වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




කොස්තාපල් පුඤ්ඤසෝම ළඟදීම

කොස්තාපල් පුඤ්ඤසෝම ළඟදීම

උදයකාන්ත වර්ණසූරියගේ නවතම සිනමා නිර්මාණය කොස්තාපල් පුඤ්ඤසෝම එළඹෙන සිංහල අලුත් අවුරුද්දෙන් පසුව රිද්මා ඇතුළු සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී තිරගතවීමට නියමිතය. හාස්‍යෝත්පාදක නමුත් ආදර්ශවත් කතා පුවතක් රැගත් එය පුඤ්ඤසෝම නම් පොලිස් නිලධාරියකු වටා ගෙතී ඇත. එම චරිතයට මහේන්ද්‍ර පෙරේරා පණ පොවනු ලබයි.

ශ්‍රීයන්ත මෙන්ඩිස්, දුලීකා මාරපන, ශ්‍රීනාත් මද්දුමගේ, ගාමිණී හෙට්ටිආරච්චි, රවීන්ද්‍ර යසස්, ජනක රණසිංහ, මැණික් විජේවර්ධන, ලහිරු මුදලිගේ, ආර්. ජී. සිරිවර්ධන, ආනන්ද අතුකෝරාල, මානෙල් වීරමුණි, නිල්මිණි කෝට්ටෙගොඩ, ශිරෝමිකා ප්‍රනාන්දු, විරාජ් ජයසිරි, උදේනි චන්ද්‍රසිරි ඇතුළු පිරිස සෙසු චරිතයන් මවනු ලබයි.

කොස්තාපල් පුඤ්ඤසෝම බහුරූ ෆිල්ම්ස් නෙුවෙන් සී. විජේසුරිය, දීපා ප්‍රනාන්දු, සුනිල් සෝම පීරිස්, යොහාන් ප්‍රේමරත්න සහ සුමිත් කුලරත්නගේ නිෂ්පාදනයකි.

අයේෂ්මන්ත හෙට්ටිආරච්චි කැමරාව මෙහෙයවා ඇත. මහේෂ් දෙණිපිටියගේ සංගීත අධ්‍යක්ෂණයකි. ඩොනල්ඩ් ජයන්ත සහාය අධ්‍යක්ෂවරයාය. අශෝක ආරියරත්න නිෂ්පාදන කළමනාකරු වේ. නලීන් පෙරේරා, භාතිය ජයකොඩි, මීනා ප්‍රසාදිනී, ලන්ත්‍රා පෙරේරා ගීත ගයා තිබේ. නිලාර් එන්. කාසිම් සහ ශෙහාන් ගලහිටියාව ගී පද රචනා කොට ඇත.

ශාන්ති වර්ණසූරියගේ ඇඳුම් නිර්මාණයකි.