වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




වනගත වෙන්න හිතිලා

වනගත වෙන්න හිතිලා

ඔන්න උපාලි කන්නංගර වනගත වෙන්නට සූදානම් වෙනවලු. අප්පොච්චියේ මොකද දන්නේ නැහැ එයාට එහෙම හිතුණේ. කලා ලොවේ හිටියා ඇති කියලත් හිතෙනවලු. පොඩි දූගේ වගකීම්වලින් නිදහස් වුණ ගමන් උපාලි යනවලු භාවනායෝගීව ගත කරන්න. මේ වන විටත් තැනක් සොයමින්ලු ඉන්නේ. කොහොම වුණත් උපාලිට ළැදි කොයි කාටත් මේක ටිකක් කනගාටුදායක ආරංචියක් වනු නිසැකයි.

කලක් කණ්ඩායම් සංගීත කලාවේ පුරෝගාමී චරිතයක් වූ උපාලි ගිටාර් වාදකයකු ලෙස නමක් දිනාගත්තා. එපමණක් ද නොව ඔහු තනු නිර්මාණකරුවෙක් ද වුණා. පසුකාලීනව ගායනයට එක්ව ප්‍රසංග වේදිකාවේ නවමු වෙනසක් කළ උපාලි දිගු කාලයක නිහඬ චරිතයක් වුණා.

කොහොම හරි මේ ලෞකික දේවල්වලින් ඈත් වෙලා භාවනා කරන්න යන අදහසට නම් ගෙදර උදවියගෙනුත් වැඩි කැමැත්තක් නැතිලු. ඒත් උපාලි මොනවා කරයිද කියලා අපටත් හිතාගන්න බැහැ.