|
සදා අමරණීයයි, ක්ලැරන්ස් ඔබ...ගායකයකු, ගී පද රචකයකු මෙන්ම සංගීත අධ්යක්ෂවරයකු ලෙස සිය ප්‍රතිභාව පළ කළ ක්ලැරන්ස් විජේවර්ධන සංගීතවේදියා දැයෙන් සමුගෙන පසුගිය 13 වැනි දිනට වසර 19 ක් සපිරුණි. අති දක්ෂ ගිටාර් වාදකයකු වූ ඔහු ‘මූන්ස්ටෝන්, ගෝල්ඩන් චයිම්ස් හා සුපර් ගෝල්ඩන් චයිම්ස්’ සංගීත කණ්ඩායම් සමඟ ගැයූ ඔහුගේ ගීත අතිශයින්ම ජනපි‍්‍රය විය.
‘සිකුරු ලියා, අපේක්ෂා’ චිත්‍රපටවලට ඔහු නිර්මාණය කළ ගීත අදටත් ඉතා ජනපි‍්‍රයව
පවතී. ගීතවල තිබූ මිහිරියාව රසිකයන් හද බැඳ ගැනීමට සමත් විය. සංගීත ලොවේ රජෙක් වූ
ක්ලැරන්ස් විජේවර්ධනයන් සදා අමරණීයයි. බදුල්ල, කන්දෙගෙදර, කිත්සිරි ගුණසේන කොළොන්නාවේ, විජේසිරි
කාලෝචිත ක්‍රියාවක්...
සිංහල දෙබස් කවා පෙන්වන විදේශීය ටෙලි නාට්‍ය දැන්වත් නවතා දමා (ඒවා කුණු කූඩයට දමා)
පළිඟු මැණිකේ වැනි අපේ උසස් ටෙලි නාට්‍ය කලාව පෝෂණය කිරීමට වග කිව යුත්තන් ඉදිරිපත්
වීම කාලෝචිත ක්‍රියාවකි. සුනිල් චන්ද්‍රසේකර යාගොඩමුල්ල, කොටුගොඩ
රසික කනගාටුව අශෝකට...
නාට්‍යවේදී අශෝක සෙනරත් මුදලිගේ මෑණියන් ගේ අභාවය වෙනුවෙන් රසික අප සැමගේ කනගාටුව
මෙයින් ප්‍රකාශ කර සිටිමු. අතුල රම්‍යසිරි පානදුර
තෙලි තුඩක අසිරිය...
සිංහල සිනමාවේ සහ ජාත්‍යන්තර සිනමාවේත් ජනාදරයට පත් සිනමා නිළි සබීතා පෙරේරා ගේ රුව
චිත්‍රයට නඟා අගය කිරීමට ලැබීම මා ලැබූ භාග්‍යයකි. ඊ. ඩී. ජයසිංහ නැලිගම, රාගම
ජයන්ත අමරණීයයි...
වෙළෙඳ සේවයේ ජනපි‍්‍රයම වැඩසටහන ලෙස ‘මතකයේ රැඳුන ගී’ සඳහන් කළ හැකිය. කලකින්
අසන්නට නොලැබෙන ඉතාමත් දුර්ලභ ගණයේ ගීත ප්‍රචාරය කිරීම ගැන ස්තුතියි. එය වසර
ගණනාවක් නොකඩවා ඉදිරිපත් කිරීම මත ජයන්ත පීරීස් ඔබ, සදා අමරණීයයි. ඔබට දීර්ඝායු
පතමි. ජයන්ත අමරතුංග පොළොන්නරුව
‘සරසවිය’ කර්තෘ මණ්ඩලයේ ශෝකය...‘සරසවිය’ කලා රසික කැලණියේ, දයාරත්න ගනේගොඩ ගේ දයාබර මෑණියන් ගේ අභාවය වෙනුවෙන් ‘සරසවිය’ කතුතුමන් ඇතුළු කර්තෘ මණ්ඩලයේ ශෝකය මෙයින් පුද කරමු.
සුභාවිත ගීතයේ රසය දෝරේ ගලයි...
