වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

මනරම් සිතුවමකි කෝරලේ මහත්තයා

සුන්දර දසුන් නෙත අබියස මවා තියා
ගැමිකම අපේකම සෙනෙහස හදේ තියා
සිත ඉගිලෙන විටද නෙත හුරු දසන් සොයා
මනරම් සිතුවමකි කෝරලෙ මහත්තයා
 

රංජනී ශ්‍යාමලී පීරිස්

අඟුලාන

රුවින්, දැනුමින් මුසපත් කරයි
 

වරුණි උත්පලාට,

රංජිත් එදිරිසිංහ මහතා හා එක්ව භාරත ගී වින්දන තුළින් අප ආමන්දානන්දයට පත් කිරීමට ඔබගෙන් ලැබෙන සහාය රුකුල අප්‍රමාණය. රුවින්ද හින්දි භාෂා දැනුමෙන් ද පිරිපුන් ඔබතුමිය මධුර මනෝහර ලාලි්‍යයෙන් අපව මුසපත් කිරිමට සමත්ව සිටියි.
 

අජිත් ජෝතිය කරසිංහ

මත්තෙගොඩ

ජීවන්, කංචන පිය පුතු වී ‘දාසී’ හැඩ වී

නිවසෙහි රියදුරු සමඟ එකතු වී තම ස්වාමි පුරුෂයාට විරුද්ධව නැගී සිටින දුෂ්ට බිරිඳකගේ චරිතයත්, ඔත්පළ වූ තම පියා සුවපත් කර ගැනීම උදෙසා ධනවත් වලව්වක හිමිකරුගේ ආබාධිත තත්ත්වයට උවටැන් කරන අවිහිංසක යුවතියගේ ද සිද්ධීන් සහ ක්‍රියාදාමයන් පෙළ ගස්වන දාසි හොඳ ටෙලි නාට්‍යයකි. ජීවන් කුමාරතුංග සහ කංචන කොඩිතුවක්කු පිය පුතු ලෙස ප්‍රතිභාන්විත රංගනයක යෙදේ.
 

ඩඩ්ලි ගෝමස්

මොරටුව

ඒ ලෙවල් ඉවරයි නැවුම් ආශ්වාදයක්

රූපවාහිනී ටෙලි නාට්‍ය කලාවට දිගින් දිගටම දෝෂාරෝපණ එල්ල වන මෙවන් යුගයක ලක්මිණ අමරදේව ඒ ලෙවල් ඉවරයි නාට්‍යය තුළින් නැවුම් ආශ්වාදයක් ගෙන දෙන්නට සමත් විය.
 

ජානක ඉලුක්කුඹුර

කඩවත

S.M.S.

නාරද බක්මීවැව ඉතා හොඳින් නිවේදන කටයුතු කරනවා. ඉස්සර වගේ කොණ්ඩෙ වවන්න කියලත් ආරාධනා කරනවා.
 

ෆාතිමා

වැලිගම

අපූරුයි ‘අපේක්ෂා’

නළු නිළි සංකලනය සහ නාට්‍ය කළමනාකරණ හැකියාව මොනවට කියාපාමින් අයි. ටී. එන්. ඔස්සේ විකාශය වූ අපේක්ෂා ටෙලි වෘත්තාන්තය බොහොමත් අපූරුයි. එහි අධ්‍යක්ෂ ලිලන්ත කුමාරසිරි මහත්තයාටත් අපේක්ෂා නිෂ්පාදන කණ්ඩායමටත් තුති මල් මිටක් මම මෙලෙස පුදමි.
 

චම්පිකා ලසන්ති

වැලිමඩ

පිට දේශයේ ළඳුන් කුමටද?

මහාචාර්ය සුනිල් ආරියරත්න මැතිඳුණි,

යශෝධරාවත කාව්‍ය කෘතිය සිනමාවට ගෙන ඒම නම් කදිමයි. සිය රට දේ සිරි සැප දේ වෙන්නා සේ පිට දේශේ ළඳුන් කුමටද මේ දෙරණට, මැණික් බොහෝ සැඟ වී ඇත මේ ලක් භූමියේ. ගෞරවයෙන් සුනිල් මහතාගෙන් මෙසේ අයදිමි. යශෝධරා ලෙස රැඟුමට රිදී තිරයේ නවක, රුවැති, ගුණැති සිරිලක හි දියණියක හඳුන්වා දෙනු මැනවි හෙළ සිනමාවට.
 

