වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




විදේශයේ ජීවත් වුණත්  උපන් බිම සංගීතයෙන් පෝෂණය කරනවා

විදේශයේ ජීවත් වුණත්  උපන් බිම සංගීතයෙන් පෝෂණය කරනවා

රෝහණ – වගීෂා

රෝහණ නෙත්සිංහ කලාවට පිවිසියේ පාසල් අවදියේ සිටමයි. පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව මෙරට ජනප්‍රිය බටහිර සංගීත කණ්ඩායම් කිහිපයක් සමඟම සම්බන්ධව කටයුතු කළ ඔහු සංගීතය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය සඳහා පිටත් වන්නේ යුක්රේනයටයි. ලොව විවිධ සංගීත ශෛලීන් පිළිබඳ දැනුම සමඟින් ඔහු ඔස්ට්‍රේලියාවේදී සංගීත උපාධි ත්‍රිත්වයක් සහ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් සංගීතය පිළිබඳ පශ්චාත් උපාධියත් සමඟින් ඔස්ට්‍රේලියාවේදී සිය සංගීත චාරිකාව ආරම්භ කළේය.

රෝහණ සමඟ සිය ආදරණිය බිරිඳ වගීෂා රන්සිමාලි ද මේ ගමනට එක්ව සිටින්නීය. රෝහණ - වගීෂා යුවළ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට ශ්‍රී ලංකාවේ විවිධ කලා කටයුතු සඳහා දායක වෙමින් සිටියි. ‘සිත අරණක’ මේ යුවළ එක්ව ගැයූ ප්‍රථම ගීතයයි. රෝහණගේ ගීත එකතුව සඳහා එක් වූ නවතම ගීත දෙක වන්නේ ‘යෞවන වසන්තය’ සහ ‘එරබදු කැකුළු’ ගීත දෙකයි. විදේශයක ජීවත් වුවත් සංගීත චාරිකාවේ යෙදෙමින් තම උපන් මව්බිමේ කලාව පෝෂණය කිරීම රෝහණ – වගීෂා යුවළගේ බලාපොරොත්තුවයි.  [email protected]  රෝහණගේ විද්‍යුත් ලිපිනයයි.