වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය 150

සිංහල සිනමා විස්තරය 150

යුගාන්තය

තිරගත වූ දිනය – 1985 දෙසැම්බර් 27

ඉදිරිපත් කිරීම – තරංගා චිත්‍රපට

නිෂ්පාදනය – විජය රාමනායක

අධ්‍යක්ෂණය - ලෙස්ටර් ජේම්ස් පීරිස් කචතාව - දෙබස් - තිර රචනය – මහාචාර්ය ඒ. ජේ. ගුණවර්ධන (මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ නවකතාව ඇසුරින්) සහාය අධ්‍යක්ෂණය – වී. උපාලි පෙරේරා

කැමරා අධ්‍යක්ෂණය – විලී බ්ලේක් සහාය - සෝමපාල ධර්මප්‍රිය

සංස්කරණය - ග්ලැඩ්වින් ප්‍රනාන්දු සහාය – චන්ද්‍රසිරි ගුණරත්න

ආලෝක සහාය – කේ. ඒ. ධර්මසේන

අංග රචනය - ශේෂා පලිහක්කාර, වසන්ත විට්ටච්චි

කලා අධ්‍යක්ෂණය - හේමපාල ධර්මසේන

ශබ්ද පරිපාලනය – මයිකල් සත්‍යනාදන්

ශබ්ද සහාය - ජෝර්ජ් ගින්ටන් පෙරේරා, ලයනල් ජයවීර

සැකසුම – රජයේ චිත්‍රපට අංශය

රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවී ලැබ්

නාමාවලිය – ගස්පේ පතිරත්න

නිෂ්පාදන කළමනාකරණය - කීර්ති රත්නායක

නිෂ්පාදන අධිකාරි – රාජ් පෙරේරා

සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස

ආරම්භක පිටපත් ප්‍රමාණය - 12

රංගනදායකත්වය – ගාමිණී ෆොන්සේකා, ඩග්ලස් රණසිංහ, රිචඩ් ද සොයිසා, දයානන්ද ජයවර්ධන, මියුරි සමරසිංහ, සේනක පෙරේරා, අනුර මැදගොඩ, ජෝ දඹුලුගල, ඩීමන් ද මෙල්, විජේරත්න වරකාගොඩ, ටී. එම්. සංඝදාස, නිහාල් ජයවර්ධන, කේ. එම්. ජී. බණ්ඩාර, තිස්ස උඩංගමුව, එන්. ඩයස්, චූලා කාරියවසම්, තමරා සේනාරත්න, සේනක පෙරේරා, ස්වර්ණා දඹුගලගේ, දමයන්ති හේරත්, බුල්ජන්ස්, සුවිනීතා වීරසිංහ, චිත්‍රා වාකිස්ට, චන්ද්‍රා කළුආරච්චි, එඩී අමරසිංහ, වින්සන්ට් සේරසිංහ, නිහාල් ප්‍රේමචන්ද්‍ර, සුනිල් ලියනආරච්චි, ලාල් පීරිස්

කිරිමදු වැල්

තිරගත වූ දිනය – 1985 දෙසැම්බර් 29

ඉදිරිපත් කිරීම – නිල්මිණි ෆිල්ම්ස්

නිෂ්පාදනය - ප්‍රේමරත්න බණ්ඩාර, ඒ. ටී. සිරිසේන, සම අධ්‍යක්ෂණය – ආරියදාස විතානගේ, සමන් වීරමන් එස්. ඒ. වර්ණකුලසූරිය, ධර්මසිරි, ජයසේන ඇතුළු කණ්ඩායමකි.

සහාය අධ්‍යක්ෂණය – කල්‍යාණ සමරනායක

කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගෆූර් කැමරා සහාය – ජී. නන්දසේන, ඩී. එස්. ජී. ගුණතිලක, අශෝක ශ්‍රීලාල්

සංස්කරණය – ආරියදාස විතානගේ සහාය අශෝක ශ්‍රීලාල් අංග රචනය – බෙනට් ජයතුංග

සටන් අධ්‍යක්ෂණය – විල්සන් කරුණාරත්න

ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්

ශබ්ද සහාය – ජී. ඇලෝසියස්, ආනන්ද අමරසිංහ, ජී. සුන්දර් රාජ්

රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවී ලැබ් - නියෝජිත ඩිල් ෆිල්ම්ස්

සැකසුම – විජය චිත්‍රාගාරය, ලංකා චිත්‍රාගාරය

ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් - නෙළු චිත්‍රාගාරය (දිසානායක ෆිල්ම්ස්)

ගීත පසුබිම වාදනය - සවුන්ඩ් විෂන්

කාර්මික සහාය – ඇන්. සේනාරත්න, උපාලි අලවත්තේගම, මාකස් පෙරේරා, පැට්‍රික් රුද්‍රිගෝ, එස්. බන්දුල, ජනක විජේතුංග

අවමංගල්‍ය භාණ්ඩ සැපයීම – රුහුණු මල්කරුවෝ - මාතර

දැව සහ සෙට් උපකරණ සැපයීම - සමරසිංහ ෆිල්ම්ස්

දෙබස් පටිගත කිරීම – ලයනල් ගුණරත්න

නිෂ්පාදන කළමනාකරණය – කේ. ටී. ඩයස්

නිෂ්පාදන අධිකාරි – එස්. ඒ. වර්ණකුලසූරිය සහාය – ඇස්. හෙට්ටිආරච්චි

සංගීත අධ්‍යක්ෂණය – ප්‍රේමසිරි කේමදාස

නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර ගීත ප්‍රබන්ධය – ධර්මසිරි ගමගේ, අජන්තා රණසිංහ

ගීත - මවුනි ඔබේ හද කිරි මදු වැල සේමා - නන්දා මාලිනී
මා තනි වෙලා ආදරේ සුසුම් වාලුකාවේ – එච්. ආර්. ජෝතිපාල
ඈත ක්ෂිතිජය රේඛාවේ – හරුන් කුමාර් ලන්ත්‍රා, ඇන්ජලින් ගුණතිලක
ඔබේ කඳුළු බිඳ සංසිදේවා - මාලිනී බුලත්සිංහල

රංගනය - සනත් ගුණතිලක, සබීතා පෙරේරා, නදීකා ගුණසේකර, දමයන්ති ෆොන්සේකා, ලීනා ද සිල්වා, තලතා ගුණසේකර, විද්‍යා ගුණසේකර, රෙක්ස් කොඩිප්පිලි, එඩී ජූනියර්, යූ. වයමන්, ප්‍රියදර්ශනී කෞෂල්‍යා, සොමී රත්නායක, විමල් කුමාර් ද කොස්තා, මර්වින් ජයතුංග, විල්සන් කරුණාරත්න, විජේරත්න වරකාගොඩ, ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්, විනී සිගේරා, ධර්මසේන නානායක්කාර, නිහාල් සිල්වා, එච්. ආර්. ජෝතිපාල, ප්‍රේමදාස ගනේගොඩ, එස්. හෙට්ටිආරච්චි, ටාසන් ඩයස්