|
යළිත් මා සංගීත කටයුතු ඇරඹුවා
කලක් කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් වූ ක්ලැරන්ස් ෆර්ඩිනැන්ඩු සුපර් ක්ලෑන්, මනෝහරී ආදී සංගීත කණ්ඩායම් හි රිදම් ගිටාර් වාදකයා මෙන්ම නිත්‍ය ගායකයා විය. අනූව දශකයේ අග භාගයේදී කාර්යබහුල සංගීත ශිල්පියකු ලෙස නිරන්තරයෙන් ප්‍රසංග වේදිකාවේදී හමු වූ ක්ලැරන්ස් 2000 වසරේදී හදිසියේම විදෙස් ගතවන්නේ සියලු කලා කටයුතු අත් හරිමිනි. වසර පහළොවකට පසු ඔහු යළිත් මවුරටට පැමිණ සිටියි. මා විදෙස් ගත වුණේ මගේ පෞද්ගලික හේතුවක් මත. එතකොටත් මං ප්‍රසංග වේදිකාවේ සක්‍රීය චරිතයක්ව හිටියා. ඒ වගේම ජුපිටර්ස් නම් වූ මගේම සංගීත කණ්ඩායමක් තිබුණා. මේ සියල්ල අතහැර තමයි මං ජර්මනියට යන්නේ. එහිදීත් මං හැකි පරිදි සංගීත කටයුතුවල නියැළුණා. මොන දේ වුණත් මගේ හිත තියෙන්නේ ලංකාවේ. ඒ හින්දයි ලංකාවට ආව ගමන් සින්දු කිහිපයක් එකතු කොට සී. ඩී. එකක් කළේ. එහි ගීත දාහතරක් අඩංගුයි. ඒ ගීත එකතුව නම් කොට තියෙන්නේ මානෙල් මල සේ ලෙසින්.
නමුත් මං මෙය දවස් තුනක් පමණ රූගත කළා ඒ වීඩියෝව ලස්සනටම කරන්න ඕනෑ නිසා. මගේ ගම අලුත්ගම බේරුවල. රෝමාණු කතෝලික විදුහලෙනුයි අධ්‍යාපනය ලැබුවේ. මගේ පියා සිරිල් හියුබත් ෆර්ඩිනැන්ඩු. ඔහු ගමේ සංගීත මාස්ටර්. පියාගේ ආභාසය මට තිබුණා. ඒ හින්දයි මං ඒ පැත්තට යොමු වුණේ. මං නැවතත් ජර්මනියට යනවා. ඒ මගේ පෞද්ගලික ජීවිතයේ වැඩ කටයුතු සඳහා. මැයි මාසයේ ආයෙත් එන්න හිතාගෙන ඉන්නවා. නමුත් සංගීත කටයුතු යළි ආරම්භ කළ හින්දා ඊට කලින් එන්නත් බැරි නැහැ. මේ ගමනෙදි මට නිරන්තර ශක්තියක් වූ මගේ ඥාති ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතාව මතක් කළ යුතුමයි. ඔහුගේ ආශිර්වාදය මට ඉතාමත් වටිනවා.
|