වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




විද්‍යා බාලන් සනීපෙන්

විද්‍යා බාලන් සනීපෙන්

පසුගිය දෙසැම්බර් 30 වනදා ජනප්‍රිය බොලිවුඩ් නිළි විද්‍යා බාලන් වකුගඩු ආබාධයක් නිසා රෝහල්ගත වුණා. කොහොම නමුත් ජනවාරි පළමු වැනිදා වන විට ඇය සම්පූර්ණ සුවය ලබා තිබෙන බවයි වාර්තා වන්නේ. සිය ස්වාමිපුරුෂයා - සිද්ධාර්ත් රෝයි සමඟ නව වසර උදාව සමරන්න විද්‍යාට නොහැකි වුවත්, ජනවාරි පළමු වනදාට යෙදී තිබුණු ඇගේ 38 වන උපන් දිනය සැමරීමට නිවසට එන්න ඇයට හැකිවුනා.

උපන්දිනය දවසේ නිවසේ හිඳීන්නට හැකිවීම ගැන ඇයට බොහොම සතුටුයි. තමාට සුවය පැතූ හැමෝටම ස්තූතිවන්ත වන බව විද්‍යා සිය ට්විටර් අඩවියේ සටහන් කර තිබුණා.