|
මාව දැකලා මිනිහා පැත්ත පළාතේ නොයිඳ දිව්වා
නර්තනාචාරිනී ප්‍රදීපා ආරියවංශ
එළිමහන් වේදිකා නර්තනයේ අත්දැකීමක් ගැන ප්රදීපාගේ හෙළිදරව්වි
නර්ථනය හා බැඳුණු නාමයක් තමයි ප්‍රදීපා ආරියවංශ කියන්නේ. වසර ගණනාවක් තිස්්සේ ගුරුවරියක මෙන්ම නර්ථන ශිල්පිණියක ද ලෙසින් ඇය ක්ෂේත්රය ඒකාලෝක කරමින් සිටිනවා. ප්‍රදීපා අලුතින් නර්ථනය හදාරන්න බලාපොරොත්තුවෙන් සිටින අයට සෑහෙන්න උදව් කරන කෙනෙකු විදිහටත් ප්‍රසිද්ධයි. ඇය පසුගිය දිනෙක ‘සරසවිය’ට පැමිණියේ ප්‍රදීපා යටතේ ඉගෙන ගත් ශිෂ්‍යාවකගේ භරත නාට්‍ය අරංගේත්රම් මංගල්‍යක් ගැන පුවතක් පළ කර ගැනීමටයි. එය අසා දැනගන්නවාත් සමඟ අප ඇය සමඟත් ටිකක් කතාබහ කළේ ඉතා දීර්ඝ කාලෙකින් ප්රදීපාගේ තොරතුරු රැගත් පුවත්පත් ලිපියක් පළ නොවූ බැවිනි. * ප්‍රදීපා පළමුව ඔබේ ශිෂ්‍යාවගේ කලා කටයුත්තේ විස්තර සඳහන් කරමු? ඇය සසනි විදුදරා ජයසිංහ. සසනි අවුරුදු හතක් මා ගාව ඉගෙන ගත්තා. මෙම මස 14 වැනිදා සවස කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්රවණාගාරයේදියි ඇගේ අරංගේත්රම් මංගල්‍ය පැවැත්වෙන්නේ. සසිනි නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක්. මෙය තමයි ඇයගේ භරත පාහින්යත් මංගල්‍යය. * ප්‍රදීපා දැන් කොච්චර කාලයක් වෙනවාද නර්ථනය උගන්වන්න පටන් අරගෙන? අවුරුදු දහ අටක්. * දැනට ගෝලයෝ කී දෙනෙක් විතර බිහි කරලා තියෙනවාද? දාහක් විතර. * වර්තමානය වන විට ඔබව වඩාත් දක්නට ලැබෙන්නේ එළිමහන් ප්‍රසංග වේදිකාවලදී? ඒක හරි. හැබැයි ප්‍රසංග එළිමහන්ද ගෘහස්ථ ද කියලා නෙවෙයි වැදගත්. එහි ගුණාත්මකභාවයයි අපි හොයලා බලන්නේ. * එවැනි තත්ත්වයකින් යුත් ප්‍රසංග අද තියෙනවාද? ඔව්. ඕනෑ තරම් තියෙනවා. * ඔබගේ නර්ථන කණ්ඩායමට ප්‍රසංගයකට ඇරැයුම් ලැබුණාම මොන වගේ පහසුකම් ද ඉල්ලන්නේ? වෙන මුකුත් ඕනෑ නැහැ, මගේ ගෑනු ළමයි ටිකට ඇඳුම් මාරු කර ගන්න ආරක්ෂිත තැනක් විතරයි ඉල්ලන්නේ. * එහෙම කියන්නේ පෙර අත්දැකීම් පදනම් කරගෙන වෙන්න ඇති? අපොයි ඔව්. ඒ සම්බන්ධව නම් හොඳ හොඳ දේවල් සිද්ධ වෙලා තියෙනවා. අපිට දිනක් අපේ ළමයි ටික ඇඳුම් මාරු කරන තැන එහා පැත්තේ මිනිහෙක් හිටියා. යන්න කිව්වට යන්නෙම නැහැ. අන්තිමේ මම පොල්ලක් අරගෙන ගියා දෙකක් ගහන්න. මාව දැකලා මිනිහා පැත්ත පළාතේ නොඉඳ දිව්වා. මේ වගේ හේතූන් මත අප ප්‍රසංග සඳහා යද්දී