සීතල කඳුකරයේ මීදුම ගලන සුන්දර කඳුයාය අතරින් සුළං රැල්ලක් සේ නිදහසේ ගලා ගිය
සුභාවිත ගීත රසය හපුතලේ චන්ද්‍රා වීරසූරිය හා රාණි වීරසූරිය සොයුරියන්ගේ සොඳුරු
නවාතැනේ දී ගුවන් විදුලියේ වෙළෙඳ සේවයේ, රුහුණු සෙවයේ, සරසවිය පුවත්පතේ රසික
රසිකාවන් ගේ සහභාගීත්වයෙන් රැය පහන් කරද්දී අපේ හද අරගත් සුභාවිත ගීත සවනත රැඳුනේ
ප්‍රවීණයන් හා සමකළ හැකි අයුරිනි. එවැනි සුරම්‍ය රාත්‍රියක් සඳහා අවස්ථාව සැලසූ
අම්බලන්ගොඩ රම්‍යාද සොයිසා සොහොයුරියට හා කහවත්තේ සුනිල් ධර්මදාස සොහොයුරාටත් වෙළෙඳ
සේවයේ රසික සංසදයේ ප්‍රණාමය. සමන් ගාල්ලගේ කැටපල, ගණේගොඩ
නව පරපුරක් හඳුන්වා ප්‍රසාද ලබා...
නිමාවට පත් වූ කොළඹ අන්තර්ජාතික සිනමා උලෙළේ දී තිරගත වූ ප්‍රසන්න විතානගේ ගේ
අලුත්ම චිත්‍රපටයේ රඟපාන, මීට පෙර දැක පුරුදු නැති විභීෂණ කුරේරා යන නමින් හඳුන්වා
දුන් රංගන ශිල්පියා දක්ෂ ශිල්පියකු බව නොඅනුමානය. මෙවැනි නව පරපුරක් හඳුන්වා දීම
පිළිබඳ ඔබට රසික අපගේ ප්‍රසාදය. බැප්ටිස් සල්ගාදු වයික්කාල
පැනයක් සමඟ කනගාටුවක්...
රොබින් ප්‍රනාන්දු කලාකරුවාණෙනි, ඔබ කුඩා කල දොරකඩ අස්න කියවූ බොදු බැති සිතක් ඇති
අයෙකු ලෙස අප අසා තිබේ. එහෙත් ඔබට අවුරුදු අසූවක් වුවත් දශක පහකට අධික කාලයක් රඟපෑම
ප්‍රධානව සිනමාවේ විවිධ අංශ තුළින් දක්ෂතා පෙන්නුම් කළත් විවිධ ගණයේ සම්මාන උලෙළ
කොපමණ තිබුණත් ඔබ නොසලකා හැර තිබීම රසික අපට පැනයකි, කනගාටුවකි. සරත් ලියනගේ රන්මුතුගල
‘ආදරයෙ කතාවක්’.....
පුංචි තිරය මත ‘ඕලු’ කතාවක් අශෝකා ගුණතිලක සුපිරින්ටන් ගම, අම්බලන්තොට
මෑත කාලයේ විශිෂ්ටම නිළිය...
මෑත කාලයේ අප දුටු නිළියන් අතරින් දුලීකා මාරපන විශිෂ්ට ලෙස තාත්වික රංගනය ඉදිරිපත්
කරන නිළිය බව පැවසිය හැකිය. ඇය රඟන සෑම ටෙලි නාට්‍යයක්, චිත්‍රපටයක් නරඹන්නට
පි‍්‍රය උපදවන බවද නොරහසකි. ස්වර්ණා මල්ලවාරච්චි හැරුණු කොට මා දුටු දක්ෂතම නිළිය
දුලීකායි. ‘සඳ අමාවකයි’ තුළින් දුටු ඇයගේ රුව එලෙසම රැක ගත්තානම් වඩාත් හොඳ බවයි
මගේ හැඟීම. කළ්‍යාණ ජයනෙත්ති මැටරඹ, උණවටුන
ග්‍රැන්විල් ඔබ සිත් තුළ සැරිසරයි තවමත්...
