|
ඉන්දියානු සිනමා කතාව 33සම්මාන නැතුව අධ්‍යක්ෂ රෝගාතුර වෙයිමේ වසරේ සියවස සමරන ඉන්දියානු සිනමාවේ කතාන්තරයේ තවත් රසබර කොටසක්.
ඉන්දියානු සිනමාවේ බිහි කරන ලද සිනමාකරුවන් අතර මෙහෙබ්බු ඛාන්ට අයත් වන්නේ ඉහලම තැනකි.සාගර් මුවිටෝන් හරහා අල් හිලාල් චිත්‍රපටය නිර්මාණය කරමින් සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන මෙහෙබුබ් සාගර සහ එහි අනුප්‍රාප්තික නැෂනල් ස්ටුඩියෝවෙන් පසු 1942 වසරේ දී තමාගේම මෙහෙබුබ් නිෂ්පාදන සමාගම ආරම්භ කළේය. ඔහුගේ චිත්‍රපට පුරා විහිදුන වීර කාව්‍යය සම්ප්‍රදාය හේතුවෙන් මෙහෙබුබ් හින්දි සිනමාවේ සිසිල් බී ඩිමෙල් ලෙස හඳුන්වා දෙන ලදී.සාගර් නම නැෂනල් ස්ටුඩියෝ වශයෙන් වෙනස් කළ පසු ඔහු ඒ වෙනුවෙන් චිත්‍රපට තුනක් නිර්මාණය කළේය. ඒ අවුරත් (1940),බහේන් (1941) සහ රොටී (1942) එම චිත්‍රපට ත්‍රිත්වයයි. පසු කලක ඉන්දියානු සිනමාවේ සදාකාලික විශිෂ්ට චිත්‍රපටයක් ලෙස සිනමාවට නැගුණ මදර් ඉන්ඩියා යනු අවුරත් චිත්‍රපටයේ ම ප්‍රති නිර්මාණයකි.අවුරත් චිත්‍රපටය සඳහා මුල් අදහස ලබා ගෙන ඇත්තේ පර්ල් එස්.බක් ගේ ද ගුඩ් අර්ත් නවකතාවෙනි.වූයේය.මේ චිත්‍රපටය අතිශය ජනප්‍රියත්වයට පත් වූවා පමනක් නොව ඒ සමග අති විශාල විචාරක ප්‍රසාදයක් ද මෙහෙබුබ් ට ළඟා කර දුන්නේය.අවුරත් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ සර්දාර් අක්තාර් ගේ රංගනය ද ඉතා විශිෂ්ට එකකි.සමාජ සිද්ධීන් හරහා ඉන්දියානු ජන ජීවිතයේ නිළ ඇල්ලීමට මේ මුල් චිත්‍රපට ත්‍රිත්වයේ දී ම මෙහෙබුබ් වග බලා ගත්තේය.මේ චිත්‍රපට සියල්ල සමාජ විග්‍රහයන් වූයේය. එමෙන්ම විලාසයෙන් සම්ප්‍රදායික ඉන්දියානු සිනමා ගති ලක්ෂණ එහි ගැබ් වූව ද ගැඹුරු සිනමා ප්‍රවේශයක් එයට ලබා දීමට මෙහෙබුබ් සමත් විය.එහෙත් මේ වනවිට නැෂනල් පික්චර්ස් පාලනාධිකාරිය සහ මෙහබුබ් අතර මත ගැටුම් බහුල විය.එහි ප්‍රතිඵලය වූයේ තමන්ගේම චිත්‍රපට සමාගමක් ඇරඹීමට මෙහෙබුබ් එයින් ඉවත් ව යෑමයි.ඔහු ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙක් හෝ ඉන්දියානු මහජන නාට්‍ය සංවිධානයේ (.ඪ.න.බ.ච) සාමාජිකයකු නොවුව ද මෙහෙබුබ් සිය සමාගමේ සළකුණ ලෙස භාවිතා කළේ දෑකෑත්ත සහ මිටිය යි.