වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




ශ්‍රී ලාංකික මුල්ම ත්‍රිමාණ චිත්‍රපටය ඉන් ටු ද කොමට් වැඩ අරඹයි

ශ්‍රී ලාංකික මුල්ම ත්‍රිමාණ චිත්‍රපටය ඉන් ටු ද කොමට් වැඩ අරඹයි

අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත් සමඟ අධ්‍යක්ෂ තිලංක සහ මහීල් යන මහත්වරුන් මුහුරත් උළෙලේදී

ශ්‍රී ලංකාවේ නිර්මාණය වන පළමු ස්ටීරියෝ ති‍්‍රමාන චිත්‍රපටයේ මූලික වැඩ කටයතු පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ. ශ්‍රීමත් ආතර් සී. ක්ලාක්ගේ ඉන් ටු ද කොමට් කෘතිය ඇසුරෙන් තැනෙන මෙය නම් කොට ඇත්තේ එනමිනි. තිලංක පෙරේරා අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටයේ තිර පිටපත ඔහු විසින්ම නිම කොට ඇත. කතාවෙහි අධීක්ෂණය, කැමරාකරණය සහ විශේෂ දෘශ්‍ය ප්‍රයෝග මෙහෙය වීම මහිල් ආර්. පෙරේරාගෙනි. ඩ්‍රිම්ස් ඇන්ඩ් මැජික් ආයතනය වෙනුවෙන් චරිත් ජයතිලක ඉන් ටු ද කොමට් නිෂ්පාදනය කරයි. විශේෂ දෘශ්‍ය ප්‍රයෝග සිද්ධාර්ථ නයනානන්ද සහ අනලි පෙරේරාගෙන්ය. ස්ටැන්ලි අල්විස්ගේ සංස්කරණයකි.

ඉන් ටු ද කොමට් හි නළු නිළියන් මේ වන විට තෝරාගෙන නොමැති අතර දැනට එහි දෘෂ්‍ය ප්‍රයෝග කටයුතු සිදු වෙමින් පවතියි. ඉන් ටු ද කොමට් ධූම කේතුවක් සොයා ගොස් නොසිතු අනතුරකට මුහුණ දෙන තරුණ කණ්ඩායමක් පිළිබඳ කතාවකි. ප්‍රසාද්