වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




වසන්ත උදානය – 2014 මෙවරත් ඩුබායි සහ අබුඩාබි හිදී

වසන්ත උදානය – 2014 මෙවරත් ඩුබායි සහ අබුඩාබි හිදී

ඩුබායි රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ජාතික අභිමානය සංකේතවත් කරමින් ‘වසන්ත උදානය 2014’ මහා බක්මහ උළෙල සහ සුමියුරු සංගීත සැඳෑව මෙවර ද අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ.

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන බක්මහේ අසිරිය හැම හදවතකම මෝදු කරමින් මෙම අවුරුදු උළෙල පැවැත්වෙන්නේ අපේ ඉපැරැණි ජන ක්‍රීඩාවලට ප්‍රමුඛත්වය ලබා දෙමිනි.

අප්‍රේල් 10 වැනි බ්‍රහස්පතින්දා සවස 6.00 ට අබුඩාබි සිටි ගොල්ෆ් ක්ලබ් ක්‍රීඩාංගනයේදී හා අප්‍රේල් 11 වැනි සිකුරාදා සවස 1.00 සිට ඩුබායි හි ‘වොන්ඩර්ලෑන්ඩ්’ උද්‍යානයේදී පසුදා පහන්වනතුරු මෙම සංගීත ප්‍රසංග පැවැත්වේ.

ප්‍රියා සූරියසේන, චාන්දනී හෙට්ටිආරච්චි, අමිලා නදීෂානි, රුවන් හෙට්ටිආරච්චි, රොමේෂ් සුගතපාල, සුපුන් රශ්මිකා, අසංක දේවමිත්‍ර, ෆර්නි රෝෂිනි, දෝනි ඉමාෂා, කුමාර වඳුරැස්ස, මුතුපුර සීයා, ශාන්ත ජයසිංහ, එස්. එම්. එස්. ප්‍රනාන්දු, නිමාෂා ද සිල්වා ඇතුළු දිවයිනේ ජනප්‍රිය ගායක, ගායිකාවන් ගී ගයන මෙම සංගීත ප්‍රසංගයන් හි සංගීතය සපයනු ලබන්නේ අජිත් විතානගේ ප්‍රමුඛ සීදූව සකුරා සංගීත කණ්ඩායමයි. මේ ප්‍රසංගය ආරම්භයේ සිට සජීවීව ජාතික රූපවාහිනියෙන් සහ ජාතික ගුවන් විදුලියේ සිටි එෆ්. එම්. සේවයෙන් විකාශය වේ.