වර්ෂ 2013 ක්වූ සැප්තැම්බර් 26 වැනිදා බ්‍රහස්පතින්දා




‘CSN සහෘද යාමය’ 15 දා මහරගම යොවුන් රඟහලේ

CSN සහෘද යාමය’ 15 දා මහරගම යොවුන් රඟහලේ

කාල්ටන් ක්‍රීඩා සමාජයේ සුබසාධන සංගමයට ආධාර පිණිස ඛ් ඉ ව් රූපවාහිනි නාලිකාව ඉදිරිපත් කරන ‘සහෘද යාමය’ සංගීත ප්‍රසංගය ඔක්තෝබර් 15 වැනිදා සවස 6.30 ට මහරගම යොවුන් රඟහලේදී පැවැත්වේ.

අමරසිරි පීරිස්, විශාරද දීපිකා ප්‍රියදර්ශනි පීරිස්, කසුන් කල්හාර ගී ගයන මෙම ප්‍රසංගයේ සංගීතය විශාරද මනෝජ් පීරිස් විසිනි. කථනය වජිර ජයවර්ධනගෙන්.

ඩොල්බි සමුගනී

ලෝක සිනමා ශබ්ද තාක්‍ෂණයේ මහා පෙරළියක් කළ ඩොල්බි තාක්‍ෂණය හඳුන්වා දුන් රේ මිල්ටන් ඩොල්බි පසුගිය දා අමෙරිකාවේදී අභාවප්‍රාප්ත විය. මියයන විට ඔහු 80 හැවරිදි වියෙහි පසු විය.

ලෝකයේ මුල් කෝටිපතියන් 400 දෙනාට අයත්ව සිටි ඩොල්බි ඉංජිනේරුවරයකු විය. 1965 දී ඔහු ඩොල්බි රසායනාගාරය ආරම්භ කළේ 4 දෙනෙකුගෙන් යුතු සේවකයන් පිරිසක් සමඟිනි.

අන්දුන් කුන්දුන් වැඩ නිමයි

ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කරන නවතම හාස්‍යෝත්පාදක චිත්‍රපටය වූ අන්දුන් කුන්දුන් හී සියලු රූගත කිරීම් පසුගියදා අවසන් විය. ක්ලීටස් මෙන්ඩිස්, ආනන්ද වික්‍රමගේ, මානෙල් වානගුරු, ඩී. බී. ගංගොඩතැන්න, මානෙල් චන්ද්‍රලතා, සුදත් අප්පුහාමි, චතුර පෙරේරා, නන්දන හෙට්ටිආරච්චි, අජිත් වීරසිංහ, රජීව් නානායක්කාර, අනුර ධර්මසිරිවර්ධන ඇතුළු පිරිස මෙය රංගනයෙන් හැඩ ගන්වති.

සංගීතය කපිල පූගලආරච්චිගෙනි. ජනිත් ගුණසේකර කැමරා අධ්‍යක්ෂවරයාය.

අන්දුන් කුන්දුන් සදෙව් ෆිල්ම්ස් වෙනුවෙන් රංජිත් කරුණාතිලකගේ නිෂ්පාදනයකි.