ඇඟ මොකටද ? කෑම කමු
ඇඟ මොකටද? කෑම කමු
ලස්සනට ඉන්න කවුද අකමැති. නළු නිළියන් විශේෂයෙන් ඒ පිළිබඳ උනන්දු වෙන පිරිසක්. කෑම
බීම වගේම ව්‍යායාම මගින් සිරුරේ හැඩය පවත්වා ගැනීමට ඔවුන් නොගන්නා වෙහෙසක් නොමැති
තරම්. මේ අතර ඇතැම් නළු නිළියන්ටම වෙන්වූ කෝකිවරුන් වගේම ව්‍යායාම උපදේශකයන් පවා
සිටිනවා. හැමදාම මේ විදියට සිරුර පත්වා ගැනීමට වෙහෙසුනත් ඇතැම් දිනක එය ඔවුන්ටම එපා
වෙන දිනයකුත් ඒවි යැයි ඔබ සිතනවාද?
ඒ වුණත් ඒ විදියට කෑම බීම, ව්‍යායාම මගින් සිරුරේ හැඩය ගැන උනන්දු වූ හොලිවුඩ් තරු
කිහිපයක් දැන් ඒ උත්සාහය අතහැර දමා ඇති බවයි වාර්තා වෙන්නේ. සුපිරි නළු ලියනාඩෝ
ඩිකැප්‍රියෝ, පොප් ගායිකා ලේඩි ගාගා, ටොම් කෲස්ගේ් පුත්‍රයා වූ කෝනර් කෲස්,
අයර්ලන්ත වේදිකා නාට්‍ය නිළි මීෂා බර්ටන්, අමෙරිකානු රංගන ශිල්පී ඇලෙක්ස් පෙටිෆර්
තමයි දැන් මේ විදියට නිදහසේ ආහාර ගනිමින් සිරුර ගැන වද නොවී සාමාන්‍ය විදියට
සිටින්නේ. තව ටික කාලයක් ගත වෙනකොට මේ අය කොහොම ඉඳීවිද කියල බලමු නේද?
යතේජා
|