වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වියතාණන්ට සුබ උපන් දිනයක් වේවා.

සිනමා ප්‍රාඥයාට 95 වසරක් පිරුණා
සංරක්‍ෂණාගාරයේ කටයුතු ද ඇරැඹුණා
මාලිනී නිළි රැජනිය අපෙ ඊට මුල් වුණා
එතුමාණන් පැතූ පැතුම් එදින ඉටුවුණා
 

ඩඩ්ලි ගෝමස්

මොරටුව

කටුබැද්ද.

අයි. ටී. එන්. වෙතින් ඉල්ලීමක්

ස්වාධීන රූපවාහිනී සේවයට වසර තිහකටත් වඩා වැඩි අතීතයක ඇත. එසේ වුවද එහි පෙන්වන ගීත මීට වසර දහයකට පමන පෙර පටිගත කළ ගීතයි. පසුගිය දිනෙක මායා දමයන්ති සහ මරියසෙල් ගුණතිලක වැනි අයගේ පැරැණි ගීත කිහිපයක් මා හට නරඹන්නට ලැබුණි. එවැනි සුන්දර, අර්ථවත් පැරැණි ගීත ඇතුළත් කොට සංගීත වැඩ සටහනක් ස්වාධීන රූපවාහිනිය මඟින් අපට ලබා දෙන්න.
 

පුෂ්පා කුමාරි

කුලියාපිටිය

පැය භාගයෙනුත් ටෙලියෙනුත් භාගයයි

පැය භාගයකට සීමා වූ ටෙලි නාට්‍යයක් නරඹන අතරතුර දී ඉන් විනාඩි පහළොවක්ම බලන්නට සිද්ධ වුණේ වෙළෙඳ දැන්වීම්ය. ඒ අතරතුරදී ටෙලි නාට්‍යයේ කතාව ද මතකයෙන් බැහැර වූ බව සංවේගයෙන් පවසමි.
 

සුනිල් චන්ද්‍රසේකර

කොටුගොඩ

අමිල අනාගතය

වෙළෙඳ දැන්වීම් තුළින් පළමුව අප හමුවට ආ අමිල කරුණානායක රූපාන්තරණ සිනමාපටයෙන් සිනමාවට පිවිස ඇත. එහි ඔහුගේ රංගනය ඉතාම ඉහළ මට්ටමක තිබේ. කවදා හෝ ඔහු සිනමාවේ අති දක්ෂ තරුවක් වනු ඇත.
 

මැණික් බණ්ඩාර

මොරටුව

සිරි දළදාගමනය ගැනයි

සිනමාවකින් බොහෝ විට සිදු වන්නේ ස්වාභාවික ලොව ඇති තතු තත්ත්වාකාරයෙන් එළි දැක්වීමය. මෙය ඓතිහාසික සිදුවීමකදී නම් වඩාත් වැදගත් වේ. මේ වන විට ප්‍රදර්ශනය වන සිරි දළදාගමනය සිනමාපටයේ වැඩිපුර ධාවන කාලයක් ගත වන්නේ ඉන්දියාවේ පැවති ඓතිහාසික සිදුවීමක් පෙළගැස්වීමයි. නමුත් පුදුමයට වාගේ එහි දක්නට ඇත්තේ ඉන්දීය භූමිය නොව ශ්‍රී ලංකාවය.
 

එස්. එච්. පෙරේරා

මොරටුව

පසුගිය දා අප අතරින් වියෝ වූ මර්සි එදිරිසිංහට ‘සරසවිය’ පාඨකයන් සිය ශෝකය පළ කෙරුවේ මෙසේය.

ගුවන් විදුලි රඟමඬලේ
හන්දියෙ ගෙදර
සමනල බැද්ද, වජිරා, ඇස්දෙක
මුවන් පැලැස්ස හැඩ රංගන මැදුර

වේදිකාවේ දුටුවා රස කතාවක්
හොඳම නිළිය වූවා තුන් වතාවක්
හැකියාවට උරුමව මහා කලාවක්
ඔබ සතුවුණා ලොව සුපතළ සිනාවක්

බොහෝ වෙහෙසුනා ඔබෙ දිවි රැකගන්න
තවත් කලක් ඔබෙ හැකියා දැකගන්න
සමත් වුණත් මරු ඔබ හා හිනැහෙන්න
ලොවක් තිබේ ඔබහට නිදුකින් ඉන්න
 

සමන් ගාල්ලගේ – කැටපළ

ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දු – දූනගහ

වේදිකා, ටෙලි නාට්‍යවල මෙන්ම නොයෙකුත් සන්දර්ශනවල දී මර්සි අපව පිනවූවා. ඇය අප අතර නැහැ කියලා කීයටවත් මට නම් හිතන්න බැහැ.
 

