වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




ලෙස්ටර් සළරූ ගී

 ලෙස්ටර් සළරූ ගී
 

සීගිරි ළඳකගෙ මල් වට්ටියෙලා

සීගිරි ළඳකගෙ මල් වට්ටියෙලා
පොඩි පුතු නළවන්නා
දොයි දොයි නැළැවෙන්නේ – බයි බයි නැළැවෙන්නේ

සිරිපාදෙට යන සමනොළ තටු මතැ
මගෙ පුත නළවන්නා
දොයි දොයි නැළැවෙන්නේ – බයි බයි නැළැවෙන්නේ

සඳ රැස් එළියේ නැළැවෙන පියුමක
රුවමින් නළවන්නා
දොයි දොයි නැළැවෙන්නේ – බයි බයි නැළැවෙන්නේ

මී පැණි වදයක – මී පැණි යහනක
රන් පුත නළවන්නා
දොයි දොයි නැළැවෙන්නේ – බයි බයි නැළැවෙන්නේ

ම් . . . ම් . . . ම් . . .ම් . . . ම් . . .


පද මාලාව - ගරු මර්සලින් ජයකොඩි පියනම

තනුව - සුනිල් ශාන්ත

සංගීතය – බී. ඇස්. පෙරේරා

චිත්‍රපටය - රේඛාව

************************************************

ගයන ගැයුම්

ගයන ගැයුම් නටන නැටුම්
ඉවත හෙළයි සෝක සුසුම්
නිදන ලොවින් දවස උදා වී
සිහින මැදින් සතුට සිනාසේ
නුරා දෙතොල් උරා එයින්
සුරා බඳුන් පුරා ගෙනේ
ගයන ගැයුම් . . .

හිරු ඇහැරී බලන වෙලාවේ
පෙණ බුබුලේ සතුට නිමාවේ
හෙට උදයේ හිරු එළියේ
සිහින ලොවේ සැපත නිවේ
ගයන ගැයුම් . . .

මන්ද රැඳෙනු තවත්
මෙන්න උදය ඇවිත්
නින්ද නොලබන අන්ද අඳුරෙන්
කැන්දූ විදුලිය මෙන්
ගයන ගැයුම් . . .
 

පද මාලාව - මහගමසේකර

සංගීතය – අමරදේව

ගායනය - නෙවිල් ප්‍රනාන්දු සමඟ ලොස් කැබලෙරෝස්

චිත්‍රපටය - දෙලොවක් අතර

************************************************

රැජන මමයි

රැජින මමයි අපේ රාජ්ජේ
රැජින මමයි - රැජින මමයි – රැජින මමයි අපේ රාජ්ජේ
මගෙ සැමියා රජා තමයි
ඔහුගෙ අණට කැලෙත් සැලෙයි
ගසුත් වැලුත් ගලුත් නැමෙයි අපේ රාජ්ජේ
රැජින මමයි අපේ රාජ්ජේ

සෙබළු අපියි අපේ රාජ්ජේ
සෙබළු අපියි - සෙබළු අපියි සෙබළු අපියි අපේ රාජ්ජේ

ඒ කන්දත් අපේ තමයි - මේ කන්දත් අපේ තමයි
කඳු යායම අපේ තමයි අපේ රාජ්ජේ
රැජින මමයි අපේ රාජ්ජේ

සෙබළු අපියි අපේ රාජ්ජේ
සෙබළු අපියි - සෙබළු අපියි - සෙබළු අපියි අපේ රාජජේ

අපේ බලේ කඩුවෙ බලේ - අපේ බලේ දුන්නෙ බලේ
අපේ බලේ සමඟි බලේ අපේ රාජ්ජේ
රැජින මමයි අපේ රාජ්ජේ
රැජින මමයි - රැජින මමයි අපේ රාජ්ජේ
 

පද මාලාව - අරිසෙන් අහුබුදු

තනුව - සුනිල් ශාන්ත

සංගීතය – ආර්. මුත්තුසාමි

ගායනය – ලතා වල්පොල

************************************************

කොහේද කොහේද අපේ ලොවක්

කොහේද කොහේද අපේ ලොවක්
කාහේද කොහේද අපේ රටක්
මුරකාවල් නැති වැටකොටු බැමි නැති
අපේම අපේම නවාතැනක්

රාජ කුමාරයන් කුමාරියන් ඉන්න පළාතක්
නපුරු රාස්සයන් රාස්සියන් ඉන්න කැලෑවක්
පුංචි සුරංගනාවන් සැඟ වී ඉන්න වළාවක්
අපට හිතුමතයේ රජ කර ගෙන ඉන්න දිහාවක්
කොහේද කොහේද . . .

කිඳුරු විමානයට පාර ළඟයි එන්න යාලුවේ
මුහුදු හතක් එහා ඔරු පදින්න එන්න යාලුවේ
මකර කටින් නාග භවනට යමු එන්න යාලුවේ
අපිම අපේ ලොවක් සොයා ගන්න එන්න යාලුවේ

කොහේද කොහේද . . .
 

පද මාලාව - සුනිල් ආරියරත්න

සංගීතය – අමරදේව

ගායනය – වික්ටර් රත්නායක

චිත්‍රපටය – මඩොල් දූව

************************************************

උපුල් නුවන් විදහා

උපුල් නුවන් විදහා - ඔබ සිනාසුනා
මම සිනාසුනා
පුළුන් පොදක් කළ මා - ළඳකි වාසනා
නම මෝනාලිසා

හද පාරන මාරුතයේ – ඔබ ආ හැටි ආදරියේ
හැමදාකම මා පැතුවේ - සුවඳයි මලයි ඔබමයි
උපුල් නුවන් . . .

ගිමන් නිවා යන ගමනේ – වාරු නගාලා
තුරුල් වුණා ඇය හිරිපොද හැඟුම් සළාලා
පැතුම් විමානේ දැල් කවුළුවෙන් බලාලා
දුටු උවනයි – නිසළ කළේ මා හද ජාලා

උපුල් නුවන් . . .
 

පද මාලාව - ඔගස්ටස් විනයාගරත්නම්

සංගීතය – නිමල් මෙන්ඩිස්

ගායනය – මිල්ටන් මල්ලවආරච්චි

චිත්‍රපටය – අහසින් පොළවට