|
රෝහලේ ඉන්න රශිනිට සතුටක් ගෙනත්
ඉතින් ජගත් මේ ගීතය රශිනිට නිර්මාණය කරලා දුන්නා පමණක් නෙවෙයි. එහි රූප රචනයට ද සහභාගි වුණා. එහි අන්තිම දර්ශනය ලබාගන්න වෙනත් දර්ශන තලයකට යන්න වුණා. එහිදී රශිනිගේ පවුලේ අය වෙනම වාහනයකයි ගියේ. ඔය යන අතරතුරදී ගාල්ල අධිවේගී මාර්ගය අසලදී රශිනි ගිය වාහනය බරපතල අන්දමින් අනතුරකට ලක් වෙලා. සියලු දෙනාටම නොසෑහෙන්න ආපදා සිදු වෙලා. ජගත්ලා ඉතාම ඉක්මනට පිරිසව රෝහල් ගත කරලා. මේ වන විට රශිනිගේ පවුලේ සියලු දෙනා ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවාලු. ජගත් යුහුසුලුව එම රූප රචනාව සංස්කරණය කරලා රූපවාහිනී නාළිකාවන්ට දීලා. රශිනිගේ එකම කැමැත්ත වුණේ තමන්ගේ ගිතයක් ටී. වී. එකේ යනවා දකින්නලු. අනේ ඉතින් ජගත් රූපවාහිනියේ එම ගීතය විකාශය වන වෙලාවක තාක්ෂණික මෙවලම් භාවිත කරමින් එය පෙන්නලා. එය දැකලා ඇය ඉතාමත් සතුටට පත් වුණාලු. නමුත් රශිනි තවමත් රෝහලේ. ජගත් ඇතුළු මිත්‍ර කැල රශිනිට ඉක්මන් සුවය ලබන්න කියලා ආගමානුකූල වතාවත් සිදු කරනවාලු. |