|
නාට්‍යයට නැති පෝස්ටරයට ඇති ලසන්ත
ලසන්ත උඩුකුඹුර කියන නමින් මෙයාව වැඩි දෙනෙක් හඳුනන්නේ නම් නැහැ. හැබැයි උතුම් පැතුම්හි ෆේස් බුක් හෙවත් තිලක් කියලා කිව්වොත් . . . නොදන්න කෙනෙක් නැහැ. අනේ ඉතින් අපූරුවට රඟපපා ඉන්න ලසන්ත අපහසුතාවයට පත් වෙන දෙයක් වෙලා. කතාව සහසුද්ධියෙන්ම කිව්වොත් මෙහෙමයි. ලසන්ත රඟපෑවා සුනිල් ශ්‍රීගේ ඉලන්දාරි වේදිකා නාට්‍යයේ. කාලයක් තිස්සේ ඔහු ඊට සම්බන්ධව වැඩ කළා. නමුත් අතිශය පෞද්ගලික කාරණාවක් මත ලසන්ත ඉලන්දාරි නාට්‍යයෙන් අයින් වුණාලු. හැබැයි තමත් රට පුරා නොයෙක් තැන්වල ඇලවෙන ඉලන්දාරි පෝස්ටරේ ලසන්තගේ රුව තිබෙනවාලු. ඔහු තමන්ගේ රුව අයින් කරන්න යැයි කියලා සුනිල්ට කිහිප වතාවක්ම කියලා. කලින් ප්‍රින්ට් කරපු පෝස්ටර් තොගයක් තියෙනවලු. ලසන්ත හිටියයි කියලා ඒක විසික් කරන්න බැහැ කියලා සුනිල් කියනවලු. එක අතකින් ඔහුගේ පැත්තෙන් එය සාධාරණයි. කෙසේ වෙතත් ඉලන්දාරි පෝස්ටරේ ලසන්ත හිටියට නාට්‍යයේ ලසන්ත නැති බව ලසන්තම අවධාරණය කරනවා. ඒ හින්දා ඉලන්දාරි නරඹලා ලසන්ත නැහැයි කියලා තමන් චෝදනා කරන්න එපා කියලයි ඔහු පවසා සිටින්නේ. |