වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




බෑණා එක්ක යුග ගී නම් බෑ

බෑණා එක්ක යුග ගී නම් බෑ

මේ ළඟදී පැවැති නත්තල් උත්සවයකට එඩ්වඩ්, චරිතා යුවළ සමඟ චරිතගෙ ආදරණීය පියාණන් වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආරියදාස පීරිස් මහත්මයාත් ගිහිල්ලා. දැන් තුන් දෙනාම රජ තුන් කට්ටුව වගේ ඇවිත් එක ළඟ ආසන තුනක වාඩි වුණාලු. එතන හිටපු අයත් එක්ක තුන් දෙනා පොඩි චැට් එකකුත් දමාගෙන ඉඳලා.

ඒ පාටියේ වාදක මඩුල්ලත් වාදනය කරමින් ඉඳලා. ඔය අල්ලපනල්ලේ එඩ්වඩ් චරිතා යුවළ දුටු බෑන්ඩ් එකේ නිවේදකයා එඩ්වඩ්ට පළමුව ආරාධනා කරලා ගීතයක් දෙකක් කියන්න. එඩ්වඩ් අවට සිටි අයව කුල්මත් වෙන්න ගීතයක් කිව්වලු. එඩ්වඩ් වේදිකාවට අවා නම් චරිතත් එන්නම එපායැ.

ඉතින් ඒ හින්ද නිවේදකයා චරිතටත් ඇරැයුම් කරලා. ඒත් චරිතා අවේ නැහැලු වේදිකාවට. ඒ ඇයගේ උගුරේ පොඩි ආබාධයක් තිබුණු නිසාලු. ඒ ආබාධයට හේතුව නම් වැඩිපුර අයිස්ක්‍රීම් කාලා කියලයි අපිට ආරංචිය. කොහොම හරි චරිතත් අවෙ නැති එකේ නිවේදකයා දුටුවලු ඊට එහා පැත්තේ ආරියදාස පීරිස් මහත්තයා ඉන්නවා.

නිවේදකයා ඔහුගේ නම කියලා ක්ෂණයකින් නැඟී සිටි පීරිස් මහත්තයා කිව්වලු 'අපෝ මට එඩ්වඩ් ඒක්ක නම් යුග ගීත කියන්න බැහැ. ඒකට තමයි චරිතා ඉන්නේ කියලා. පීරිස් මහත්තයගේ කතාවට එඩ්වඩ්ටත් හිනා ගිහිල්ලා වේදිකාවෙන් බැහැලා ආවලු.