වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 13 වැනිදා බ්‍රහස්පතින්දා




සඳුන්ට සම්මානයක්

සඳුන්ට සම්මානයක්

නිදහස් අධ්‍යාපනයේ පියා මෙන්ම මධ්‍ය මහා විදුහල් බිහි කිරීමේ පුරෝගාමියා වූ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමාගේ 130 වැනි ජන්ම දිනය සමරා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පළමුවරට සංවිධානය කරන ලද උපහාර උළෙලක් පසුගියදා (ඔක්තෝබර් 13 වැනිදා) යාපනය නෙල්ලිඅඩි මධ්‍ය මහා විදුහලේදී පැවැත්විණ.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි. එහිදී නිදහස් අධ්‍යාපනයේ උපරිම ඵල නෙලා ගනිමින් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විශිෂ්ටත්වයට පත් විද්වතුන්ට ගෞරව හා උපහාර පිදීමක් සිදු වුණු අතර, පොදු සහ පොදුජන යහපත වෙනුවෙන් සිදු කරන ලද අනුපමේය මෙහෙය සඳහා රංගන ශිල්පී සඳුන් විජේසිරි සම්මානයට පාත්‍ර විය. ඡායාරූපයෙන් දැක්වන්නේ සඳුන් විජේසිරි, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් සිය සම්මානය ලබාගත් අයුරුයි.