අනූෂා

අම්බලන්ගොඩ

මෙතරම් නපුරු වුණේ කෙළෙසද නවක නිළියන්

මහේෂි සහ මේනකා අතර ආරවුල පසුගිය දිනවල මාධ්‍ය මඟින් දැනගන්නට ලැබුණි. පුයර උලාගෙන රූප පෙට්ටියේ පෙනී සිටින නවක නිළියන්ගේ ඇතුළාන්තය මෙතරම් නපුරුද. රුක්මණී දේවියගේ සිට මාලිනී ෆොන්සේකා සංගීතා දක්වා අපගේ ජ්‍යෙෂ්ඨ නිළියන් කොතරම් ආදර්ශවත් ද. එම ශ්‍රේෂ්ඨ නිළියන් සැබවින්ම රැජනියන්ය.
 

මහින්ද නානායක්කාර

පිළියන්දල

උද්දික ප්‍රේමරත්න අයියේ

ඔයා මුතුපලස නාට්‍යයේ ලස්සනට ඇක්ට් කරනවා.
 

අමිල ප්‍රසාද්

බැන්ගමුව

පසුගිය සතියේ ‘සරසවියේ’ පළ වූ ‘ගම්පහ නම් සිරි පැරකුම් හරි මනරම්’ නම් ලිපිය අගයමි. ඒ පිළිබඳව ස්තුතිවන්ත වන අතර දැන්වත් ඔවුන්ගේ ශාලාව සතු ලෝකේ කොහේවත් නැති ඉතා ඉහළ තාක්ෂණික ක්‍රම වෙනස් කළ යුතු බව තේරුම් යන්න ඇති. අඩුම වශයෙන් සිරි පැරකුම් චිත්‍රපටය ගැනවත් සිතා බලා කටයුතු කළා නම් කොතරම් හොඳද.
 

ලංකා මාධව

කළුබෝවිල

යුරේනි නොෂිකා තමයි මං දැකපු සරලම සුන්දර නිළිය.
 

ප්‍රියංගි

ගම්පොළ

අංගනා, කාන්තා ලොවේ සංකීර්ණ ගති පැවතුම් දුක කඳුලු උපක්‍රමශීලීව අරමුණු ජය ගැනීමේ සමත්කම මනාව නිරූපිත අගනා ටෙලි නාට්‍යයකි.
 

හර්ෂනාථ බණ්ඩාර

නිකවැරටිය

කෝලම් දැකලා එපා වෙලා

නෙහාරගේ මළ කෝලම් දැකලා අපිට දැන් එපා වෙලා. දම්සාරි ඩ්‍රාමා එක ආසාවෙන් බැලුවා. ඒත් නෙහාරාගේ විකාර හින්දා අපට එපා වුණා.
 

මධුෂා

මාතලේ

සිරස ටී. වී. මඟින් විකාශය වන ‘එකමත් එක කාලෙක’ වැඩසටහන මේ රටේ බොහෝ දායකත්වයක් දැක් වූ වැඩිහිටි කලාකරුවන් වෙනුවෙන් කරන අගනා මෙහෙවරකි. යුග ගණනක් රංගනයෙන් ගායනයෙන් ශ්‍රී ලාංකික රසිකයන් පින වූ ඔවුන්ව අමතක නොකිරීම ඔවුනට කරන උපහාරයකි.
 

ඈන් නිලන්ති ප්‍රදීපිකා

අංගම්පිටිය

සකිසඳ එළියස් ටෙලිය ඩී. වී. ඩී. ලෙස එළි දැක්වීම ප්‍රසංසනීයයි.

එහි ජෝ අබේවික්‍රම, ජයලත් මනෝරත්න, ඇන්ටන් ජූඩ් යන අයගේ රංගනය සුපිරිය.
 

කේ. ඒ. ඩී. නාමල්

අකුරැස්ස

A/L ඉවරයි කොල්ලො ටික මාරයි නාට්‍ය නියමයි
 

තිලක් රෝහණ

ගිරිඋල්ල

අජිත් ජෝතිය කරසිංහ වැනි සිනමාවට වඩාත් ලෙංගතු රසිකයින් අගය කළ යුතුයි.
 

ජනිත් නිපුණ

තරංග

කටුනේරිය

විශ්ව ලංකා අයියේ,

ඔයාගේ රංගනයත් එළ, නිවේදනයත් එළම එළ.
 

නිලුකා

කුඩාගම

සෝනියා දිසාට,

සෝනියා දිසා යනු දශක කීපයක්ම සිනමාව ඒකාලෝක කළ රංගන ශිල්පිනියකි. අද සමහර නිළියන්ට නැති නිරහංකාරකම ඕනෑවටත් වඩ තිබූ සෝනියා රසික රසිකාවන්ටත් අසීමිතව ආදරය කළ ශිල්පිනියකි.

