වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




කුරුළු පිහාටු එක්ක

කුරුළු පිහාටු එක්ක

රංගන ශිල්පී චන්දික නානායක්කාර

‘මැද ගෙදර’, ‘වාසුලි කන්ද’, ‘ස්නේහා’ කියන ටෙලි නාට්‍ය ත්‍රිත්වයෙන්ම මම මගේ රසිකයන් අතර සැරිසරනවා. ඒ චරිත සඳහා මට ලැබෙන ප්‍රතිචාරත් එමටයි. අවුරුද්දත් ළඟ නිසා බොහෝ චැනල්වලින් කල් ඇතුව කරන වැඩසටහන් සඳහාත් ආරාධනා කිහිපයක් ලැබුණා. ඒ කටයුතුවලටත් සහභාගි වන ගමන්ම මම වාසිත සමරනායකගේ අලුත්ම ටෙලි නාටයයේ රූගත කිරීම් සඳහාත් සහභාගිවීමට නියමිතයි. හැමෝටම වගේම ජීවිතයේ විශේෂිත දිනයක් වන උපන් දිනය දවසේ ගිය වසරේ වගේ මේ වසරේත් මම ඉන්නේ නුවරයි. ඒ වාසිතගේ ‘කුරුලු පිහාටු’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට සහභාගිවීමට ඇති නිසයි. මෙවරත් මගේ උපන් දිනයට මම ගෙදර නැති වුණත්, අම්මා ඇතුළු පවුලේ හැමෝම එකතු වෙලා වැඩිහිටි නිවාසයට දානයක් දෙනවා. මම ප්‍රතිපාදන සපයනවා.