වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




දෙරණ සිනමා උළෙල

දෙරණ සිනමා උළෙල

දෙරණ මාධ්‍ය ජාලය මඟින් මෙරට සිනමා ක්ෂේත්‍රයේ නිර්මාණකරුවන් අගයමින් දෙවන වරටත් සංවිධානය කරනු ලබන දෙරණ සිනමා සම්මාන උළෙල මෙම මස 27 වැනිදා එනම් හෙට සවස 6.30 කොළඹ මියුසියස් විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වෙයි.

ඒ සඳහා තරග වදින ගිය වසරේ තිරගත කළ චිත්‍රපටයන් මෙසේය.

සක්විති දඩයම - සුමිත් ගල්හේන

කුස පබා - මහාචාර්ය සුනිල් ආරියරත්න

මාතා - බූඩි කීර්තිසේන

කුරුමිට්ටෙක් ඇවිත්- ජුනයිදීන්

වස්සානේ සෙනෙහස – ඩෙන්සිල් ජයවීර

විජය කුවේණි - සුගත් සමරකෝන්

සුපර් සික්ස් - උදාර පල්ලියගුරු

සිහිනය දිගේ එන්න – චන්ද්‍රත්න මාපිටිගම

දරුවනේ - වී. සිවදාසන්

කලර් – ඉසුරු වීරසිංහ මුදලි

සෙනසුරු මාරුව - උදයකාන්ත වර්ණසූරිය

කර්ම – ප්‍රසන්න ජයකොඩි

ප්‍රතිරූ - වෛද්‍ය කපිල සූරියආරච්චි

මවුස් - වසන්ත මොරගොඩ

ජීවිතය ලස්සනයි - සුදේශ් වසන්ත පීරිස්

ඉනිඅවන් – අශෝක හඳගම

මේ වන විට තිරගත නොවුණ පහත සඳහන් චිත්‍රපට ද සම්මාන උළෙල සඳහා නිර්දේශ වී ඇත.

සැමීගේ කතාව - ප්‍රියංකර විතානාච්චි

ඔබ නැතුව ඔබ එක්ක – ප්‍රසන්න විතානගේ

මයිල්ස් ඔෆ් ද ඩ්‍රීම් – උදය ධර්මවර්ධන

ස්වර - සංජය නිර්මාල්

සමනල සංධ්වනිය – ජයන්ත චන්ද්‍රසිරි

තන්හා රති රඟා- නිලේන්ද්‍ර දේශප්‍රිය

ඉන්රුන්දු - සුමති සිවමෝහන්

ජනප්‍රිය නළුවාට සහ නිළියට සම්මානය සඳහා තරග වදින නළු නිළියන්. (මෙහි පළවනුයේ ලබා ගත් ප්‍රේක්ෂක මනාප අනුව නොවේ)

නළුවා

රන්ජන් රාමනායක, ජැක්සන් ඇන්තනී, රොෂාන් රණවන, කමල් අද්දරආච්චි, රොජර් සෙනෙවිරත්න, හේමාල් රණසිංහ, සාරංග දිසාසේකර, චන්න පෙරේරා

නිළිය

පූජා උමාශංකර්, අනූෂා දමයන්ති, සඳනි සුලක්නා, උමයංගනා වික්‍රමසිංහ, දුලානි අනුරාධා, පබෝදා සංදීපනී, උදයන්ති කුලතුංග, ශේෂාද්‍රි

මෙම සම්මාන උළෙල ඔක්තෝබර් 05 වැනිදා දෙරණ නාලිකාවේ විකාශය වනු ඇත.