මැණිකේ විල්වල

තටාකය පාර

කෑගල්ල

මරණය කාටත් පොදු වුවද ඔබ නම් අමරණීයයි කියා මට හැඟේ. ආයෙත් වෙලාවක හිතෙනවා මෙතරම් කුසලතාවක් හිමි ඔබගෙන් අධ්‍යක්‍ෂවරු හරි හමන් සේවයක් ගත්තේ නැහැ කියලා. ඒ ගැන දැන් හිතලා වැඩක් නැහැ. කෙසේ වෙතත් ඔබ නැති සොව අපට දිගු කාලයක් දැනේවි.
 

කමලා සෙනෙවිරත්න, ගිල්බට් පෙරේරා
හෝකන්දර.

අයිලීන් සෝවිස්

රාගම.

ලංකාවේ මෙතෙක් බිහිවූ දක්‍ෂතම වේදිකා නිළිය ඇය බවයි මගේ විශ්වාසය.
 

වියාණි ගුණවර්ධන

ශීලා වැන්ඩර්ලන්

වෙන්නප්පුව.

මර්සි ගැන ලියන්න වචන මදි මට.
 

ලක්‍ෂමන් රණසිංහ

වත්තල.

S.M.S.

මට දැනෙන පරිදි නව පරපුරේ ජනප්‍රිය තරු යුවළක් වන හර්ෂණ බෙත්මගේ සහ නිපුනිකා හේවාගමගේගේ හැකියාව ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. ඒ වගේම ඔවුන්ව පෙම්වතුන් ලෙස මොන යම් හෝ ටෙලි නාට්‍යයකින් දකින්න ආසයි.
 

වික්‍රම

මිද්දෙණිය

ස්වප්නා ලස්සන ටෙලි නාට්‍යයක් බව මට හිතෙනවා. එය ප්‍රවීණා ඩ්‍රාමා එකෙන් පස්සේ මා දැකපු ලස්සනම ලස්සන ටෙලි නාට්‍යයයි. එය මෙරටට ගෙන් වූ සිරස නාලිකාවට මගේ අවංක ස්තුතිය.
 

අනුෂ්කා

මොරටුව

නාලක විතානගේ ගේ රූපාන්තරණ සිනමාපටය බොහොම කලාත්මක බව මට දැනුණි. ඒ වගේම එහි සමහර සිද්ධීන් තාත්විකව රූපයට නඟා තිබේ.
 

සී. ආර්. පින්නදූව

අම්බලන්ගොඩ

ශලනි නිසා පුංචි වලව්ව බලනවා

ශලනි තාරකා අක්කේ,
ඔයා පුංචි වලව්ව නාට්‍යයේ රඟපානවා හරිම හුරතල්. ඒ වගේම ඒ නාට්‍යය තමයි මගේ ප්‍රියතම නාට්‍යය දැන්. ශලනි නිසයි මං ඒ නාට්‍ය බලන්න හුරු වුණේ.
 

සහේලි ඒකනායක

මාතලේ

එදා ටෙලි නාට්‍යයෙන්, චිත්‍රපටයෙන්, වේදිකා නාට්‍යයෙන් රටම හිනැස්සූ සුනිල් හෙට්ටිආරච්චි අද එක් තැන්වෙලා. පුළු පුළුවන් විදිහට ඔහුගේ හිත මිත්‍රයින් ඔහුව බලන්න ගියොත් හොඳයි.
 

සරත් මද්දුමආරච්චි

සමන්තිකා මද්දුමආරච්චි

හන්තානෙට පායන සඳ ලස්සනයි ද කියන්න, ලඳුනේ, වියපත් බඹරා, මලක් වුණේ,

ඔහු ගැයූ ගීත ගඟුල කියාගන්න බැරි තරමට සුන්දරයි. අමරසිරි පීරිස් කලාකරුවාණෙනි, අපේ ගී කෙතෙහි වසන්තය ඔබයි.
 

ලක්මාලි

වරකපොල

සඳරුවන් ජයවික්‍රමගේ රන් ටෙලි සිතුවම තුළින් යළිත් පුංචි තිරයෙන් හමුවන අපේ නිළි රාජිණිය මාලිනී සිනමාවට පමණක් නොව ටෙලිවිෂණයට ද අගනා සම්පතක් බව පැවසිය හැකිය. ඇයව පුංචි තිරයෙන් දකින විට දැනෙන සතුට අපමණය.
 

