වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




FUN MUSIC

FUN MUSIC

අලුත් මියුසික් වීඩියෝ ගැන කියවමු

 

ගීතය - කාලය පියඹලා ගියත් (ලෝකෙටත් වඩා)

ගායනය - දයාසිරි ජයසේකර

පද රචනය - මාධව හේවාවසම්

සංගීතය - මාධව හේවාවසම්

මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂ - චේඛමදී

මියුසික් වීඩියෝවේ රඟපෑ නළු නිළියන් - විරාජ්, හර්ෂි

මියුසික වීඩියෝව රූගත කළ දර්ශන තල - කුරුණෑගල වැව අසල, කොළඹ

වෙනත් - මාධව විසින් දයාසිරිට නිිර්මාණය කරන ලද සිව්වැනි ගීතය මෙය වේ. දයාසිරි ගැයූ මුතුපලස සහ ෆේස්බුක් යන ටෙලි සිතුවම් හි තේමා ගීත සංගීතවත් කළ මාධව, දයාසිරි සහ ගයනි ගයන ඔයා හුඟක් වෙනස් වෙලා ගීතයෙහි සංගීත නිර්මාණකරුවා මෙන්ම පද රචකයා ද වේ. අතුල සමිතාගේ ආලෙන් වෙලා ගීතය ද පද රචනා කොට සංගීතවත් කළේ මාධව විසිනි. කාලය පියඹලා ගීයත් ආදර ගීතයකි. මෙය දයාසිරිගේ පස්වැනි නිර්මාණය වේ.


 

ගීතය - නගේ නගෝ (ආදරේ කියන්නකො)

ගායනය - චමල් විජේනායක

පද රචනය - චමල් විජේනායක

සංගීතය - විදෙස් ගීයක තනුවකට නිර්මාණය වූවකි.

මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂ - සම්පත් ජයතිලක

ඉදිරිපත් කිරීම - සිංහල ලංකා වෙබ් පිටුව

මියුසික් වීඩියෝවේ රඟපෑ නළු නිළියන් - ධරුෂිත සහ බුද්ධි

වෙනත් - සුප්‍රසිද්ධ අරාබි ගීතයක් වන නගු නගු ඇසුරෙන් නිර්මාණය කළ මෙම ගීතයේ වීඩියෝව පෑලියගොඩ අවට ප්‍රදේශයන්හි රූ ගත කොට තිබේ. චමල්ගේ තෙවැනි මියුසික් වීඩියෝවයි. ඇඹිලිපිටියේ පදිංචි සංගීත කණ්ඩායම් කිහිපයකම නිත්‍ය ගායකයා ලෙස පෙර කටයුතු කොට ඇත.


 

ගිතය - සිව් වසරක් ගෙවී ගිහින්

ගායනය - ගම්පහ බණ්ඩාරනායක විදුහලේ 2011 කණ්ඩායම

පද රචනය - රුක්ෂාන් කරුණානායක

සංගීතය - රුක්ෂාන් කරුණානායක

මියුසික් වීඩිියෝවේ අධ්‍යක්ෂ - ගිහාන් රණසිංහ

එහි රඟපෑ නළු නිළියන් - එම ගීතය ගැයූ පිරිවර

වෙනත් - මෙම ගීතය මෙරට විදුහලක එක් වසරක කණ්ඩායමක් වෙනුවෙන් නිර්මාණය වූ එකම ගීතය වේ. මෙය නිර්මාණය කළ රුක්ෂාන් ද එම විදුහලේ එම කණ්ඩායමට අයත්ය. හැත්තෑව දශකයේ බිහි වූ කණ්ඩායම් සංගීත ආකෘතියට මෙය නිර්මාණය වී ඇත.


 

ගීතය - මතක මං පෙතේ

ගායනය - කෞශල සාරානාත් කෝනාර

පද රචනය - ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

සංගීතය - ලක්ෂ්මන් හිල්මි

මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂ - අජිත් කුමාරතන්ත්‍රි

වීඩියෝවේ දර්ශන තල - ගම්පහ

වෙනත් - සිරස පොඩ්ඩන්ට පුළුවන් තරගාවලිය නියෝජනය කළ කෞශලගෙ දෙවැනි ස්ව නිර්මාණය මෙය වේ. පියකු නැති දරුවකුගේ සිතුවිලි පෙළහරක් අන්තර්ගත මෙය අර්ථාන්විත ළමා ගීයකි. මේ වන විට මෙම ගීතය යූ ටියුබ් හරහා නැරැඹිය හැකිය.