වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




ජෙනිෆර් ලෝරන්ස් ගැන අලුත් තොරතුරක්

ජෙනිෆර් ලෝරන්ස් ගැන අලුත් තොරතුරක්

හන්ගර් ගේම්ස් චිත්‍රපට මාලාවට ඇල්මක් දක්වන්නා වූ අයට නම් මේ පුවත ප්‍රීති දායක එකක් වනු ඇත. මෙම චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය Mockingjay Part 1 චිත්‍රපටය නුදුරේදීම තිරගත වීමට ද නියමිතව සිටියි. මෙහි ප්‍රධාන චරිතයට පණ දෙන්නේ ජනප්‍රිය හොලිවුඩ් නිළි ජෙනිෆර් ලෝරන්ස් විසිනි.

Mockingjay Part 2 චිත්‍රපටය ද ලබන වසරේ තිරගත වීමට සූදානම් වේ. නමුත් ජෙනිෆර්හට මේ චිත්‍රපට මාලාව නිසා තරමත තිගැස්මක් ඇති වී ඇති බවයි වාර්තා වෙන්නේ.

ආරම්භයේ සිටම හන්ගර් ගේම්ස් චිත්‍රපට මාලාවට දායක වී ජනප්‍රියවීමෙන් තමා ළමා නිළියක ලෙසින් ජනතාව හඳුනා ගනීවී යැයි ජෙනිෆර් බියට පත් වී තිබෙනවා. ඔස්කාර් සම්මානලාභි ඇය හන්ගර් ගේම්ස් චිත්‍රපට මාලාවේ චිත්‍රපටයකට දායකවී සිටි පිළිකා රෝගයකට භාජනය වූ පුද්ගලයෙකුට ඇමරිකානු ඩොලර් 25,000ක මුදලක් ද පරිත්‍යග කර තිබේ.