වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




ඇමැති බන්දුල ගී මගේ හඩින්

ඇමැති බන්දුල ගී මගේ හඩින්

ප්‍රවීණ ගායන ශිල්පී එඩ්වඩ් ජයකොඩි

ලාල් ප්‍රියදේවගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන ‘මගේ යාළු මාළු’ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණ කටයුතු භාර වුණේ මටයි. මේ දවස්වල ඒ කටයුතුත් කරගෙන යන ගමන්ම, පසුගිය සතියේ අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත්තයා ලිව්ව ගීත දෙකකට මගේ හඬ මුසු කළා. ඒ ගීත දෙක ඉදිරියේදී ප්‍රචාරය වීමටත් නියමිතයි. ඊට අමතරව වාසිත සමරනායකගේ ‘වස්දඬු රාවය’ කියන චිත්‍රපටයේ අමිලා නදීශානිත් සමඟ මම යුග ගීයක් ගායනා කළා. මගේ ‘මාරම්බරී’ ප්‍රසංගයත් සමඟ ලංකාව වටේම යන ගමන් ඉදිරියේදී ‘මාරම්බරී’ අරගෙන විදේශ ගතවීමටත් සූදානම් වෙනවා.