විලියම්ගේ මරණයේ ඇත්ත
විලියම්ගේ මරණයේ ඇත්ත
අමෙරිකානු රංගන ශිල්පී රොබින් විලියම් පසුගිය අගෝස්තු 11 වැනිදා ජීවිතයෙන් සමු
ගත්තේ කැලිෆෝනියාවේ පිහිටි සිය නිවෙස තුළ ගෙල වැළලා ගැනීමෙන්. හොලිවුඩ් සිනමාවේ
කවුරුත් පිනවූ මේ හාස්‍ය රංගන ශිල්පියාගේ නික්ම යාම රසික සිත් තුළ ඇති කළේ
වේදනාවක්. ඒ වගේම එම අවස්ථාවේදි කැෆේන් සහ ආතතියට ගන්නා ඖෂධ ශරීරගත වී තිබීම මෙම
මරණය පිළිබඳ ඇති කළේ කුතුහළයක්.
ඇකඩමි සම්මාන උළෙලේ තෙවරක්ම හොඳම නළුවාට හිමි සම්මානට නිර්දේශ වූ රොබින් විලියම්
හොලිවුඩ් තරු මාවතේ තරුවකද හිමිකරුවෙක්. ඔහුගේ මරණ පරීක්ෂණ වාර්තාව පසුගියදා
ප්‍රසිද්ධියට පත් කෙරිණි. එයින් අනාවරණය වූයේ ඔහුගේ මරණය සිය දිවි නසා ගැනීමක් බවත්
නීති විරෝධි මත්ද්‍රව්‍ය හෝ ඖෂධ ශරීරගත නොවී ඇති බවයි. මිය යනවිට විලියම් පාකින්සන්
රෝගය සමඟින් සටන් කරමින් සිටියේය.
අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා මෙම විකට නළුවාගේ සමු ගැන්ම පිළිබඳ සිය කනගාටුව
ප්‍රකාශ කරමින් සඳහන් කර සිටියේ ඔහු අප සිහහ ගැන්වූවා සේම හඬවා වෙන්ව ගිය බවයි.
යතේජා
|