වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




‘ස්කාර්ස් ඔෆ් ඩ්‍රැකි්‍යුලා’ අළු ගොඩින් මතුවන ඩ්‍රැකි්‍යුලා ගේ ස්වරූපය

‘ස්කාර්ස් ඔෆ් ඩ්‍රැකි්‍යුලා’ අළු ගොඩින් මතුවන ඩ්‍රැකි්‍යුලා ගේ ස්වරූපය

සුවිසල් සිටු මැදුරක, සුව යහනක් මත ප්‍රේමාලිංගනයක යෙදෙන යොවුන් පෙම් යුවළකි. පෙම්වතා පෝල් කාල්සන් නම් වෙයි. හදිසියේම යමක් සිහිපත් වූ ලෙසින් යහනින් බිමට පනින පෝල් වහ වහා සිය ඇඳුම් ඇඳ ගනිමින් පහත මාලයට දුවයද්දී ඔහුගේ ප්‍රියාවිය ඔහු පසු පස හඹා යන්නේ රෙදි කඩක් පමණක් අතැතිව නිරුවතිනි. ඇගේ ඇවිටිල්ල ගණනකටවත් නොගෙන ඇය හැරදමා පළායාමට තරම් ඔහුට වැදගත් වූ සුවිශේෂ කටයුත්ත කුමක්ද? ඒ සාරා ෆ‍්‍රැම්සන් ගේ උපන් දින සාදයයි. සුරූපී සාරා, පෝල් ගේ එකම සොහොයුරාගේ ආදරබර පෙම්වතියයි.

ගරා වැටුණු පාළු මන්දිරයේ ආලින්දය මැද වූ ශෛලමය පුවරුව මත විසිරී ඇත්තේ දුර්වර්ණ වී ගිය අළු ගොඩකි. අමිහිරි හඬක් නඟමින් එතැනට පියඹා එන හිරිකිත මා වවුලෙකුගේ මුවඟින් වැගිරෙන ලේ බිඳු කිහිපයක් අළු ගොඩ මතට වැටෙයි. සුදු දුම් වලාවක් නඟමින් අළු ගොඩෙහි ස්වරූපය ඇට සැකිල්ලක් බවට පත්වෙයි. ඒ මතින් නිශාචරයන්ගේ අධිපති ඩ්‍රැකි්‍යුලා ගේ රුව ජීවමාන වන්නට ගත වන්නේ සුළු කාලයකි.

තමා හැරගිය පෙම්වතා තමා දූෂණය කොට පළාගිය බවට පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පෝල් පසු පස හඹා එන නිලධාරීන්ගෙන් ගැලවීම සඳහා වන වැදුණු ඔහුගේ ගමන නිමා වන්නේ ඩ්‍රැකි්‍යුලා ගේ මන්දිරයෙනි.

ඔහු පිළිගැනීමට මඟ බලා සිටින්නේ ඩ්‍රැකි්‍යුලා ගේ මනමාලියක් වන සුරූපී ටානියායි. දුහුල් නිදන ඇඳුමකින් සැරසුන ඇය එදින රාත්‍රියේ කාටත් හොරා පොල්ගේ යහන් ගැබට පිවිසෙයි.

පෝල්ගේ අතුරුදන් වීමත් සමඟ ඔහු සොයා යන සයිමන් සහ සාරා යුවළ ඩ්‍රැකි්‍යුලා ගේ ඊළඟ ගොදුර බවට පත්වෙයිද? බ්‍රිතාන්‍යයේ හැමර් චිත්‍රපට සමාගම විසින් 1970 වසරේ දී නිපැයූ ‘සුකාර්ස් ඔෆ් ඩැකි්‍යුලා’ චිත්‍රපටය තුළින් එම පැනයට පිළිතුරු ලබාගත හැකිය.

රෝයි වෝඩ් බේකර් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද ‘ස්කාර්ස් ඔෆ් ඩ්‍රැකි්‍යුලා’ චිත්‍රපටය හැමර් චිත්‍රපට සමාගම වෙනුවෙන් අයිඩා යන්ග් ගේ නිෂ්පාදනයකි. බ්‍රෑම් ස්ටෝකර් ගේ ඩ්‍රැකි්‍යුලා නවකතාවේ චරිත යොදා ගනිමින් තිර රචනය කළේ ඇන්තනි හින්ඩ්ස් විසිනි. මෙවරත් ක්‍රිස්ටෝපර් ලී ඩ්‍රැකි්‍යුලා චරිතයට පණ පෙව්වේය. ඩෙනිස් වෝටර්මන් සහ ක්‍රිස්ටෝපර් මැතිව්ස්, සයිමන් සහ පෝල් කාල්සන් දෙසොහොයුරන් ලෙස රඟපෑවෝය. අතිශය සුරූපී නිළියක් වන ජෙනී හෙන්ලි සාරා ෆ‍්‍රැම්සන් ගේ චරිතය නිරූපණය කළාය. අනුස්කා හෙම්පල් ඩ්‍රැකි්‍යුලා ගේ මනාලිය වූ අතර පැට්‍රික් ටෲටන් ඩ්‍රැකි්‍යුලා ගේ කීකරු අතවැසියා ගේ චරිතයට පණ පෙවීය.

අමෙරිකන් ඩොලර් 200,000 ක පිරිවැයක් දරා නිපද වූ චිත්‍රපටය වෝනර් සමාගම විසින් බෙදා හැරීමේ කටයුතු සඳහා ප්‍රතික්‍ෂ්ප කරන ලද හෙයින්, ඊ. එම්. අයි. සමාගම හරහා බෙදාහැරීමට සිදුවිය. ප්‍රධාන නළු ක්‍රිස්ටෝපර් ලී විසින් සම්පූර්ණයෙන්ම නැරඹූ චිත්‍රපටය ලෙස මෙය වාර්තාගත වෙයි. 1970 නොවැම්බර් මස චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ විය.

ආදායම් වාර්තා අතින් එතරම් සාර්ථකත්වයක් ලබා නොගත් ‘ස්කාර්ස් ඔෆ් ඩ්‍රැකි්‍යුලා’ චිත්‍රපටයේ ච්ඍච් පිටපතක්, ඇන්කර් බේ සමාගම විසින් 2004 වසරේ දී වෙළඳපොළට නිකුත් කළ අතර එහි සීඝ්‍ර අලෙවිය නිසා අද වනවිට එයින් එක් පිටපතක් හෝ මිල දී ගැනීමට නොමැති බව වාර්තාවේ. එම ඩී. වී. ඩී. තැටියට අධ්‍යක්‍ෂ රෝයි වෝඩ් බේකර් සහ ක්‍රිස්ටෝපර් ලී ගේ සම්මුඛ සාකච්ඡාද ඇතුළත් කර තිබුණි.

ලන්ඩනයේ විනෝද කාමී කොල්ලන්, කෙල්ලන් ගේ ‘හිපි’ සමාජය වෙතට පැමිණෙන ‘ඩ්‍රැකි්‍යුලා’ ගේ ශාපය, ඩ්‍රැකි්‍යුලා ඒ.ච්. 1972 ලබන සතියේ....