වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




උණුසුම් සෝඩා

උණුසුම් සෝඩා

ශ්‍රියන්ත මෙන්ඩිස් බොහොම කාලෙකට ඉහත සිය කුඩා අවදියේදී තාත්තා එක්ක චිත්‍රපටයක් බලන්න ගියාලු.

ශ්‍රියන්තගේ තාත්තා කොහොමත් චිත්‍රපට බලන්න ගොඩක් ප්‍රිය කරන පුද්ගලයෙක්. මේ චිත්‍රපටයත් තාත්තට හොඳට හිතට අල්ලලා ගිහින්. ඉතිං මේ අතරතුර ශ්‍රියන්තට යම් අවශ්‍යතාවක් ඇති වෙලා. ඒක තාත්තට කිව්වම චිත්‍රපටයේ සිහියෙන් ඉන්න තාත්තා කිව්වලු පොඩ්ඩක් හිටපන් කියලා.

දෙවැනි තෙවැනි වරටත් කිව්වත් පිළිතුර ඒකම වුණාලු. අවසාන වරට ඉවසගෙන ඉන්න බැරිම තැන ඇහුවම තාත්තත් කරදරේ ඉවසන්න බැරිව කිව්වලු කොහෙවත් යන්න ඕනෑ නැහැ ඔන්න ඔහොම කරපං කියලා.

ටික වෙලාවක් යන කොට ඉදරි පෙළ අසුනේ සිටි ප්‍රෙක්ෂකයෙක් කෑගැහුවලු මොකද මේ වතුර එන්නේ කියලා. ශ්‍රියන්තගේ තාත්තාත් කිව්වාලු මේ සෝඩා බෝතලයක් පෙරළිලා කියලා. එතකොට අර පුද්ගලයා කෑගහලා ඇහුවාලු සෝඩා කෙහෙද රස්නේ කියලා.