ඇඳුම් මාරු කරගන්න හොඳ තැනක් අනිවාර්යයෙන්ම ඉල්ලනවා. * ප්‍රසංග වේදිකාවන් මත බොහෝ වෙලාවල්වලදී ගීතයේ තේරුමට වඩා රිද්මයට මුල්තැනදී නර්ථන අංග ඉදිරිපත් වෙනවා. ඒක හරිම විහිළුවක්, ඔබ ඔය කියන තත්ත්වය මමත් දැකලා තියෙනවා. මම නම් කරන්නේ ප්‍රසංගයේ ගායක ගායිකාවන්ගේ නම් ලිස්ට් එක ඉල්ලලා ඔවුන්ගේ ගීත අනුව නර්ථන අංග නිර්මාණය කිරීම. එතකොට හරි. මම ඇතැම් ගායකයින්ගේ ගීතවලට නර්ථනයන් ඉදිරිපත් කරන්න යන්නේ නැහැ. විශේෂයෙන් බයිලා කියන අයට රිද්මයට පමණක් මුල්තැන දෙන එක නෙෙවි නර්ථනය කියන්නේ. * වර්තමාන ප්‍රසංග වේදිකාවේදී නර්ථන කණ්ඩායම් භාවිත කරන ඇඳුම් පැළඳුම් ගුජුප්සාජනකයි? ප්‍රසංග වේදිකාවන් නරඹන්න එන්නේ වෙනමම ප්‍රේක්ෂක කණ්ඩායමක්. ඔවුන් ඉදිරියේ ශරීර අංග පෙන්වන්න ලැහැස්ති වෙච්ච පිරිසක් ඉන්නවා. එහෙම කරන්නේ මොකටද යන්න මට ගැටළුවක්. මම මේ කියන්නේ නටද්දී හිසේ සිට දෙපතුළ දක්වා වහගෙන ඉන්න ඕනෑ කියන එක නෙවේ. හැබැයි නර්ථනයේ යෙදෙන්නා කාමය අවුස්සන කෙනෙකු නොවිය යුතුයි. ඒ හේතුවෙන් මගේ කණ්ඩායමේ අයට කෙටි ඇඳුම් අන්දන්නේ නැහැ. ඒ වගේම ඔවුනට ප්රසංගලදී පිරිමි ළමුන් සමඟ කතාබහ කිරීම තහනම්. මං මෙහෙම වැඩ කරන නිසා තමයි අදටත් මඩක් ගාගන්නේ නැතුව නමක් තියාගෙන ඉන්නේ. * ඔබේ දැක්මට අනුව නර්ථනය යනු කුමක්ද? හරිම සෞම්‍ය දෙයක්. නර්ථනය එක කලාවක් පමණයි. ඒ කලාවෙන් පුළුවන් මිනිස් සිත් නිවන්න. මෙයට සෑහෙන්න පැරැණි අතීතයක් තියෙන්නේ ඒ්කයි. * ඔබ අදටත් නර්ථනය ගැන ඉගෙන ගන්නවාද? ඔව්. එය ඉගෙන ගැනීමේ නිමක් නැහැ. * ඔබ ළඟට ශිෂ්‍යාවන් පැමිණෙන්නේ කුමන අරමුණකින්ද? කාලයක් තිස්සේ මම ඔබ ඔය ඇසූ දෙය ගැන අධ්‍යනය කළා. ඒ අනුව නර්ථනය හදාරන්න එන අයව කොටස් හතරකට වර්ග කරන්නට පුළුවන් වුණා. එක කණ්ඩායමක් එනවා විභාග සඳහා නර්ථනය හදාරන්න. තව පිරිසකට ඕනෑ නටලා මුදල් හොගන්න. විශේෂයෙන් රූපවාහිනී වැඩසටහන්වලට සහභාගිවීමයි ඔවුන්ගේ අරමුණ. විනෝදාංශයක් විදිහටත් ඇතැම් අය එනවා. මව්පියන්ගේ බලකිරීම් මත එන ළමයිනුත් ඉන්නවා. * මේ අයගෙන් කවුද සාර්ථකව නර්තනය හදාරන්නේ? විභාගවලට පෙනී සිටින්නන්. ඔවුන්ගේ වුවමනාව කැපවීම ඉතාම ඉහළයි. * ඔබ තුළ සිටින රංගන ශිල්පිණිය අද කෝ? මං බොහෝ සෙයින් දායක වුණේ වෙළෙඳ දැන්වීම් සඳහා. නමුත් දැන් දැන් ඒවායින් ටිකක් ඈත්වෙලා ඉන්නේ. කාර්යබහුලකමයි ඊට හේතුව.
|