වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




වෙනස් කොණ්ඩා මොස්තරයක්

වෙනස් කොණ්ඩා මොස්තරයක්

රංගන ශිල්පී සුරේෂ් ගමගේ

ඉදිරි සතියේ නම් මට අලුත් ටෙලි නාට්‍යක ෂූටින් වගේම සංගීත ප්‍රසංග කිහිපයකුත් යෙදිලා තියෙනවා. ඒ වගේම මම මේ දවස්වල මීළඟට දායක වෙන්න නියමිත චිත්‍රපටය වෙනුවෙන් ඇඟ හදාගන්න ව්‍යායාමවල නිරත වෙමින් සිටින්නේ. ඒ වෙනුවෙන් දැන් වෙනමම කෑම වර්ග තමයි මම ගන්නේ. කොණ්ඩ මෝස්තරයත් ටිකක් වෙනස් කරලා තියෙන්නේ. ඒ වගේම ඉදිරියේදී මගේ ‘ඇය ආඩම්බරයි’ ගීතය වෙනුවෙන් විෂුවල් එකක් කරන්න සූදානම් වෙනවා.

විදෙස් සංචාර කිහිපයක් වගේම ඉදිරියේදී රූගත කරන්න නියමිත ටෙලි නාට්‍ය දෙකකටත් ආරාධනා ලැබුණා. මේ දවස්වල මම මගේ අලුත් ගෙදර වැඩ කටයුතු ආරම්භ කරලා නිසා ඒ ගැන හොයලා බලන්නත් ලොකු කාලයක් වැය කරන්න වෙලා.