වික්‍රම

මිද්දෙණිය

මර්සිගේ අඩුව කවදා සපුරන්නද?

අපේ සිනහව උපද්ද වන්නට තවත් නම් ඔබ වැනි අයකු බිහි නොවනු ඇත. මර්සි යනු ඒ ඇයම පමණයි. ඇය ආරම්භයේ සිට අවසානය දක්වා එක ලෙස කාගෙත් සිත් දිනාගත් චරිතයක් විය. යම් ස්ථානයක ඇය රැඳුණ ද එතැන සිනහවේ උල්පතක්ය. විනෝද සමය තුළ ඇයගේ දායකත්වය කිසිදා අමතක නොවන්නේය. ඇය මිය යන්නට ප්‍රථම සහභාගි වූ හිරු ටී. වී. හි කොපිචැට් වැඩ සටහනෙහිදී ඇයගේ සුපුරුදු ජනප්‍රිය ගීතය වූ මඩේ ළඟින තාරාවන් ගැයීය. එය ගැයීමට ප්‍රථම ඇය කියා සිටියේ එම ගීතය ඇගේ තේමා ගීතය බවය. වේදිකාවේ ඇයගේ අඩුව පිරවීමට හැකි කිසිවකු යළි කවදාවත් හමු වන්නේ නැත. මර්සි මෙතරම් ඉක්මනින් අප නොසිතූ නොපැතූ මොහොතක අපට අහිමි වේ යැයි සිහිනෙකින්වත් නොසිතුවෙමු. ඔබ තමයි සදා කල් අපේ හසරාජිනිය. ඔබට අපේ උත්තමාචාරය.
 

නිලන්ති ප්‍රදීපිකා

වයික්කාල

ඩබ්ලිව්. එම්. කේ.ලක්මාලි

බිබිල

කේ. ඒ. ඩී නාමල්

අකුරැස්ස

දිනේෂ් ප්‍රියංකර

මීගමුව

සාරංග - උමාලි රංගනයෙන් සමු නොගන්න

පසුගියාදා යුග දිවියට සැපත් වූ සාරංග සහ උමාලිට මම එක දෙයක් කියා සිටිනවා. ඒ ඔබ දෙපොළ කවදාවත් රංගනයෙන් අයින් වෙන්න එපා කියන එක.
 

හර්ෂ විරාජ්

මාකඳුර

සිරි දළදාගමනය ලාංකේය වැසියන් නිසැකවම නැරැඹිය යුතුම චිත්‍රපටයක් ලෙස මම පවසමි. සනත් අබේසේකරට මාගේ උත්තමාචාරය.
 

චින්තක

ඉංගිරිය

රුවන්ගි රත්නායක,
අක්කේ ඔබ කළ හොඳම රංගනය ඇතුළත්ව ඇත්තේ කොළඹ අහස යට ටෙලි සිතුවමේ බවයි මට සිතෙන්නේ
 

චමින්ද

වත්තල

කඩවසම් රුව රංගනයට හොඳයි

නාරද බක්මීවැව ඉතාමත් ලස්සනට දෙරණ නාලිකාවේ විකාශය වන තරු පහක් වැඩසටහන මෙහෙයවනු මම දුටුමි. ඔහුගේ කඩවසම් රුව රංගනයටත් උචිතයි. එබැවින් මම ඔබට රංගනයට ද ආරාධනා කරමි.
 

ෆාතිමා

වැලිගම

වර්තමාන නිළියන් අතරින් මම කැමැතිම නිළිය තමයි ඉෂාරා සඳමිනි. ඇය රන්තරු ඩ්‍රාමා එකේ ලස්සනට රඟපෑවා මම දැක්කා. ඒ වගේම ඉෂාරා චාම් නිළියක් වග ද පෙනෙන්ට තියෙනවා. ඇය ආයුර්වේද වෛද්‍යවරියක වීමේ සිහිනයක් ද තියෙනවා කියලා දැනගන්නට ලැබුණා. එය ඉක්මනින්ම සඵල වේවා.
 

නිමල්කා

කොහුවල

සිරස නාලිකාවේ විකාශය වන රෑන ටෙලි නාට්‍යයේ කතාව ගොඩක් හොඳයි. ඒ වුණාට භාෂාව හැසිරවීම නම් අන්තිමයි.
 

වෙනුර

මාතර

සැමී මරු
සැමීගේ කතාව මරු. මං කාලෙකට පස්සේ හොඳ චිත්‍රපටයක් බැලුවා කියලා සතුටු වුණා.
 

සුගත්

මීගමුව