වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




ආක්ශේ අමුතුම චරිතයක

ආක්ශේ අමුතුම චරිතයක

රජා ක්‍රිෂ්ණ මෙනූන් අධ්‍යක්ෂකවරයාගේ නවතම චිත්‍රපටය වන 'එයාලිෆ්ට්' (Airlift) මේ මස 22 වැනිදා තිරගත වීමට නියමිතයි. මීට පාදක වන්නේ 1990 ඉරාක - කුවේට් යුද සමයේදී කුවේටයේ කොටුවුණු ඉන්දියානුවන් පිරිසක් බේරාගැනීම පිළිබඳ කතා පුවතයි. 'Airlift' දේශපාලනය, රාජ්‍යතාන්ත්‍රික සබඳතා, රාජ්‍ය සේවය, ආදරය සහ ජාතිමාමකත්වය පිළිබඳ සාකච්ඡා වන බවයි ආරංචියි.

චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ ආක්ශේ කුමාර්. නිම්නත් කවුර් සහ පුරබ් කොහිලුත් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වනවා. ආක්ෂේ කියන විදිහට මේ චිත්‍රපටය ඉන්දියානුවන්ට තමන් ගැන ආඩම්බරය ඇති කරවන්නක්. ඔහු මෙහි රඟ දක්වන්නේ කුවේටයේ වෙසෙන ඉන්දියානු ව්‍යාපාරිකයෙකුගේ චරිතයක්. මෙම ව්‍යාපාරිකයා සිය පවුල සහ අනෙක් ඉන්දියානුවන් ආරක්ෂාකාරීව රටෙන් ඉවතට රැගෙන යාමේ මෙහෙයුම මේ චිත්‍රපටය ඔස්සේ රිදී තිරයේ දිගහැරෙන්නට නියමිතයි.