|
කලාකරුවකු යනු
අවසාන කටයුතු අවසන් වුණාට පස්සේ රාත්‍රියේ අර ඥාතිවරයාට කිව්වාලු හොඳ තනතුරක් විතරක් නොවෙයි ප්‍රසිද්ධ වෙන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි ඒ අසල කැරම් ගසමින් සිටි තරුණයන්ට කතා කරලා ඇහුවාලු උඹලා දන්නවාද මෙහෙ ඉන්න නඩුකාර උන්නාසේගේ නම් මොකක්ද කියලා. කොල්ලෝ කිවවාලු දන්නේ නැහැ කියලා. ආයෙත් ඇහුවාලු අපේ දොස්තර මහත්තයාගේ නම දන්නවාද කියලා. කොල්ලො කිව්වාලු දන්නේ නැහැ කියලා. ආයෙත් ඇහුවාලු සිරියාමේ සාරා සිංදුව කියන්නේ කවුද කියලා. ආ . . . ඒ එච්. ආර්. ජෝතිපාලනෙ කියලා කොල්ලො ඔක්කොම උත්තර දුන්නාලු. ඇහුනද ඒක තමයි කලාකාරයෙක් කියන්නේ කියලා ආර්. ආර්. ඥාතියාට කිව්වාලු. |