කලාකාමී රසික සැමගේ ආදරය, සෙනෙහස නොමදව දිනා සිටි, ජනවාරි 14 වැනිදාවක මරුවා ගෙන
ගිය ආදරණීය ග්‍රැන්විල් රුද්‍රිගු, ඔබේ ඒ සුන්දර රැඟුමත්, ගැයුමත් අපේ සිත් තුළ
තවමත් සැරිසරයි. අද ඔබ නැතත් ඔබේ සිනා පිරි මුව අපේ මතකයේ සදාකාලිකයි. ඔබේ ඒ
වේදනාකාරී වෙන්වීම අප දුකින් සමරමු මෙසේ. සුසිලා පතිරාජ පුබුදුගම, උස්වැටකෙයියාව
හොඳ පරපුරක් බිහිකිරීමට උර දෙමින්...
ඩ්‍රීම් ස්ටාර් හි කිරුළ දරා ගත් ජනිත් ඉද්දමල්ගොඩ පුතාට හදවතින්ම සතුට ප්‍රකාශ කරන
අතර, සුදුස්සාට සුදුසු තැන ලැබීම ගැන වඩාත් සතුටු වන බව කියමි. පාසල් ඉගෙනීමත් සමඟ
ඔබගේ සිහින සාර්ථක කර ගන්න ලැවොයි මම ඉතා ආදරයෙන් ප්‍රර්ථනා කරමි. ඒ අතරම හයවන
අදියර දක්වා විනිශ්චය මඩුල්ලෙහි රැඳී සිටි ප්‍රවීණ ගායක කීර්ති පැස්කුවෙල්
කලාකරුවාව ඒ අන්දමට දැකීම බොහෝ සතුටට කරුණකි. සංගීත ක්ෂේත්රයේ හොඳ පරපුරක් බිහි
කිරීමට ඔබ තිදෙනා වැනි ප්‍රවීණයන් තමා අවශ්‍ය වන්නේ. ඉන්ද්‍රාණි ආරියවංශ ගල්කිස්ස
දේවින්දට ප්රණාම...
දේවින්ද කෝන්ගහගේ නම් තරුණ අධ්යක්ෂවරයාගේ කුලුඳුල් චිත්‍රපටය වන ‘භව තරණ’ නොබෝදා
පැවති දිල්ලි අන්තර් ජාතික චිිත්‍රපට උලෙළේ දී හොඳම චිත්‍රපටය ලෙසින් සම්මානයට
පාත්‍ර වෙමින් රටට ගෙනදුන් කීර්තියට අප අධ්‍යක්ෂතුමාට ප්‍රමාණයත්, අපගේ සොම්නසත්
පුද කරන්නෙමු. ඩඩ්ලි ගෝමස් මොරටුව, කටුබැද්ද
ජාතික රූපවාහිනියට තුති...
දෙසැම්බර් 29 වැනි දින ජාතික රූපවාහිනියේ විකාශය කළ ‘රිදී නිම්නය’ ඉතා විශිෂ්ටයි.
පැරැණි නළු, නිළියන් පමණක් නොව මෑතක රඟපෑ නළු, නිළියන් පවා සහභාගි කරවාගෙන කළ එම
වැඩසටහන ඉතා හරවත් ය. පැරැණි චිත්‍රපට ගීත ද එම චිත්‍රපටවල තොරතුරු ද ඉදිරිපත්
කිරීම පිළිබඳ ජාතික රූපවාහිනියට මගේ ස්තුතිය පුද කරමි. දිනේෂ් ගුණසේකර මාතර
‘සුහද කොකා’ නිසා ගිරාට පැසසුම්...
හෙළ සිනමා ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනාධිපති සහ අගමැති ඇතුළු පාර්ලිමේන්තුවේ පක්ෂ
විපක්ෂ මැති ඇමැතිවරු වෙනුවෙන් චිත්‍රපට දර්ශනයක් සංවිධානය කොට ප්‍රදර්ශනය කිරීමේ
වාසනාව ගිරිරාජ් කෞෂල්‍යගේ ‘සුහද කොකා’ චිත්‍රපටයට හිමිවීම ගිරිරාජ් ලැබූ මහා
භාග්‍යයක් බවයි අපගේ හැඟීම. ඔබට අපේ සුබ පැතුම්. තිලකරත්න විල්වල සහ මැණිකේ විල්වල තටාකය පාර, කෑගල්ල
ප්‍රතිචාර සඳහා නවතම අංකයක් 0773124377 |