වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




එහෙත් මාල කඩලා

එහෙත් මාල කඩලා

හොලිවුඩයේ ජනප්‍රිය චිත්‍රපට හා ටෙලි නාට්‍ය හාස්‍ය රංගන ශිල්පියෙකු වන ඇන්ඩි ඩික් පසුගියදා පොලිස් අත්අඩංගුවට පත් විය. මේ ජනප්‍රිය රංගන ශිල්පියා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ රූගත කිරීමකදී නම් නොවෙයි. කර මාලයක් සොරා ගැනීම හේතුවෙන් ලොස් ඇන්ජලීස්හි පොලිස් භාරයට පත් වූ ඇන්ඩි ඇමරිකානු ඩොලර් 25,000ක ඇපයක් මත මුදාහැර තිබේ.

මේ තරම් ජනප්‍රිය පුද්ගලයෙකු මෙවැනි වූ සොරකමට පෙළඹෙන්නේ ඇයි ද යන්න කාගේත් අවධානයට ලක් වුණා. වයස අවුරුදු 48ක් වූ මේ රංගන ශිල්පියා සාමාන්‍ය ජීවිතයේ අසාමාන්‍ය ලෙසින් හැසිරීම පිළිබඳව ද ජනප්‍රියත්වයක් හිමි වී තිබේ. මේ ඒ අනුව සිදුවූවක් බවට විශ්වාස කෙරේ. මීට පෙරද අවස්ථා කිහිපයකදීම අසාමාන්‍ය ලෙසින් හැසිරීම සහ විකාර වැඩ හේතුවෙන් ඔහු වැඩසටහන් වලින් පවා එළියට ඇද දමා තිබේ.