වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




සුපිරි අන්දරේ එක්ක

සුපිරි අන්දරේ එක්ක

සංගීතවේදී සරත් වික්‍රමගේ

ළඟදීම තිරගතවීමට නියමිත ‘සුපිරි අන්දරේ’ චිත්‍රපටයට මා සංගීතය නිර්මාණය කළා. ඒ වගේම මේ දවස්වල ‘කරදිය’ ඇතුළු චිත්‍රපට කීපයකටම සංගීතය නිර්මාණය කරන කටයුතුවල නියැළෙන නිසා තරමක් මම කාර්යබහුලයි. ළඟදීම මගේ උපන් දිනය යෙදෙන නිසා එදිනට අලුත්ම වැඩක ආරම්භ කරන්න හිතාගෙන ඉන්නවා. ඒ මගේ නිර්මාණ රැගත් අලුත්ම විදියේ සී. ඩී. එකක් නිර්මාණය කරන්නයි. අද බිහිව තිබෙන නව තාක්ෂණයේ, නව සංගීතයත් යොදාගෙන මෙතෙක් නොකළ වැඩක් කරන්නයි ඉන් මා අදහස් කරන්නේ.