වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




හිනාවක තරම

හිනාවක තරම

එඩ්වඩ් චන්ද්‍රසිරි කලා ක්ෂේත්‍රයේ දක්ෂ නාට්‍ය සංවිධායකයෙක්. ඒ වගේම තමයි ඔහු විහිළු කතා කියන්නත් හරිම දක්ෂයෙක්. එඩ්වඩ්ගේ සිනා සයුර 2 පොත අද නිකුත් වීමට නියමිතයි. අද එඩ්වඩ්ගේ කතා පුවත්පත් බොහොමයකත් පළ වෙනවා.

බොහොම කාලෙකට ඉස්සර හිනා කතා පත්තරයක් පළ වුණා. ඒක බොහොම ඉහළ අලෙවියක් වාර්තා කළ එකක්. එඩ්වඩ් මේ හිනා පත්තරේටත් විහිළු කතා ලිව්වා. ඔහු කෙතරම් හොඳට විහිළු කතා ලිව්වා ද කියනවා නම් පත්තරේ හිමිකරු කිව්වාලු පත්තරේ භාර අරගෙන කරන්න කියලා.

ඉතිං එඩ්වඩ් කොච්චර හොඳට පත්තරේ කලා ද කියනවා නම් මාස තුනකින් පත්තරේ අලෙවිය සීඝ්‍රයෙන් අඩු වුණා. පසුව පත්තරේ නවත්වන්න අදාල පිරිස තීරණය කළා.