සෝනියාට අසාධාරණයක් සිදු වී ඇත්නම් සහෝදර සිනමා ශිල්පීන් එකතු වී වගකිවයුත්තන්ට පවසා එය නිරාකරණය කිරීම යුතුකමකි.
 

කරු මන්දාවල

නාත්තණ්ඩිය

ජගත් වික්‍රමසිංහ ඉතා හොඳ ගායන කුසලතාවයක් ඇත්තෙකි. ඔහුගේ ලස්සන ගීත අප අසා ඇත්තෙමු. අයි. ටී. එන්. නාළිකාවේ සුපිරි හපනා හි විනිසුරු මඬුල්ලේ සිටින ඔබ නවකයින්ව අපහසුතාවයට පත් නොකොට ලබා දෙන විනිශ්චය අගය කරමු.
 

අශෝකා, වත්සලා, චන්දන

අම්බලන්තොට

ලොව හොඳම නළුවා ලෙස කිරුළු පළන් ජගත් චමිල රංගන පාසලක් ආරම්භ කොට නවකයන් සුමගට ගන්න යැයි ආයාචනා කරමි.
 

අතුල කුමාරසිරි

කැරන්වත්ත

හැත්තෑව, අසූව, අනූව දශකවල සිංහල සංගීතයට වටිනා මෙහවරක් කළ ග්‍රේෂන් ආනන්ද ඔබ සදා අමරණීයයි.
 

සරත් මද්දුමආරච්චි

සමන්තිකා මද්දුමආරච්චි

වෑත්තෑව

වෙනස්ම ආකෘතියෙන් නිර්මාණය වූ මුතුපලස ටෙලි නාට්‍යය ටෙලි නාට්‍යයක් ඇතුළේ වන දේවල් සියුම්ව සරලව තේරුම් කර දෙනවා.
 

සුමුදු ලසන්ත

දෙණියාය

අප රිදී තිරයට ගැළපෙන්නේ ජෝති ගීත පමණි. තෙම්පරාදු කරපු බයිලා ගීත ගැළපෙන්නේ නැහැ.
 

අනුලාවතී

අවිස්සාවේල්ල

කොත්තුව වැයෙන තාලයටත් සිංදු හදන කියන ඒවාට සම්මානත් දෙන මේ කාලයේ චාමර වීරසිංහගේ මගේ ඇඟිලි තුඩක, ඔය සුසුම් පවන්, නුවන් චාමර සලා වැනි ගීත ඇත්තටම අර්ථවත්.
 

රසික රොහාන් හඳුන්ගමුව

මාතලේ

දසුන් මධුශාන් ස්වප්නා ටෙලි ඩ්‍රාමා එකේ සිංදුව ලස්සනට කියනවා. ඔයා වගේ කෙනෙක් නව පරපුරට හඳුන්වා දුන්නාට සිරසට තුති.
 

දමිතා, නිම්නාදි

සෙනුලි, දසුන්, චතුරි

පබා,

රාවතාවත්ත

මොරටුව

ඔයා නිසා අපි සිනහ සයුරේ ගිලෙමු. කෝරලේ මහත්තයා හි පිනා අයියේ, එහෙම කිව්වෙ ඔයාටයි.
 

නදීරා චන්ද්‍රකාන්ති

ගම්පහ

සිහින විලක් ටෙලි නාට්‍යයේ රඟන ග්‍රේස් තෙන්නකෝන්ගේ කොණ්ඩා මෝස්තරය ඇඳුමට ගැළපෙන්නේ නැහැ.
 

කුමාරිහාමි

වැලිමඩ

ඉෂාම් සම්සුඩීන් රන්කෙවිට 2 ෆිල්ම් එකේ අති දක්ෂ විදිහට රඟපානවා. චිත්‍රපටවලින් ඔබව දිගටම දකින්න ආසයි.
 

ෂහීත් මුරාඩ්

මීගමුව

දයාබර චන්න පෙරේරා,

ඔබගේ කල්පාන්තේ සිහිනයක් තවමත් ප්‍රමාද ඇයි.
 

සුමිත්

ගම්පහ

වික්ටර් රත්නායකයන්ගෙන් අලුත් ගීතයක් අහන්නට ආසයි.
 

ලක්මාලි

වරකාපොළ

අතේ ඇති ජංගම දුරකථනයෙන් ක්ෂණිකව 0752805047 අංකයට කෙටි පණිවුඩ මඟින් ඔබේ සිතැඟි එවන්න. ඒවා සරල භාෂාවෙන් සටහන් කිරීමට උනන්දු වන්න.

ප්‍රතිචාර සඳහා
ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනයට තැපැල්පත් යොමු කළ හැකිය.