මෙහෙබුබ් සමාගමේ චිත්‍රාගාරය 1952 වසරේ ඉදිවුණ අතර හියුමාන්,අන්මොල් ගාධි,එලන්,අනෝකි ආදා,අන්දාස්,ආන්,අමර්,මදර් ඉන්ඩියා සන් ඔෆ් ඉන්ඩියා යන චිත්‍රපට නිර්මාණය කරන ලද්දේ එමගිනි. මෙහෙබුබ් විසින් නිර්මාණය කරන ලද මදර් ඉන්ඩියා තරම් ජනප්‍රිය චිත්‍රපටයක් හින්දි සිනමා ඉතිහාසයේ බිහි වූයේ නැත.වර්තමානයේ කොපමණ චිත්‍රපට මුදල් ඉපැයීම අතින් ඉහල අගයක් ගත්ත ද එදා ප්‍රවේශ පත්‍ර මිළ හා ඉන්දියානු සිනමා වෙළඳ පොල හා සසඳද්දී මදර් ඉන්ඩියා ලැබූ ආදායම ඒ එකක් හෝ සමග සැසඳීම යුක්ති සහගත නොවේ. එය 1957 වසරේ ඇකඩමි සම්මාන උළෙලේ හොදම විදේශ භාෂා චිත්‍රපටය ලෙස නාමයෝජනා දිනා ගැන්මට ද සමත් විය. ඉන්දියානු සිනමා ඉතිහාසයේ එම සම්මානය සඳහා නිර්දේශිත මුල්ම චිත්‍රපටය වූයේ මදර් ඉන්ඩියා වන අතර යළිත් ඒ සඳහා නිර්දේශිතවන්නට ඉන්දියාවට තවත් දශක ගණනාවක් ගත විය.කෙසේ වෙතත් මදර් ඉන්ඩියා අදාළ සම්මානය නොලැබීම මෙහෙබුබ් ට කෙතරම් බලපෑමක් කළා ද කිවහොත් ඇකඩමි සම්මාන උළෙලට සහභාගිවූ මෙහෙබුබ් ආපසු ආවේ අංශ භාග රෝගියකු හැටියටය.ඔහු අවසන් වරට නිර්මාණය කරන ලද සන් ඔෆ් ඉන්ඩියා මදර් ඉන්ඩියා චිත්‍රපටයේම කොටසක් ලෙස හැඳීන්වුව ද එය ඔහුගේ මුල් චිත්‍රපට සමග කිසිසේත් සැසඳීය නොහැකිව තිබිණ.1906 වසරේ දී ගුජරාටයේ දී මෙහෙබුබ් උපත ලද්දේ රම්ජන් ඛාන් යනුවෙනි. 1964 වසරේ ඔහු මිය ගියේ ජූලි 28 වැනි දිනය. ඒ ජවහර්ලාල් නේරු තුමන් මිය ගිය දිනට පසුදිනය.ඒ වන විට ඔහුගේ මෙහෙබුබ් චිත්‍රාගාරය වස්තු භංගත්වය ළඟා වෙමින් තිබිණ.වසර ගණනාවක් එහි ශබ්දාගාරය පවත්වා ගෙන ගිය නමුත් පසුගිය වසරේ මේ භූමිය ද නිවාස සංකීර්ණයක් ඉදි කරනු වස් ඉවත් කෙරිණ. එහෙත් මදර් ඉන්ඩියා චිත්‍රපටය අද පවා බොහො සිනමා විචාරකයන්ගේ ද සිනමා විද්‍යාර්තින්ගේ ද අවධානයට පාත්‍ර වන චිත්‍රපටයක්ව ඇත්තේය. ඒ ඉන්දියානු සිනමාව හැදෑරීමේදී එය ඉන්දියානු නාට්‍ය කලා සම්ප්‍රදායත් අතීතයේ සිට උරුම කම් පෑ කතා කීමේ ඉන්දියානු ශෛලියත් සාමාන්‍ය ජන ජීවිතය ඇතුළතට එය කිඳා බසින අයරුත් විග්‍රහ කරන්නට එතරම් හොඳ නිදර්ශණයක් තවත් නැති තරම් හෙයිනි.ප්‍රවීණ සිනමා විචාරිකාවක් වන ගයාත්‍රි චැටර්ජි මදර් ඉන්ඩියා පිළිබද විශිෂ්ට ග්‍රන්ථයක් ද රචනා කරන ලද්දීය.එපමනක් නොව මදර් ඉන්ඩියා අපේ කලාපයේ ගැහැනුන්ගේ චිත්ත ශක්තිය පිළිබඳ කදිම ප්‍රශස්තියක් ද වන්නේය. මතු සම්බන්ධයි
|