වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




2015 දී හොම්බෙන් ගිය චිත්‍රපට

2015 දී හොම්බෙන් ගිය චිත්‍රපට

ගෙවී ගිය වසරේදී හොලිවුඩයේ සිනමා නිර්මාණ විශාල සංඛ්‍යාවක් රිදී තිරයේ දිග හැරුණා. නමුත් ඒ හැම චිත්‍රපටයකටම සාර්ථක වෙන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඇතැම් චිත්‍රපට ඉතාම කෙටි කාලයකින් ඉහළ සාර්ථකත්වත් ළඟාකර ගත්තද තවත් චිත්‍රපට කිහිපයක් වැඩිම අලාභ ලැබූ චිත්‍රපට අතරට එක් වුණා.

එකට හිටියත්

හැරී එඩ්වඩ් ස්ටයිල්ස් සුප්‍රකට One Direction සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක්. මේ වනවිට One Direction සංගීත කණ්ඩායම සහ ඔවුන්ගේ ගීත ලොවපුරා ඉහළ ජනප්‍රියත්වයක් හිමිකර ගැනීමට සමත් වී සිටිනවා. ඒ වගේම ඔවුන්ගේ ගීත විවිධ රටවල ජනප්‍රිය ගීත දර්ශක රැසක පෙරමුණට පැමිණියා.

ඒ වුණත් සංගීත කණ්ඩායමක සාමාජිකයෙක් තනිව ගීතයක් නිර්මාණය කිරීම ටිකක් විශේෂ වෙනවා. හැමෝම එකට වැඩ කරනවිට ඇයි එක් කෙනෙක් විතරක් වෙනස් වෙන්නේ. One Direction සංගීත කණ්ඩායමේ සිටියත් හැරී පසුගියදා ගීත නිර්මාණ කණ්ඩායමේ නම නොමැතිව පටිගත කරලා. එකක් නොවෙයි ගීත හතරක්.  Already Homes, Coco, Endlessly, 5378 Miles ලෙස මේ ගීත නම් කරලා. තම හඬ කණ්ඩායමෙන් වෙන්කර තනිව ගමනක් යාමට සැරසෙනවා දැයි කියා හැමෝම බලා සිටින්නේ විමසිල්ලෙන්. මීට පෙර One Direction  සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වූ සයිල් මලික්ද මේ අයුරින් කණ්ඩායමෙක් ඉවත්ව ස්වාධීනව තම සංගීත නිර්මාණ ඉදිරිපත් කරනවා.

දූ මං වගේමයි

අමෙරිකානු සහ කැනේඩියානු සම්භවයක් සහිත ඩ්වේන් ජොන්සන් රංගන ක්ෂේත්‍රයේ ජනප්‍රිය නළුවෙක් සේම මල්ලවපොර ක්‍රීඩාවේ සූරයෙක්. ඩ්වේන් ජොන්සන් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පිය පදවියෙන් පිදුම් ලැබුවේ දියණිය ජෙස්මින් නිසා. ඒ නිසා පසුගිය නත්තල ඩ්වේන්ට දෙවියන් වහන්සේ ලබා දුන් ප්‍රීතිමත්ම නත්තල වුණා.

නළුවෙක් වගේම මල්ලවපොර සූරයෙක් වුණත් ඔහු දැන් ගායකයෙක් කියලත් අපට ආරචියි. ඩ්වේන් ගී ගයන්නේ බිළිඳු දියණිය ජෙස්මින් වෙනුවෙන්. දියණිය වඩාගෙන ඔහු ඇය වෙනුවෙන් ගයන ගීතයක් අන්තර්ජාලයට එක් කරන්නත් අමතක කරලා නැහැ. තාත්තාගේ ගීතයට බිලිඳු ජෙස්මිනුත් අපූරුවට නැළවෙනවා. ඩානි ග්‍රාසියා සමඟින් වූ පෙර විවාහයෙන් ඩ්වේන්හට වයස අවුරුදු දහහතරක දියණියක් සිටිනවා.

අප හමුවීම වෙන්වීම දෝ

එක්වීම් වගේම වෙන්වීම් හොලිවුඩයේ ඉතාම සුලභ දෙයක්. අද එක්වෙලා හෙට වෙන් වෙන අය වගේම වෙන් වුනත් ආයෙමත් හමු වෙන අයත් නැතුවාම නොවෙයි. ජෙරමි රේනර් නව වසරේ උදාවත් සමඟම තනිකඩ ජීවිතයකට මුලපුරනවා. ජෙරමිගේ බලාපොරොත්තුව අලුත් අවුරුද්දේ අලුතෙන් තම ජීවිතය ආරම්භ කරන්නයි

අමෙරිකානු ජාතික නළුවෙකු වන ජෙරමි විවාහ දිවියට පත් වුණේ 2014 වසරේ ජනවාරි 13 වැනිදා. ඔහුගේ අත ගත්තේ කැනේඩියානු ජාතික මෝස්තර නිරූපණ ශිල්පිනියක වන සෝනි පැසේකෝ. ඒ වනවිටත් ඔවුත් දියණියකගේ මා පිය පදවි ලබලා. සෝනි දික්කසාද ලියවිලි ඉදිරිපත් කළේ 2014 වසරේ දෙසැම්බර් 30 වැනිදා.