර්ෂනාත් බණ්ඩාර නිකවැරටිය
අල්කා නායිග්නිගේ කටහඬ අපේ සිනමාපටයකට යොදා ගැනීමට අපේ අධ්‍යක්ෂවරුන්ගේ ඇස් ඇරේවා.
ශාන්ත කපුකොටුව
අහන් ඉන්න අහගෙන ඉන්න ගීතය ගයන ගායිකාවගේ දෑස් නොපෙනන බව දැනගෙන මම බොහෝ සෙයින්
කම්පා වුණෙමි. කෙසේ වෙතත් ඇයගේ ආත්ම ශක්තිය පිළිබඳ සන්තෝෂ වෙමි. ලක්මාලි වරකපොළ
හිරු ගෝල්ඩන් සිනමා සම්මාන උළෙල ජාත්‍යන්තර මට්ටමේ සම්මාන උළෙලකට සමානය. මෙරට
පැවැත් වූ ආකර්ෂණීයම සිනමා උළෙල මෙය බව මගේ හැඟීමයි. ආනන්ද වික්‍රමආරච්චි ඉහළ තල්දූව
ලංකාවේ රජ කතා, ජාතක කතා කරනවා නම් කරන්න පුළුවන් තුන් දෙනයි ඉන්නේ. ඒ ජයන්ත
චන්ද්‍රසිරි, සුනිල් ආරියරත්න, උදයකාන්ත වර්ණසූරිය. වෙන කවුරු හැදුවත් ඒවා රජ කතා
නෙවෙයි. සුනිල් අබේරත්න කොටහේන
මුතු තරංගාව ගාමනී සිනමාපටයෙන් අනතුරුව කිසිම චිත්‍රපටයකින් නොදුටුවෙමු. ඇයගේ
සුන්දර මුහුණ ආයෙත් රිදී තිරයෙන් දකින්නට ආසයි. ප්‍රියන්ජි අලව්ව
සිටි ගුවන් විදුලියට වසර විසි පහක් සපිරීම ගැන ඉතාමත් සතුටු වෙමි. එමෙන්ම
ශ්රාවකයාට ගුණාත්මක වැඩසටහන් ලබා දෙන ගුවන් විදුලි නාලිකා අතර සිටි පෙරමුණේ
සිටිති. අතුල රම්‍යසිරි පානදුර
දමිතා, සේමිණි මිතුරු වුණ එක ගෙඩාක් හොඳයි. හෂිණි වැලිගම
කොස්ලන්ද, මීරියකන්ද අවතැන්වූවන්ට සිරස නාලිකාවෙන් කරන මෙහෙවර අගය කරමි. නදීකා රණසිංහ ගම්පහ
කලා ලොව බැබලෙන තරුවක්, හිත හොඳ ශිල්පිණියක්, විටෙක හොඳ මවක් වූ ගීතා කාන්ති ජයකොඩි
රඟපාන සෑම චරිතයක්ම මනරම්. සංඛ පානදුර
හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ් නැවත වරක් විකාශය කරන්නකෝ. කසිනි නිශාරා පන්නිපිටිය
ජයවිලාල් විලේගොඩ වැනි සිනමා විචාරකයින් අවශ්‍යම මොහොතකයි අපි මේ සිටින්නේ. දැන්
ඉන්නේ කුහක විචාරකයෝ විතරයි. සුනිල් කන්දෙගෙදර රත්මලවින්න
මම මෑතදී බලපු හොඳම සිනමාපටය තමයි තන්හා රතී රඟා. දැන් හැදෙන රජ කතාවලින් හෙම්බත්
වෙලා ඉන්න අප රට සිනමාලෝලීන්ට ඒ වගේ හොඳ සිනමාපටයක් කලාතුරකින් හෝ නැරැඹීමට ලැබීම
වටිනවා. කසුන් මීගමුව
ගිනිබත් වූ මරදාන ගාමිණී සිනමාහල විනාශ වී වසර තිස් එකකට පසුව මරදාන එල්ෆින්ස්ටත්
රඟහල ගාමිණී නමින් නම් කිරීමේ වැදගත්කම කියලා නිම කරන්න බැහැ. චන්න චන්දනගම
ෆ්‍රෙඩී සිල්වා තරම් ප්‍රහසනයෙන් රසික රසිකාවන් පින වූ තවත් නළුවකු නැති තරම්. ඒත්
ඇයි දැන්වත් ඔහුගේ නමින් කිසිම දෙයක් නොකරන්නේ. සෙව්වන්දි නිරිඇල්ල රත්නපුර
පිරිමි ගායකයෝ කාන්තා ගායිකාවන්ගේ ගී ගැයීම හරිම අප්‍රසන්නයි. නිහාල් මහරගම
සුරාජ් මාපා යනු සොඳුරු කඩවසම් නළුවෙකි. ඔහුගේ රංගනය ඔහුටම ආවේනික වූවකි. පෙම්වත්
චරිත ඔහුට මනාව ගැලපේ. එමෙන්ම මම සුරාජ්ගේ නර්ථන හැකියාව අගයමි. දිලිනි චන්ද්‍රමාලි මාතර
මංජුලා කුමාරි තමයි මගේ ප්‍රියතම නිළිය. එයාව හැමදාම වුණත් දකින්න අපි හරි
කැමැතියි. අහිංසා ගාල්ල
කලා ලොව සියලුම උතුම් කලාකරුවන්ට මා පුංචි ආරාධනාවක් කරමි. කොස්ලන්ද මීරියබැද්ද
විපතින් හදවත් බිඳුණු මාපියන් අහිමිවුණු ඒ සිත්වලට අස්වැසිල්ලක් ගෙනෙන ඔවුන්ගේ
ජීවිත නැවත දිරිමත් කරන්න ඔවුන්ගේ හෙට දවසේ අනාගතය වෙනුවෙන් අරමුදලක් අරඹන්න.
එමෙන්ම දිවි පිදූ සියලු දෙනා ස්මරණය කරමින් ගීතයක් නිර්මාණය කරන්න. චතුරංග සම්පත් තුන්තැන හංවැල්ල
මහේෂි, විශ්ව මේ වසරේ ජනප්‍රියම නළු නිළි යුවළ වේවා. චලනි අවිස්සාවේල්ල
උද්දික ප්‍රේමරත්න අති දක්ෂ රංගන ශිල්පියෙකි. ඔහු කෙදිනක හෝ හොඳම නළුවා වනු ඇත. කුමාරි අනුරපුර
මගේ චොයිස් එකේ හැටියට පුංචි තිරයේ දඟකාරම තරු පහ
ලෝචනා ඉමාෂි මම ෆාතිමා වැලිගම
ප්‍රතිචාර තීරයට ක්ෂණිකව 0752805047 අංකයට එවන්න. නැත්නම් ප්‍රතිචාර,සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනයට තැපැල් හෝ සටහන් පත් ලියා අපට ලැබෙන්නට සලස්වන්න. www.sarasaviya.lk වෙබ් පිටුව හරහා ද ප්‍රතිචාර දැක්විය හැකියි.
|